web 2.0

Thursday, July 28, 2011

මොනවද මේ Fevicon කියන්නෙ?

බොහොම කෙටි ලිපියක් උනත් බොහොමයක් අය නොදන්න යමක් ගැන කියාදෙන්න හිතුන අදත්.මේ කියන්න යන්නෙ ෆෙවිකොන් [Fevecon] ගැන.
ඇත්තටම මොනවද මේ ෆෙවිකොන්?මේවයින් මොකක්ද වෙන්නෙ?ඉන්නකො එකින් එක කියල දෙන්න.
ෆෙවිකොන් කියන නමින් හඳුන්වන්නේ වෙබ් සයිට් එකේ නමත් එක්ක ටැබ් එකේ සහ ඇඩ්‍රස් බාර් එකේ වැටෙන පින්තූරෙ.හරියට මේ වගේ.

 ඔන්න ඔය රතුපාටින් ලකුණු කරල තියෙන්නෙ ෆෙවිකොන්ස්.

දැන් තේරෙනව නේද දන්න දෙයක් ගැන නොදන්න යමක් තමා මේ මනුස්සය මෙච්චර වෙලා කියල තියෙන්නෙ කියල.
දැන් එකපාරටම මේක මූට මතක් උනේ මොකද?අන්න ඒ අද මම කාලෙකට පස්සෙ බ්ලොග් එකේ ඩිසයින් විව් එකට ගියහම දැක්ක මෙන්න මෙහෙම තැනකින් අපේ බ්ලොග් එකේ ෆෙවිකොන් එකත් ලේසියෙන්ම මාරු කරන්න පුලුවන් කියල.

 ඔන්න ඔය තැනින් තමා ඔය මම මගේ බොලොගේ කලා වගේ ෆෙවිකොන් එක වෙනස් කරන්න හැකියාව ලැබිල තියෙන්නෙ.ඉස්සර නම් ඕක වෙනස් කරන්න Edit HTML ගිහිල්ල සෙල්ලම් ගොඩක් දාන්න ඕන වැඩක්.ඔන්න දැන්නම් නතිං.
අප්පට සිරි....මේ මනුස්පය මේ ගින්දර වගේ ෆෙවිකොන් එකක් දාගෙන තියෙන්නෙ.මූ මාර ක්‍රියේටිව් නේ.කොහොමද මේක හදාගන්නෙ? කියන ප්‍රශ්නය හිතට ආවනම් මෙන්න විසඳුම.
අපට නොමිලේ ෆෙවිකොන් ගන්න සයිට්ස් තියෙනව.නැත්නම් මම කලා වගේ ගූගල් දෙයියන්ගෙන්
[අවශ්‍ය තේමාව] Fevicons කියල ඉමේජ් සර්ච් පාරක් දාගෙන එන ඉමේජ් එක මැසිමෙ සේව් කරගෙන අතනට අප්ලෝඩ් කලානම් හරි.
ආ තව එකක්.මේ ෆෙවිකොන් එක දැම්ම ගමන් සුටුස් ගාල වෙනස් වෙන්නෙ නැ.ටිකක් වෙලා යනව.මගේ එකේ ෆෙවිකොන් එක වෙනස් වෙන්නත් පැය 4 ක් 5 ක් ගියා.
මෙන්න නොමිලේ ෆෙවිකොන්ස් දෙන සයිට්ස්.

14 ප්‍රතිචාර:

Anonymous said...

දැන් බ්ලොගර් වල ඇතුලද වෙනස් නෙව... ඉතින් ඒකේ මේ කියන පැවිකොන් ඇඩ් කරන්න යන්න ඕනි පාර කොහොමද?

Dilanka Madhawa said...

Design--->Page Elements

Anonymous said...

ක්ෂණික පිළිතුරට තුති... ඉන්න බලන්න...ම්ම්..

Anonymous said...

ම්හ් ...එහෙම එකක් නැහැ නේ...Overview

ඔයාගේ ලිපියෙ තියෙන දෙවන පින්තූරය විදිහට සෙටින්ස් තිබ්බෙ ඉස්සර බ්ලොගර් වල. දැන් මගේ බ්ලොගර් වෙනස් වෙලා....

Dilanka Madhawa said...

@ සො.සි.-මගේ තාම තියෙන්නෙ මෙහෙම අක්කේ.ඒකෙ ඔය රූපෙ තියෙන තැන ෆෙවිකොන් මාරු කරන ෆැසිලිටිය තියෙනව

Anonymous said...

හ්ම්...ස්තූතියි මල්ලි...

Dilanka Madhawa said...

http://www.tothepc.com/archives/how-to-add-or-change-favicon-in-blogger-blog/

චතුර.... said...

ඕක හරි යන්න පැය දෙක තුනක් යනවා තමයි..

රත්ගමයා said...

අනේ!!!....උඹත් දන්න දේවල්... :O
උඹව හුරතලේට ඇතිකරන්නමයි හිතෙන්නේ

සාතන් said...

අයි‍කන් ඉමේජ් එක සිලෙක්ට් කරල දුන්නහම Not a square image කියල එර්ර් එකක් එනවනෙ

Dilanka Madhawa said...

@ රත්තා - අනේ පල පල යන්න

Dilanka Madhawa said...

@ සාතන් - ඒ පින්තූරෙ රෙසුලූශන් ගැලපෙන්නෙ නැතුව ඇති.එක්කො ෆෝමැට් එකේ අවුලක් ඇත්තෙ

coolchiran said...

ගොඩක් thankz වෙන්ඩ ඕන වෙඩේට,එලකිරි...:D

සහන් සටහන් said...

අයියෝ... දැන් බ්ලොගර් ඒක ලේසි කරලා... ඉස්සර අපි එක අස්සෙ LINK REL="SHORTCUT ICON" HREF="http://www.url.com/name_of_icon.ico"කියලනෙ ඕක දැම්මේ..

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න