web 2.0

Tuesday, August 2, 2011

බ්ලොග්කරණයේ සාර්ථක වන්නේ සිතීම හා ලිවීම අනුවයි.

බ්ලොග්කරණයේ සාර්ථකත්වය ගැන මම ටිකක් මේ දවස් වල ටැස්ටිං පාරක් දැම්ම.මොකද අපේ ලියන සමහරු කමෙන්ට්ස් නැ,හිට්ස් නැ කියල මේ ගැන කලකිරිල ඉන්න නිසා.
මුලින්ම මේ බ්ලොග් එක ගැන කියන්නම්.කෝපි කඩේ බ්ලොග් එක පටන්ගෙන අදට දවස් 740 ක් වෙනව.ලිපි 251ක් [මේක නැතුව.]හිට්ස් 468XX ක්.සිංහල බ්ලොග් එකක් උනත් සාපේක්ශව බලද්දි අසාර්ථක බ්ලොග් අඩවියක්.
ලිපි 251 න් 230 ක් විතරම මම ලියපු ඒව නිසා මම ලියන දේ මොකක් හරි අවුලක් ද කියල බලන්න මම පටන් ගත්ත කාටවත්ම නොකියා බ්ලොග් එකක්.
"බෙලෙකා" කියන නමින් wordpress වල බ්ලොග් එකක් අටවගෙන, අවුරුදු 26 ක තරුනයෙක්ගෙ චරිතයකට ඇන්ද.
අන්න එතනදි මම සාර්ථක සහ මට මගහැරුණු දේවල් ටිකක් මම ඉගෙනගත්ත.ඒ බ්ලොග් එකේ පෝස්ට් 8 ක් විතර ලියල මම බුකියෙ කීපදෙනෙක්ට මම කවුද කියල කිව්ව.සමහරු විස්වාස කලේ නැහැ එකපාරටම.
බනී,ප්‍රමුක,කිඩෝ ඒ අයගෙන් සමහරු.
එතනින් ඔප්පු වුනා ලියන දේ කියවන කෙනාට දැනෙන්න,හොඳ විදියකට ඉදිරිපත් කලාම එතනට කියවන්නන් ගලාගෙන එනව කියන එක.
ඒ නිසා ඔයාලත් හිට්ස් මදි හෝ කමෙන්ට්ස් මදි කියල හිතන්නෙ නැතුව අලුත් විදියකට ලියන දේ ලියන්න.ඔයාල අනිවාර්යයෙන්ම සාර්තක බ්ලොග්කරුවන් අතරට එක්වේවි.

කුරුමා අවුරුදු 26 ක බෙලෙකා ට ඇඳ හැටි මෙතනින් ගිහින් බලන්න.

3 ප්‍රතිචාර:

රත්ගමයා said...

හික්..මම නම් එලිකරන්නේම නෑ...එලි කරොත් පටි රෝල්...ඒක නිසා බොලා මාව දන්නේ රත්ගමයා යන නමින් විතරයි..කෙල්ලෙක්ගේ නමින් වත් වෙන නමකින් වත් මාව දැන ගන්න ඕන නෑ..
හික් හික්...හොයපන් :)

සාටර් said...

හුටා..බෙලෙකා උබද? :ඕ
@ රත්තා - උබ බ්ලොගයක් කරනවනම් ඒක හොයන්න ලේසියි..මොකද බ්ලොගයෙ අනිවා කුප්ප කන්ටෙන්ට් එකක් ඇති :ඩී

සූරියා said...

ස්තූතියි බෙලෙකා. මගේ බ්ලොග් එක www.suriyagedinapotha.blogspot.com

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න