web 2.0

Wednesday, July 13, 2011

ලෝකෙ වටිනම අතුරුපස ගැන දැනගන්න එන්න



ඔන්න අද මං කියන්න යන්නෙ කටට කෙල උනන දෙයක් ගැන.හැබැයි බඩජාරියෝ ඉන්නවා නම් එහෙම දැන්මම ගියොත් හොඳයි.මොකද කාට හරි මේක කන්න දොල දුකක් එහෙම පහල වුණොත් මට බෑ ඔව්වට වග කියන්න.

කව්ද කැමති $25000 කෑමක් වෙනුවෙන් වියදම් කරන්න.එහෙම ඇත්තෙක් ඉන්නවා නම් මේක බැලුවට කමක් නෑ.මේ ලෝකෙ වටිනාම කෑම වලින් එකක්.නම තමයි Frrozen Haute Chocolate.:)



හරි ඉතින් දැන් මෙච්චරටම ගණන් අතුරුපසේ මොනවද තියෙන්නේ?ඉන්න ඉන්න ඉතින් කියනකන්.ලෝකය පුරා තියෙන රටවල් 14කින් ලබා ගත්තු විවිධ කොකෝවා ජාති 28ක්,කිරි සහ කැරට් 24 රත්තරං ග්‍රෑම් 5ක්..ඒ රත්තරං ආහාරයට ගන්න හැකි විදිහට තමා සකස් කරලා තියෙන්නෙ.
         හෑ කන්න පුලුවන් රත්තරනුත් තියෙනවද?ඔව් ඔව් තියෙනවා..හරි ඉතින් ඒත් ඔය ටික වටිනවඩ $25000ක්?නෑ නේද?එහෙනම් ඇයි මේ තරම් ගණන්?තව තියෙනවා...

මේක ආහාරයට ගන්න තියෙන හැන්ද ත් සකස් කරලා තියෙන්නෙ රත්තරනින්.ඒ වගේම දියමන්ති වලින් සරසලා තියෙනවා.කාල ඉවර වෙලා ඔයාලට මේක ගෙදර ගෙනියන්න පුලුවන්.මේක පිලිගන්වලා තියෙන බඳුනත් ආහාරයට ගන්න පුලුවන් රත්තරං වලින් සරසපු එකක්.ඒ වගෙම Frrozen Haute Chocolate අන්තර්ගත වෙලා තියෙන තවත් දෙයක් තමා La Madeline au Truffle මට මේකට සිංහලෙන් කියන නම නම් හොයාගන්න බැරි වුණා.නමුත් මං හොයාගත්ත විදිහට නම් La Madeline au Truffle කියන්නෙ හතු වගේ කෑමට ගත හැකි ෆන්ගී විශේෂයක්.ඒකත් ලෝකෙ වටිනාම ආහාර අතරට එක් වුන එකක්.කවුරුහරි හරියටම දන්න කෙනෙක් ඉන්නවා නම් දැනුවත් කරන්න.2007 දි තමා මේක ලෝකෙ වටිනාම අතුරුපස විදිහට නම් කරලා ගිනස් පොතට එක් වෙලා තියෙන්නෙ.හැබැයි කාපු කෙනෙක් නම් නෑ.:P

මගෙ කතාව ඉවරයි,දැන් ඉතින් කටට ආපු කෙල ටික ගිලින්න.මේක කන්න වාසනාවක් නැති එකෙ පහේ චිට් චැට් එකක් වත් අරන් කන්න හිත හැදෙන්න :D මේ වගේම තව කේක් එකක් ගැන මගෙ බ්ලොගියෙ දාන්න හිතං ඉන්නෙ.

කෝපි කඩේට ගොඩ කාලෙකින් ලිව්වෙ නැති නිසා ලිව්වා,නැත්තම් මගෙ යාලුවා කුරුං ගුරුං තරහ වුණොත් හෙම?දැන් ඇවිත් මාව මරන්න හැදුවොත් එහෙම ඔයාලවත් උදව්වට එන්න හොඳේ.

29 ප්‍රතිචාර:

කිඩෝ said...

ඔන්න හොදේ මුල් පේලි 2 කියවලා ඉතුරුටික මම කියෙව්වේ නෑලු...
කුරුංගුරුංට ඔයාව මරන්න වෙලාවක් ඇතියි කියලා මම නං හිතන්නේ නෑ මිනිහා බද්දෙගෙ මීමැසි ප්‍රශ්නෙකට උත්තරේ හොයන්න මේ ටිකේ ෆුල් ට්‍රයි එක... (මටත් ඒ ටික කරන්න තියනවානේ :P )

අනූ said...

හප්පේ එහෙනම් කමක් නෑ.හා හා නාක ලමයෙක් වෙන්නෙ නැතුව ගිහින් බද්දෙ ගෙ වැඩ කරන්න,මේ ළමයි හැදෙන්නෙම නෑනෙ

පිණිබිඳු... said...

මේක දැකලා ගිලින කෙළ ටිකත් මාර ගනන් නේද.

අනූ said...

ඒකනේ අක්කා.ඒකත් $1000ක් විතර ගණන් :D

සරත් ලංකාප්‍රිය said...

බොන්න වතුර මින්දක හොයන කිලෝ මීටර සිය ගණන් යන කන්න දෙයක් නැතිව පොළොවේ මැටි කන මිනිස්සු ඉන්න මේ පොළොවේ මෙව්වා කන්න පුළුවන් මිනිස්සුත් ඉන්නවා. අර වගේ මිනිස්සු කීදෙනෙකුට වතුර උගුරක් ..කෑම වේලක් දෙන්න පුළුවන් වෙයිද මේ වියදමෙන් ?

අනූ said...

ඒක ඇත්ත සරත් අන්කල්.(අන්කල් වෙන්න ඇති නේද?) නමුත් මේක ඇමරිකාවෙ වැඩක්.මිල පාලනය කරන්න තිරිඟු පිටි මුහුදට දාන අය දුප්පතුන් ගැන හිතයිද?

සාතන් said...

ඕකත් එක්ක exit පොයින්ට් එකට ගහගන්න ඇබයක් දෙන්නෙ නැද්ද?... නැත්තන් ඉතිං ‍ඔච්චර ගානක් දීල කෑවට දවසින් වලේ‍නෙ.. ;)

හැබැයි ඉතිං හැන්ද නම් වටිනව...

අනූ said...

ඒකනෙ අප්පා.මටත් ලියද්දි හිතුනෙ සාතන් අයියට හිතුන දේමයි.අපරාදේ අර රත්තරන් ටිකත් වලටම යනවනේ

මාතලන් said...

මේ මහත්තයට අයිස් ක්‍රීම් දෙකක් දාන්න.....

මාතලන් said...

මේ මහත්තයට අයිස් ක්‍රීම් දෙකක් දාන්න.....

අනූ said...

@මාතලන් මුලින් සල්ලි දෙන්නකෝ

Bindi said...

හුටා ..''රත්තරන් කන්න මේ රත්තරන් '' කියල කවන්න තිබ්බා සල්ලි තිබ්බ නම් . ඒත් මට නම් ඇහුවම අප්පිරියයි . කවද කාපු රත්තරන්ද ..ඒ මදිවට හතු චෝක්ලටුයි . මාර කම්බිනේෂන් එකක්නේ . ඕව ඇඹුල් ..කෑවොත් බඩ රිදෙයි..

මිට නරියා

අනූ said...

නරියට ඉතින් හැමදේම තිත්තයි නෙ බින්දි අක්කේ.කවදා කාපු මිදිද වගේ තමා

Anonymous said...

ඔය අතුරුපස කාපු එවුන්ගෙ ටොයිලට් වලවල් වලට පොලීසියෙන් දාන්න වෙයි නෙව බේරගන්න. :D

අනූ said...

අම්මෝ නවම් මාවත හිතලා තියෙන දුර,හැබැයි කතාව නම් ඇත්ත තමා

රත්ගමයා said...

කටින්ද කන්නේ???

අනූ said...

අයියට කැමති තැනකින් කන්නකො

සාටර් said...

ලොල් සහගතයි...මට කෙල ගිලුනේ නැතිය :ඩී

අනූ said...

මාරයි නෙ..ෂුවර්මද කෙල ගිලුන්නැහැ කියලා,ඔයාට නම් ලෙඩක් කොලුවෝ

හිම හංසි said...

නoගියෝ ඔය අතුරුපස තියෙන්නෙ කොග්ගල තියෙන fortress හොටෙල් එකේ නේද?

Dilanka Madhawa said...

@ හිම හංසි-මාත් අහන්න හැදුවෙ ඔය කතාවම තමා.ගාල්ලෙනුත් ලෝකෙ වටිනම අතුරුපසක් හදල තිබ්බ මතකයි.
@ කඩේ හාමිනේ-පිස්සුද මරන්නෙ නැ.ටොක්කක් වගේ තමා අනින්නෙ.

හිස් අහස said...

ඕක මාර වටින කෑමක් නේ ..ඕක කාලා ඉවර වෙලා කක්කුස්සියට ගිහිල්ලා . ඒ මල පහ ටික එකතු කරං ඒ ටික ආයෙම කන්නත් පුලුවන් ඇති නේද ?.. ඊලඟ මාසේ පඩි ගත්තාම මාත් මෙයිං දෙකක් කන්න ඕන .

බොහොම ස්තූතියි හාමිනේ මේ වගේ අපි නොදන්න දෙයක් ගැන ලීවට . ඇත්තට මේවා කන්න සල්ලි තියන අය කීදෙනෙක් මේ ලෝකේ ඉන්නවා ඇතිද .

Anonymous said...

පළමු පේලි දෙක කියවා. නවත්වන්න සිතුනද බඩජාරි කම හේතුවෙන් දිගටම කියෙවුවෙමි.

…නරියට මිදි තිත්තයි වගේ බීටට ඕක ඈක්කා. :(

අනූ said...

@හිමා අක්කා-නෑ නෑ අක්කියො මේක නිව් යොර්ක් වැඩක්

@කුරුං ගුරුං-ටොකු අනිනකන් බලන් ඉඳී මං හි හී

අනූ said...

@සඳරු අයියා -හප්පේ අයියත් ගන්නවද.මමනෙ අයියට කිව්වෙ ඉතින් මටත් එකක් අරන් දෙන්නකො..ඕක කාලා යන්න වෙනම ටොයිලට් එකක් හදන්න වෙනවා.

අනූ said...

බීටා-ඈක්කා තමා නේද?අපි ‍රැවටෙයි ඕවට.අපිට ඔව්වා නැතුවට කාරි නෑ නේද බීටො

Anonymous said...

කිරි අප්පාට බල්ලෝ පැනපි..හෙහේ...කැමේ සැර...

සරත් ලංකාප්‍රිය said...

අන්කල් කිවුවට නම වරදක් නැහැ දෙදරු පියෙක්නේ.. හැබැයි සීය කිවුවොත් මගේ අවුරුදු දහයේ පොඩි එකා ඔරොප්පු වෙයි

අනූ said...

සරත් අන්කල් දූ අක්කා මටත් වඩා වැඩිමල් මන් හිතන්නෙ,අක්කි කැම්පස් කිව්වනෙ මම තාම ඉස්කෝලෙ යනවා.ඒ නිසා අන්කල්ම කියන්නම් :P

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න