web 2.0

Thursday, July 7, 2011

Free Web Hosting යනු?




කාලෙකින් ලියන්නත් බැරි උන එකේ අද මම ලියන්න හිතුවේ Free Web Hosting කියන්නෙ මොකක්ද කියන එක.මමත් මේක ගැන පරතරේකටම දන්නෙ නැ.දන්න ඒවත් සමහර විට වරදින්න පුලුවන්.නමුත් කිසිම දෙයක් නොදන්න කෙනෙක්ට මේක කියවල දළ අවබෝධයක් හරි ගන්න ලැබෙනවනම් ඒක වටීවි.මම වැරදි දෙයක් සටහන් කරල තියෙනව නම් දන්න කෙනෙක් කමෙන්ට් එකකින් මාවත් දැනුවත් කරන්න.
Free Web Hosting වලට කලින් අපි කතා කරමු Web Hosting කියන්නෙ මොකක්ද කියල.අපට මේ සේවාව මූලිකවම අවශ්‍ය වෙන්නෙ වෙබ් අඩවියක් කරනකොට.හිතන්නකො අපි අලුතෙන් වෙබ් අඩවියක් නිර්මාණය කරනව අපේ පරිගණකයේ තියාගෙන.අපි පරිගණකයේම වෙබ් ගවේශකයෙන් (Web Browser) එකෙන් ඒ අඩවිය නරඹනව.හිතුනද Web Browser එකෙට ඒ සයිට් එක ලෝඩ් වෙන්නෙ කොහෙන්ද කියල?එතනදි Web Browser එකෙන් අදින්නෙ ඔයාගෙ පරිගණකයේම තියෙන සයිට් එක.
නමුත් අන්තර්ජාලයට එහෙම කරන්න බැ.මොකද ඔයාගෙ පරිගණකය පැය 24 ම අවුරුද්ද පුරාම එක දිගට වැඩ කරවන්න බැරි නිසා.(කාර්මික දෝෂ,විදුලි ඇනහිටීම්,අන්තර්ජාල සම්ම්බන්ධතාවයේ අවහිරතා වගේ ගැටලු නිසා.)
අන්න එතනදි තමයි අපට Web Hosting ඕන වෙන්නෙ.මේ සේවාව ආයතන රාශියකින් ලබාදෙනවා.එයාල ඒ සඳහා විශාල මූලික වියදමක් කරලා විශේෂිත Server පරිගණක,අධිවේගී අන්තර්ජාල සම්බන්ධතා,විදුලි ඇණ්හිටීම් වලට ලැස්ති වෙලා තමයි කටයුතු කරන්නේ.
ඉතින් ඒ Server පරිගණක වල හාඩ් ඩිස්ක් එකෙන් යම් කිසි ඉඩක් ඔයා හදන සයිට් එකට වෙන්කර ගැනීම තමයි Web Hosting වලදි සිද්ධ වෙන්නෙ.ඔයා ගන්න ඉඩ ප්‍රමාණය සහ එයාල දෙන සේවාව මත ගාස්තුව තීරණව වෙනවා.ඒ වගේම ඔයාල ඒ මිලදී ගන්න ඉඩ ප්‍රමාණයට Upload කරන ඩේට ඒ කම්පැණිය සතු Servers ගානකටම යනව.ඒ කියන්නෙ එක Server එකක් අක්‍රීය උනත් වෙන එකකින් ඇදල හරි වෙබ් අඩවිය නරඹන්නන්ට ලෝඩ් වෙනවා.
Free Web Hosting කියන්නේ මම ඔය ඉහතින් කියපු සේවාව නොමිලේ දෙන එක.එතනදි නම් මුදල් දීල ගන්න එකක තරම්ම පහසුකම් හම්බෙන්නෙ නැ.සයිට් එක ටෙස්ටිං වගේ දාන්න නම් අවුලක් නැ.නොමිලේ දෙන සමහර සේවා නියමිත කාලයක් විතරයි වලංගු.(මාසයක් වගේ කාලයක් බොහෝවිට.ඊට පස්සෙ ඔයාලගෙ Site එක එයාල Server එකෙන් ඉවත් කරනව ඔයා එයාලගෙන් මුදල් ගෙවල සේවාව ගත්තෙ නැත්නම්.)
මමනම් Free Web Hosting දෙන සයිට් ගැනනම් වැඩිය දන්නෙ නැ.නමුත් http://zymic.com/ කියන එකෙන් ලබාදෙන සේවාව මගේ ගුරුතුමෙක් භාවිතා කරනව.එයා කිව්ව විදියටනම් ඒක හොඳයි.මාසෙකින් Site එක ඉවත් කරන්නෙත් නැ.
අඩුපාඩු තියෙනම් කියන්න.මේක ලියන්න හේතු උනේ Online හෙල්ප් ගෲප් එකේ කෙනෙක් අහපු ප්‍රශ්නයක්.

13 ප්‍රතිචාර:

සරත් ලංකාප්‍රිය said...

බොහොම ඉස්තුතියි අපි වගේ මේ කෙරුවාව ගැන මෙලෝ හසරක් නොදන්නා අයට ඔබේ ලිපිය බොහොම වැදගත්.

DBL said...

මූලිකා කාරණා දැන ගන්න හොඳ ලිපියක් , මාසයකින් ඉවත් නොකරන ෆ්‍රි හොස්ටින් ඔනැ තරම් තියෙයි . ටෙස්ටින් වැඩවලට මේවා හරිම ප්‍රයෝජනයි

coolchiran said...

ගොඩක් වැදගත් post එකක්...

පන්සල් හංදිය said...

වැදගත් ලිපියක් .....
හොඳයි තව ලියන්න .....

සාටර් said...

http://000webhost.com/
http://phpnet.උස්/
ඕන් ඕව මාත් යූස් කොරනව...කිසි ගින්නක් නැතුව වැඩ...මාසෙකින් අයින් කරන්නෙ නෑ..

Admin said...

freewebhostingarea.com
මේක පට්ට.

Yasantha Hennayake said...

නියම ලිපිය.. මං දැනන් හිටිය නැති දෙයකුත් ඉගෙන ගත්තා.. පට්ට

Dilanka Madhawa said...

@ සරත් අංකල්-දන්න දේ නොදන්න අයට කියල දෙන එක මගේ යුතුකම නේ.මේ පැත්තෙ ආවට ස්තූතියි.

Dilanka Madhawa said...

@ DBL -මේ පැත්තෙ ආවට ස්තූතියි.

Dilanka Madhawa said...

@ Chiran - ස්තුති සහෝ මේ පැත්තෙ ආවට

Dilanka Madhawa said...

@ පන්සල් හංදිය - ස්තුතී :)

Dilanka Madhawa said...

@ චාටර් , ලකී -මේ පැත්තෙ ආවට තැන්කූ වේවා

Dilanka Madhawa said...

@ චතූ- උඹ නොදන්න දේකුත් මේකෙ තියෙද බොල.කොහොම හරි මේ පැත්තෙ ආවට ස්තුතියි.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න