web 2.0

Tuesday, July 26, 2011

අලුත් බ්ලොග් ලියන්නන්ට ලියමි.

කාලෙකින් ලියන්න ආවෙ.මේ ලිපියනම් ලියන්නෙ බ්ලොග් කෙරුවාවට එන අලුත් අයට.මේ බ්ලොග් කෙරුවාවෙ මම ලබපු අත්දැකීම් ඔයාලට ඔයාලගෙ බ්ලොග් සාර්ථක කරගන්න උදව් කරගන්න ලැබෙයි කියල හිතනව.
ම්ම්ම්...කොහෙන්ද පටන් ගන්නෙ.අහ්...මේ ලිපිය ලියන්න මුල් වෙච්ච හේතුවෙන්ම පටන් ගන්නම්.
සමහර බ්ලොග් ලියන සහෝදරයො තමන්ගෙ බ්ලොග් එකට කමෙන්ට්ස් නැති නිසා හෝ හිට්ස් නැති නිසා කියන කාරණේ නිසා බ්ලොග් කෙරුවාවෙන් ඉවත් වෙනව කියල ලිපි දාල තිබ්බ.
එහෙම දාපු එක ලිපියකට මම දාපු කමෙන්ටුවක් තවත් ගොඩක් බ්ලොගර්ස්ල සනාථ කරල තිබ්බ නිසා ඒ කතාවම උපුටා දක්වල ඉන්නම්.[ඒ කමෙන්ට් එක ඒ අදාල ලිපියට ලියපු නිසා සමහර තැන් ගැලපිල්ලක් නැ වගේ පෙනෙයි සමහරවිට.]

කුරුං ගුරුං said...
අපිටත් ඔහොම හිතිච්ච කාලයක් තිබ්බා.ඒත් ඔහොම කලේ නැහැ.තව ලියන්න.ගුණත්මක බව වැටිකර ගන්න...එක එක අංශ වලට අදාල වෙන්න ලිපි දාන්න.ඒ වගේම ඒ අතරෙදි බලන්න මොනවද වැඩියෙන්ම හිට් වෙන්නෙ කියලා.ටික දවසක් යනකොට ඉබේම හරියාවි.වැඩිය පින්තූරම දාන්න එපා.කියවන්න වටින,විනෝදාත්මක දේවල් දාන්න..
හොඳම එක-අනිත් අයගේ බ්ලොග් එක්ක ඔයාගේ එක කම්පෙයාර් කරන්න යන්න එපා.එහෙම උනොත් ඔයාට බ්ලොග් ලිවිල්ල තව එපා වෙනවා...ඔයා ඔයාගේ බ්ලොග් එක හොඳට කරන්න...නිකන්ම විසිට්ස් වැටේවි. 
මමනම් පුද්ගලිකව පින්තූර බලන්න බ්ලොග් වලට යන්නේ නැහැ.ගොඩක් අයත් එහෙම ඇති.හිනාවෙන්න දෙයක්,අලුත් දෙයක් ලියන්න... 
  
දිනේශ් දීපාල් said...  
 
මිත්‍රයා අපි ලියන හැමදේම අනික් කෙනාට වැදගත් හෝ ප්‍රියනොවෙන්නට ඉඩ තියෙනවා. ඔයාටත් වැඩිය ඒ ගැන අත්දැකීම් මට තියෙනවා. මම ලියන හැම ලිපියකටම හොද hits ලැබෙන්නේ නැහැ. සමහර අඩු වෙහෙසකින් ලියන ලද ලිපි වලට ඉහල පාඨක අවධානය ලැබෙද්දී හොදට දවස් ගණනක් මහන්සිවෙලා ලියන ලිපි සමහර වෙලාවට එදා දවසෙන් පස්සේ කවුරුවත් බලන්නේ නැති අවස්ථා එමට තියෙනවා. අපි‍ට හැමදාම ගුණාත්මකබවෙන් ඉහලම ලිපි ලියන්න හැකියාව ලැබෙන්නෙත් නැහැ. ඒක නිසා කුරුං ගුරුං මුලින්ම කියල තියෙන අවවාද උපදෙස් ඉතාම වටිනවා. මමත් ඒකට තව පොඩි කාරණයක් එකතු කරන්නම් එක්කෙනෙකුට හිනා යන දේ තව කෙනෙකුට හිනා නොයන්න පුළුවන්. ඒක නිසා හිනා යන දේවල් ගැනම බ්ලොග් සටහන් පල කරන්නේ නැතුව වෙනස් වෙනස් කාලීන මාතෘකා හා පාඨකයන් වැඩිපුර බලාපො‍රොත්තුවෙන්නේ මොනවගේ දේවල් වලටද කියල අවධානය යොමුකරන්න...
 

ඔය තියෙන්නෙ ඒ පෝස්ට් එකට මගෙන් සහ දිනේශ් කියන සහෝදරයගෙන් වැටිච්ච කමෙන්ටු දෙක.ඔය කමෙන්ටු දෙකේ මම මේ කියන්න යන කාරණා ගොඩක් සඳහන් වෙලා තියෙනව. 

1.තමන්ගේ බ්ලොග් එකට අනුන්ගෙ ලිපි[බ්ලොග් අඩවි වල තියෙන ඒව.] දාන්න එපා.


ඔයා කෙනෙක්ගෙ පෝස්ට් එකක් කොපි කරල දානව කියන්නෙ ඔයාගෙ බ්ලොග් එකට විතරක් නෙවේ ඔයාගෙ නමටත් කැළලක් ඇති කරගන්න වැඩක්.ඒ නිසා ඔයාගෙම නිර්මාන දාන්න.

2.ගුණාත්මක බව වැඩි දෙයක් ලියන්න.
බ්ලොග් එකට පෝස්ට් ලියද්දි ඒක කියවන කෙනාට වැදගත්,බ්ලොග් එකට ආව එක පාඩුවක් නෙවේ කියල හිතෙන පෝස්ට් එකක් දාන්න.ජීවිතේට යමක් ගන්න,විනෝදය ලබන්න,අලුත් දෙයක් දැනගන්න,කල්පනා කරන්න වගේ දේවල් දාන්න.


3.පොටෝ වලින් ඉදිරිපත්කිරීම් අඩු කරන්න.
ඒ හරුපෙන් කිව්වෙ ඔයාගෙ බ්ලොග් පෝස්ට් හැම එකක්ම පෝටෝ ටිකක එකතුවක් නැතුව,යමක් හිතල ලියන්න.[පොටෝ කතා අඩු කරන්න.] 
4.තමන්ගෙ බ්ලොග් එක අනෙක් බ්ලොග් එක්ක සංසන්දනය කරන්න එපා. 
වෙන බ්ලොග් වලට දවසකට මෙච්චර විසිට්ස් වැටෙනව.මට මෙච්චරයි කියල හිතල ලියන එක නවත්තන්න එපා.අද එච්චර හිට්ස් වැටෙන බ්ලොග් උනත් පටන් ගන්න දවස් වල ඔයාලට තරම්වත් හිට්ස් තිබුනෙ නැතුව ඇති.[සාපේක්ශව සිංහල බ්ලොග් කියවන පාඨකයන් ගනන දිනෙන් දිනම වැඩි වෙනව.] 
5.බ්ලොග් එක සින්ඩි වලට දාගන්න. 
මේ වැඩේ බ්ලොග් ලියන්න ආව දවසෙම කරන්න බැරි වෙයි.නමුත් ලිපි 5ක් 6ක් වගේ පල කලාට පස්සෙ ඔයාගෙ බ්ලොග් එක සින්ඩි වලට දාන්න ඉල්ලුම් කරන්න.දැන් වෙනකොට සිංහල බ්ලොග් කියවනය,ලාංකීය බ්ලොග් කියවනය,හත්මාලුව,දෙරණ FM එකෙන් කරන සිංහල බ්ලොග් කියවන Bla Bla Bla....... වගේ ගොඩක් සින්ඩි තියෙනව.ඒවයින් ඔයාල උදව් ගන්න. 
ඔයිට අමතරව බ්ලොග් ලියන්න හොඳ අදහස් ගන්න සහ සමීක්ශණයක් කරන්න අනෙක් බ්ලොග් අඩවි වලටත් යන්න.මෙන්න මේ අඩවි මම ගොඩාක් කියවන,ඉන්ට්‍රස්ට් අඩවි.කැමතිනම් පරණ පෝස්ට් එහෙම බලල,මොනවගේ පෝස්ට් වලටද හොඳට හිට්ස්,කමෙන්ට්ස් තියෙන්නෙ කියල අඳුන ගන්න.හැබැයි කොපි කරන්න යන්න එපා.

මාරයාගේ හෝරාව

රත්ගමයා 
අපරාජිතයා:::Aparajithaya
ගෝල්ඩ් Fish ගේ Blog ටැංකිය 
කොට ජීවිතේ

ඔය උඩි දැම්මේ මම ආස කරන එව්වයින් ටිකයි හොඳේ.අනිත් අයගෙ එව්වත් වෙලාවක මම ගානට දාන්නම්කෝ.[හා හා නාඬා හිටපන්.මම ලඟදිම ඇඩ් දාල ලිපියක් දානව.නොමිනේශන් කමෙන්ට් වලින් මේ පෝස්ට් එකේ ම දාන්නකෝ.]

හැබැයි ඔය මොක කලත් පුතෝ මෙන්න මෙහෙම එකක් තියෙනව.ඔයා ඔයාගෙ බ්ලොග් එක තමන්ගේ ට්‍රැක් එකේ හොඳ තත්වෙන් කරනව නම් නිකන්ම තමන්ගේ ට්‍රැක් එකට ආස කරන කියවන්නො ටිකක් එකතු වෙනව.
එහෙනම් හොඳ නරක කියලම යන්නකෝ.

43 ප්‍රතිචාර:

සාතන් said...

අනිවාර්යෙන්ම... මමත් ලියන්න ගත්ත මුල් දවස් වල ලේසියෙන් කෙනෙක් මගේ අඩවිය පැත්තට එන්නෙ නෑ... (දැනටත් වැඩිය නෑ ඉතිං)

පස්සෙ හිතාගත්ත කවුරු කියෙව්වත් නැතත් දාන්න තියෙන ටික දානව කියල... දැන් ටිකක් ෂේප්..

Unknown said...

අනිවා අනිවා කතාව නම් සහතික ඇත්ත...මගේ කතාවත් මම ලාවට වගේ කිව්වට අවුලක් නැහැනේ.. :)

මම ඉස්සෙල්ලාම බ්ලොග් එකක් කරන්න ගත්තේ ඇඩ් සෙන්ස් එකෙන් සල්ලි හොයන්න කියලා..කඩ්ඩ බ්ලොග් එකක් පටන් ගත්තේ.කොහෙද ඉතින් (අ)වාසනාවට ද මන්දා වැඩේ ජෝන් බාස් ට ගියා.හිකිස්‌..ඔය අතරේදී ඉතින් අනිත් අයගේ බ්ලොග් කියවනකොට ඒවලට වැටෙන කමෙන්ට්ස් දැක්කම මටත් හිතුනා මගේම දේවල් කියවෙන බ්ලොග් එකක් පටන් ගත්තොත් හොදයි කියලා...ඔන්න ඔහොම තමයි මගේ බ්ලොග් කෙරුවාව පටන් ගත්තේ..

මහ ලොකු කාලයක් බ්ලොග්කරණයේ නොයෙදුනාට මෙ ටික කාලෙට මම මට දැනෙන විදියට හොද තැනක ඉන්නවා කියලා හිතෙනවා.. :)

හිට්ස් , කමෙන්ට්ස් කියන දේවල් බ්ලොග් ලියන කෙනෙක්ව ගොඩක් දිරිමත් කරනවා තමයි හැබැයි ඒවා මහා ලොකුවට නොලැබුණා කියලා ගොඩක් දුක් වෙන්න යන්න ඕන නැහැ..

අලුතින් එන කෙනෙක් කොපි නොකර තමන්ගේ දේවල් /අත්දැකීම් ලියනවා නම් එයාට ඉදිරියට යන්න පුළුවන් කියන එක තමයි මගේ අදහස.

දේව් ගේ අඩවිය said...

මගේ බ්ලොග් එකට පටන් ගත්තු දවස් වල ආපු ප්‍රමානය මගේ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්... ඇත්තටම අද මට සතු‍ටු වෙන්න පුලුවන් තත්වක ඉන්නවා.... ඒ දේට ගොඩාක් බ්ලොග් කියවන අය උදව් කරලා තියනවා... අලුත් අයට අත දෙන්න. උපදෙස් දෙන්න තරම් මම පරිණත නැ... එත් ඔයා කියපු ඒවත් එක්ක 100%ක් එකගයි....

මගේ බ්ලොග් එකට ආපු පලවෙනි 2,3 අතර ඔයත් උන්නා දැන් එන එක පොඩ්ඩක් අඩු උනාට

සාටර් said...

සිරාවට බන් මාත් ලියන්න පටන් ගත්තට මොකෙක්වත් කියෙව්වෙ නැති උනත් දැන් නම් පොඩ්ඩ පොඩ්ඩ හිට්ස් තියෙනව...
කට්ටිය කියවන්න කැමති ඒව ලියන්න ඕන ඉතින්..
එතකොට හිට්ස්/ෆලෝවර්ස්ල ගැන වද වෙන්න දෙයක් නෑ..
තවත් එකක් බ්ලොග් ලියල විතරක් මදි..අනිත් අයගෙ බ්ලොග් කියෝල කොමෙන්ට් දාන්න ඕනෙ..එකත් හිට්ස්/කොමෙන්ට් වැටෙන්න බලපානව.

෴ වේලාව ලගයි ෴ said...

ඔය කියන කතාව හොදටම මට නම් හරියනවා....
මොකද මාගේ බොලොග් කෙරුවාව තවමත් දවස් 5...කට වැඩ් නැ මම දැම්මේ ලිපි 3 ප්‍රතිචාර ගොඩක් හොදයි....
ව්ශ්වාස කරන්න එක පෝස්ට් එකටවත් "පින්තුරයක්"දැම්මේ නැ හැබැයි මම හොදටකරගෙන යනවා..
ඉතින් "කොපි කඩේ "දාපු මේ පොස්ට් එක අපි වාගේ අලුත් කට්ට්යට හොද ආදර්ශයක් වේවා කියා මම පතනවා.......

Ishara ( DarKneT ) said...

සේම් හියර්, මගෙත් පලවෙමි බ්ලොග් එක පටන් ගනිද්දි මෙලෝ දෙයක් දන්නේ නැතුව කලේ, ඒකේ නමත් අව්ල් ඔක්කොම අව්ල් නිසා ආයේ කාලෙකට පස්සේ දැන් ලියන එක පටන් ගත්තා

මගේ එකේ අව්ල තියෙන්නේ හිට්ස් තියෙනවා හැබැයි අඩුම තරමේ බැනලාවත් යන්නේ නෑ :P

( හිට්ස් පිලිබඳව අඩන අයට හිට්ස් උවමනා නම් මාව සම්බන්ඳ කරගන්න :P )

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ගොඩක් වැදගත් අදහස් කිහිපයක්, හිටිස් කමෙන්ට්ස් වගෙ දේවල් එක පාරටම ලැබෙන්නෙත් නැ , ඒව පස්සෙ යන්න ඕනිත් නැ . තමන් ලියන දේ අනුන්ට විදිනව නම් . කාලයක් ය්න කොට බලන්න අය සෙට් වෙනව . මම ලියපු මුල් මාස 6ක් 7ක් යන තිබුනට වඩා ප්‍රතිචාර ලැබුනේ ඊට පස්සෙ ගත වුනු මාස 5ක විතර කාලෙදි (කලින් ප්‍රමාණය වගෙ තුන් ගුණයක් විතර ) . ඉවසීමෙන් සැනසීම ලැබෙ කියල කියනවනෙ

පූසා said...

මටනම් හිට්ස් ගානෙන් වැඩක් නෑ මට ඊට වඩා කමෙන්ට්ස් ගාන වටිනවා. පොස්ට් එකක් කියවන්න බොහොමයක් දෙනා ඇවිත් කමෙන්ට් වැටුනේ නැත්තම් ඒකෙන් කියවෙන්නේ ඒ ලිපියේ මොකක් හරි අඩු පාඩුවක් තියනවා කියන එක. ගොඩ දෙනෙක් බ්ලොග් අඩවියට ඇවිත් ඒත් ෆලෝවර්ස්ලා කීප දෙනානම් ඉන්නේ, එහෙනම් එතනත් බ්ලොග් අඩවියේ අන්තර්ගතය ගැන ප්‍රශ්නයක් තියනවා.

මම නම් හිතන්නේ බ්ලොග් අඩවියක වැඩියෙන්ම වටින්නේ තියන පෝස්ට් ගාන සහ හිට්ස් ගානටත් වඩා මම ඉස්සෙල්ලා කිව්ව කාරණා දෙක කියලයි.

මකුළු පැංචි (මංචි) said...

හරිම වටින ලිපියක්නෙ මේක..මංචිත් බ්ලොග් කෙරුවාවට ඇවිත් වැඩි කලක් නැහැනෙ ඉතින්..මංචිගෙනම් අරමුණ කොමෙන්ට්ස් ගැනම බලාපොරොත්තු තියා නොගෙන කියවන අය ගණන අනුව ලියන එක තමා.මම මගේ බ්ලොගේට දාගෙන තියෙන්නෙත් stats ඔක්කොම පෙන්නන හිට් කවුන්ටරයක්..කොමෙන්ට නොකලත් මගේ ලිපිය කීදෙනෙක් කියවලාද කියලා දකිද්දි මරි සතුටුයි..නිතරනෙන යන කට්ටියක් දැනටම ඉන්න එක ගැන නම් තියෙන්නෙ අවංකවම අහිංසක සතුටක්..මොකද මුලම පෝස්ට් එකේ ඉඳලා මගෙත් එක්ක ඉන්න ඒ යාලුවො මට ලොකු හයියක්..මම පුද්ගලිකව පරික්ශා කරපු දෙයක් කියන්නම්..මුලින්ම ලියන එක පටන් ගත්තම බ්ලොග් අවකාශයේ තියෙන දැවැන්ත ජනප්‍රිය බ්ලොග් දිහා බලලා තමන්ගෙ බ්ලොගේ ඒකත් එක්ක සසඳලා බැලුවම මටත් හරි දුක හිතුනා අවංකවම.. ඒත් ඊලඟට මම බැලුවෙ ඒ දැවැන්තයන්ගෙ මුල්ම බ්ලොග් ලිපි දිහා..(බොහෝ විට වසරක් දෙකක් පැරණි ලිපි)බලනකොට ඒ දැවැන්තයින්ටත් මුල්ම ලිපි වලට ලැබිලා තියෙන්නෙ අලුත් අපිට වගේම දුක්බර සංඛ්‍යාත්මක ප්‍රතිචාර නොවැ..

ඉතින් මම නම් ඉගෙන ගත්තෙ මෙන්න මේකයි..බ්ලොග් රචකයෙක්ට වුනත් නමක් ඇති වෙන්නෙ කාලය සහ අත්දැකීම් අනුව..එකිනෙකා සමග සුහද වෙලා,හොඳ නිර්මාණ බිහි කරලා,කාලෝචිත,කියවන්න ආස හිතෙන දේවල් ලියලා ඉවසීමෙන් බොහොම සංයමයකින් ආසාවකින් මේ ක්ෂේත්‍රයෙම එල්ලිලා හිටියමයි..අනික බ්ලොග්ස් තොගයක් අතරින් අපේ බ්ලොග් එක ඇතැම් අයට හමුවෙන්නෙ හරිම කලාතුරකින් වෙන්න පුලුවනි..සමහරු බ්ලොග් එක පටන් අරන් ලිපියයි දෙකයි..කොමෙන්ට නෑ,හිට්ස් නෑ කියලා අඬනවා.ඒක හරිම පිස්සු වැඩක්.. :D
ඒ වගේම කොමෙන්ට්ස් හිට්ස් වලට වඩා වටින්නෙ අපි අනික් අයට දෙන දේ..සහ අනික් බ්ලොග් මිතුරන් අපට දෙන දෙයයි..එනම්...දැනුම,සතුට,විනෝදයයාඅදරය,සහෝදරත්වය,සංවේදීබව හෝ මිතුදම... :)))

අලුතින් එන යාලුවන්ට තවත් වසර ගනනක්ම බ්ලොග් ලියන්නට දිරි ලැබේවා.. :))

Anonymous said...

මටත් ඔය හිට්ස් සහ කමෙන්ට් පස්නේ ඒ දවස් වලම තිබ්බා. අනේ දැන්නං හිටස් වැදුන් නැතත්,කමෙන්ට් වැටුනත් නැතත් මට පුලූවන් තරමින් මං ලියනවා. අදටත් මගේ සමහර ලිපි වලට කමෙන්ට් එකයි නැත්තං දෙකයි.

එව්ව එහෙම තමා. ලියන්න ආසනම් ලියන එකයි ඈත්තේ....

Deeps said...

කියලා තියන දේවල් වලට මාත් එකඟයි..මගේ නම් මේ හතරවෙනි අවුරුද්ද වැඩිය ලියලා නැති වුණාට. බ්ලොග් වල තියෙන්න ඕනේ අන්තර්ගතයට අමතරව තව පොඩි පොඩි දේවල් ටිකක් ගැන මම ලිව්වා ළඟදී. බලන්න කැමති නම්.

තව පොඩි දෙයක්. තමන් තමන් වගේ ලියනවා නම් එතෙන්ට අනිවාර්යෙන් කියවන අය එකතු වෙනවා. තමන්ගේම කියලා style එකක් හදාගන්න එකත් හොඳයි. හ්ම්ම් තව ඉතින් මේ පොස්ට් එකේ තියනවා වගේ විවිඩ මාතෘකා යටතේ ලියන එක ගොඩක් වැදගත්. එතකොට එක එක විධියේ කියවන්නන් බ්ලොග් එකට ගෙන්න ගන්න පුළුවන්.

රතු මුහුද said...

වැඩි වැඩි යෙන් ලියල, වැඩි වැඩි යෙන් කියවල,වැඩි වැඩි යෙන් කොමඩු දාල,වැඩි වැඩි යෙන් කොමඩු ගමු නේද!

පන්සල් හංදිය said...

මම හිතන විදියට අපිට කමෙන්ට් ලැබෙන්න නම්,

1 අපේ බ්ලොග් එක බ්ලොග් අවකාශෙ හැමෝම දැන ගන්න ඕන, ඒකට කරන්න තියෙන්නෙ පුලුවන් තරම් බ්ලොග් කියවලා හිතට දැනෙන කමෙන්ට් දාන එක. එතකොට ඒ බ්ලොග් එක අයිතිකාරයා වගේම ඒ කමෙන්ට් එක දකින අනිත් අයත් අපේ බ්ලොග් එකට එන්න තියන ප්‍රතිශතය වැඩියි.

2 අපි බ්ලොග් එකක් ෆලෝ කලොත් තමා හුඟක් වෙලාවට ඒ අයත් අපේ බ්ලොග් එක ෆලෝ කරන්නෙ. ඒක නිසා තමන්ට හිතට දැනෙන ලිපි තියන බ්ලොග් ෆලෝ කරන්න අමතක කරන්න එපා.

3 අනික අනිවාර්යෙන්ම බ්ලොග් රෝල් එකක් තියෙන්න ඕන, එතකොට අපේ බ්ලොග් රෝල් එකෙන් කාගෙ හරි බ්ලොග් එකකට කවුරු හරි ගිහින් තිබුනොත් එයාගේ ට්‍රැෆික් සෝස් එකේ පෙන්නනවා මොන ලින්ක් එකෙන්ද ගියේ කියලා, එතකොට එයත් සමහර විට අපේ බ්ලොග් එක එයාගේ බ්ලොග් රෝල් එකට ඇඩ් කර ගනියි. ඒකෙනුත් අපේ බ්ලොග් එකට හොඳ පබ්ලිසිටියක් ලැබෙනවා.

4 බ්ලොග් අවකාශයේ මිතුරෝ ගෘප් එකට අනිවාර්යෙන්ම සෙට් වෙලා ඒකෙ පබ්ලිෂ් කරන්න ඕන, ෂුවර් කමෙන්ට් හතරක් පහක් නම්.

5 ගූගල් ප්ලස් එකට පුලුවන් තරම් බ්ලොග් ලියන අයව ඇඩ් කරලා ඒකෙත් පබ්ලිෂ් කරන්න ඕන, ඒකෙනුත් කමෙන්ට් කීයක් හරි ගන්න පුලුවන්.

6 දන්න හැම සින්ඩියකම රෙජිස්ටර් වෙන්න ඕන.

7 ඒ වගේම තමන්ට කමෙන්ට් වැටුනත් නැතත් අනිවාර්යෙන් කියවන බ්ලොග් සෙට් එකක් හදා ගන්න ඕන. ඒ කියන්නෙ ඒ අය අපේ බ්ලොග් එකට ආවත් නාවත් අනිවර්යෙන් ඒ බ්ලොග් එකේ තියන ලිපි කියවලා හිතට දැනෙන කමෙන්ට් දාන්න ඕන.

තව දෙයක් තියනවා, මුලින්ම අපි හුඟ දෙනෙක් බ්ලොග් ලියන්න පටන් ගන්නෙ හිතේ තියන දේවල් එලියට දාන්න. එතකොට කමෙන්ට් තිබුනත් නැතත් හිතට අවුලක් නැහැ.

ඒත් පහු පහු වෙනකොට කට්ටිය වැඩි වැඩියෙන් බ්ලොග් එකට එන කොට අපිට හිතෙනවා ඒ අයට ඕන දේවල් ලියන්න, එහෙම ලියලා කමෙන්ට් ලැබුනෙ නැති උනාම තමා හිතට දුක.

කොහොම උනත් කමෙන්ට් එකක් කියන්නෙ බ්ලොග් ලියන කෙනෙකුට මහ මෙරක් වගේ.

සමහර බ්ලොග් තියනවා සෝඩා බෝතලේ කැඩුවා වගේ එක පාරටම නැගලා ඇවිත් ආවට වඩා ඉක්මනට බිමට වැටෙනවා.

ඒත් හෙමින් සැරේ ඉහලට එන ඒවා ලේසියෙන් වට්ටන්න අමාරුයි.

කොහොම උනත් මගේ අදහස කමෙන්ට් ගැන හිතන්නෙ නැතිව හිතට දැනෙන ලිපි ලියන්න. එතකොට ඉබේම කමෙන්ට් කියන ඒවා අපිව හොයාගෙන එනවා ..........

පන්සල් හංදිය said...

තව වැදගත්ම දෙයක් කියන්න අමතක උනා. අපේ බ්ලොග් එකේ කවුරු හරි කමෙන්ට් එකක් දැම්මොත් අපිත් එයාගේ බ්ලොග් එකට ගිහිං කියවලා කමෙන්ට් එකක් දාන්න පුලුවන් නම් හොඳයි, එතකොට එයා අනිත් දවසෙත් අපේ ලිපි කියවන්න එන්න තියන ප්‍රතිශතය වැඩියි.

මේ ලිපියත් එක්ක මම සියයට සියයක් එකඟයි, ඇත්තටම හොඳ ලිපියක් .....

rachi said...

මමත් ඉතින් අළුතෙන් නෙවැ අවේ. මේ යාලුවා තම්යි මට පාර කිව්වේ. ඒකට තුති. මම ගොඩක් යාලුවන්ගේ කොමෙන්ට්ස් බැලුවා. හැමෝම ගොඩක් වටින දේවල් කියල තියෙනවා. මමත් උත්සාහ කරන්නේ මොනවා හරි වැඩකට ඇති දෙයක් කරන්න. මට හිතෙනවා ඒවා කාට නැති උනත් මටම ඕනෙ වෙයි කියල කවදා හරි දවසක. මොනවා උනත් මාව මේකට යොමු කරපු හා මග පෙන්වපු යලුවාට ස්තුති කරනවා.

kumaraya said...

මමත් හුඟක්ම පරණ මිනිහෙක් නෙවෙයි .. අනෙක් අය එක්ක සසඳා බැලුවාම.
කවුරුවත් බලන්නෙ නෑ කියල මුලදි දුකෙන් තමා හිටියෙ. පස්සෙ මම මොනව වුනත් කමක් නෑ කියල හිතල [කමෙන්ට් ගැන හිතන්නෙ නැතුව] දිගටම ලියාගෙන ගියා.
මෙච්චර කාලයක් ගිහිල්ලත් මගෙ ලිපි කියවල තියෙන්නෙ තවම හාරදාස් ගානක් විතරයි.
එච්චරක් හරි කියවපු එක පිළිබඳව මම සතුටුයි.
ඉතින් මටත් කියන්න තියෙන්නෙ කමෙන්ට් ගැන හිතන්නෙ නැතුව දිගටම ලියන්න කියන එක තමා.

සිතූ said...

බොහොම ස්තුතියි.ම්ං තාම බ්ලොග් කලාවට ආව විතරයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ ලිපියෙන්..වෙනසක් කරන්න උත්සාහ කරලා බලන්නන්කෝ

මි හරක් පිඩියා said...

මමත් බ්ලොග් කෙරුවාවට ඇවිත් තාම දවස් 6,7 විතර වෙනවා.මම හිතුවටත් වඩා හොද ප්‍රතිචාර මට මේ දවස් ටිකේ ලැබුනා.අපි වගේ ආදුනිකයන්ට බ්ලොග් කරුවන් හොද සහයක් ලබා දෙනවා.ඒ පිලිබදව මගේ හදපිරි ස්තුතිය....

sansarasidu said...

වැදගත් අදහසක් !

රත්ගමයා said...

හෑ....මේ මගේ බ්ලොග් එකත් තියෙන්නේ... :)
මම ලියන්න පටන් ගන්නකොට කිසිම අදහසක් තිබ්බේ නෑ බ්ලොග් එක මොන විදිහේ වෙන්න ඕනද කියලා...මුලින් පටන් ගත්තු බ්ලොග් එක වැහුවා..මොකද ඒවගේ ලිව්වේ මම මගේ විදිහට නෙමේ නිස...රත්ගමයා පටන් ගත්තා...මම මම උනා..මම කැමති දේ ලිව්වා..මම කැමති දේට අනිත් අයත් කැමති උනා...
අලුතෙන එන අය ෆලෝවර්ස් ලා පස්සේ යන්නේ නැතුව ෆලෝවර්ස්ලා තමන් පස්සේ ගෙන්න ගන්න පුල්වන් වෙන්න ලියන්න ඕනා...
මරු පෝස්ට් එක කුරුං

Dilanka Madhawa said...

@ සාතන් - සුභපැතුම් සහෝ.මමත් පුලු පුලුවන් වෙලාවට ඔය පැත්තේ එන්නම්කෝ.

Dilanka Madhawa said...

@ ChammA- ඇඩ්සෙන්ස් මගෙත් මුල.අන්තිමට නැවතුනේ සිංහල බ්ලොග් අවකාශයේ තවත් එක සාමාජිකයෙක් වෙලා.

Dilanka Madhawa said...

@ දේවා - ඒ අතින් බැලුවහම උඹ මටත් වඩා සාර්ථකයි සහෝ.සමාවෙන්න ඕන වැඩිපුර බ්ලොග් කියවන්න එන්න බැරි උනාට.උ.පෙ. උණ නිසා පන්ති පන්ති.පෝස‍්ට් එකක් දාන්නත් වෙලාව හොයාගන්නෙ හෙන අමාරුවෙන්.

Dilanka Madhawa said...

@ චාටර් - ඔව් බං අනිත් අයට කමෙන්ට් කරන එකෙනුත් අපේ බ්ලොග් අනිත් අයට දැනගන්න ලැබෙනව

Dilanka Madhawa said...

@ වේලාව ළඟයි - ඔයා අලුත් බ්ලොගර් කෙනෙක් වගේ.මේ ලිපියෙන් ඔයාලට ගන්න දෙයක් තියෙනම් ගන්න.ඔයාව මුලින්ම දැක්කෙත් මේ කමෙන්ට් එකෙන්.
මම දැක්ක වෙන අලුත් බ්ලොග් එකකත් මේ ලිපියේ ලින්ක් එක දාල කියවන්න කියල තියෙනව.ස්තුතී සහෝ.බ්ලොග් අවකාශය ලස්සන කරන්න දිගටම ලියන්න.

Dilanka Madhawa said...

@ DarKneT | ඉෂාර - ඉවසපන් කල් යනකොට ඕව හරියාවි මචං

Dilanka Madhawa said...

@ buwa - ඔව් ඔයාගෙ කතාව ඇත්ත.මේ පැත්තෙ ආවට ස්තූතියි

Dilanka Madhawa said...

@ පූසා - ඔව් ඔයගෙ තර්කෙත් ඇත්ත.හැබැයි අවුල තියෙන්නේ අනිත් බ්ලොග් වල හිට්ස් එක්ක තමාගේ හිට්ස් කම්පෙයා කලොත් තමා

Dilanka Madhawa said...

@ මකුළු පැංචි - ඔයා නියම තැනින් පටන්ගෙන තියෙනව අක්කේ.ඔයාට හොඳ ඉදිරි ගමනක් තියෙනවා.ඔයා හිතන,කටයුතු කරන ආකාරයෙත් මටනම් අඩුපාඩු පේන්නේ නැ.දිගටම ලියන්න.ඔබට ජය

Dilanka Madhawa said...

@ මාලුව - එල මචන්.උඹේ බ්ලොගේ නම් මගේ ටොප් රැන්ක්ස් වල තියෙන්නෙ

Dilanka Madhawa said...

@ Deeps - මේ පැත්තෙ ආවට ස්තුතී අක්කේ.මේ මගෙත් 3 වෙනි අවුරුද්ද යන්නෙ

Dilanka Madhawa said...

@ රතු මුහුද - Short and Sweet කමෙන්ට් එක මචන්.ආවට ස්තුතියි මේ පැත්තෙ

Dilanka Madhawa said...

@ පන්සල් හංදිය - ඔය කාරනා එකතු කරල ඔයත් පෝස්ට් එකක් ලියන්න අයියෙ.අලුත් අයට වටීවි.මේ පැත්තෙ ආවට ස්තූතියි

Dilanka Madhawa said...

@ රචි - උදව් මොනවද සහෝ.හොඳ බ්ලොග් එකක් කරන්න.මේ ලිපිය ලියන්න ගොඩක් කලින් හිතාගෙන හිටියට ඔයාට උදව් කරද්දි තමයි මතක් උනේ.මටත් වඩා හොන්ද බ්ලොග්කරුවෙක් වෙන්න සුභපැතුම්

Dilanka Madhawa said...

@ කුමාරයා - දිගටම ලියන්න සහෝ.අපිත් ඔය පැත්තෙ එන්නම් පුලු පුලුවන් වෙලාවට

Dilanka Madhawa said...

@ සිතූ - දිගටම ලියන්න සුභපැතුම්

Dilanka Madhawa said...

@ මි හරක් පිඩියා - දිගටම ලියන්න සහෝ.ඔබට ජය

Dilanka Madhawa said...

@ sansarasidu -ස්තුතී සහෝ

Dilanka Madhawa said...

@ රත්තා - ස්තුතී මතං.උඹේ බොලොග් එකත් මගේ ටොප් රැන්ක්ස් වල තියෙන්නෙ

Unknown said...

මමත් බ්ලොග් කෙරුවාවට අලුත් තමා තාම බ්ලොග් එක පටන් අරගෙන මාසයක් වත් ගත උනේ නෑ.කියන්න තරම් වරදකුත් නෑ හිට්ස් ෆ්ලෝව්ස් එහෙම තාම අඩුයි ඒත් හිමින් හිම්න් ගමන යන්න තමයි බලාපොරොත්තුව. ඔයාගෙ පෝස්ට් එක නම් මට ගොඩක් වැදගත් උනා.. ස්තූතියි මේ වගෙ ලිපියක් පල කරාට පුලුවන් නම් මගෙ බ්ලොග් එකට ගිහින් බලන්න rmpmcreation

අපරාජිතයා :::: Aparajithaya said...

ඈ බොල මම එච්චර පොරක් නෙමෙයිනේ බං..... කමක් නැහැ ලියලා තියන ලිපියෙන් මටත් ගොඩාක් දේවල් ගන්න පුලුවන්.... ඒත් මම දැකපු හොඳම බ්ලොග් එක බොට කියන්නම් ඒක තමයි මේකේ අංක එක වෙන්න ඕනා... ඒ හිස් අහස බ්ලොග් එක ලියන සඳරුගේ බ්ලොග් එකයි මචෝ....

Nishan de siva said...

මන් හිතනවා මේ ලිපියෙ ලියල තියෙන දේවල් මම දැනටමත් අනුගමනය කරනවා කියලා.එහෙම නැතත් මන් මේවා අනුගමනය කරන්න උත්සහා කරනවා.මාත් කොමෙන්ට්ස් නැති නිසා ටිකක් සැලුනා.එත් සාතන් සහෝගෙ එක කොමෙන්ට් එකක් නිසා මන් දිගටම බ්ලොග් එක කරන් යන්න පෙළබුනා

මාරයාගේ හෝරාව said...

බොහෝම පහු වෙලා මෙතනට ආවේ. අළුත් බ්ලොග් ටිකක් කියවගෙන යද්දී නොදැනිම ඇවිත් බලනකොට අහු උනේ..අළුත් අයට නෙවෙයි පරණ අයට උනත් හිතන්න දේවල් තියෙනවා මෙතන...

මගේ බ්ලොග් එකට දීලා තියෙන තැන ගැන පෞද්ගලිකව ස්තූතිවන්ත වෙනවා මලයට...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න