web 2.0

Tuesday, June 28, 2011

ඔත්තුවක්

අම්මේ...හරි මහන්සියි.දවස් දෙකක් ඉස්කෝලෙ ගියාට මොනෝ නිකං ගලේ ගැහුව වගේ.මාර මහන්සියි.ඔක්කොටම වඩා උදේට නැගිටගන්න බැරි එක තමා අවුල.මේ පැත්තෙ දුවල යන්න ආවෙ පොඩි ඔත්තුවක් දෙන්න.
උ.පෙ. ට ඉස්කෝලෙ පටන් ගන්න දවසෙ අපට තිබ්බ පොඩි ලෙක්චර් එකක් විශ්ව විද්‍යාල වලට යන එක ගැන.ඇවිත් තිව්වෙ SL2COLLEGE කියන සංවිධානයෙන්.එයාල විශ්ව විද්‍යාල ශිෂ්‍ය එකමුතුවක්.ඉතින් ඔයාලටත් උසස් අධ්‍යාපනය ගැන දැනගන්න ඕන නම් පහත ලින්ක් එකට ගිහින් නොමිලේම විස්තර දැනගන්න.

http://www.sl2college.org/

තව එකක්....
සිංහල බ්ලොග් ලියන්න අලුතෙන් මම දන්න කීප දෙනෙක් සෙට් වෙලා තිබ්බා.ඉතින් ඒ ගැනත් දාන්නම්.අලුත් අයට අත දෙන එක අපේ යුතුකමක් නේ.ගිහිල්ල බලල එයාලටත් සපෝර්ට් එකක් දෙන්න.

1. ආගංතුකයා - මේ අපේ ඉස්කෝලෙ අයිය කෙනෙක්.ගම ගාල්ලේ.දක්ශ මීටරයක්.ආතල් පොරක්.බ්ලොග් ලියන්න අලුත්.ගිහිල්ලම බලන්නකෝ.

2. තල් අරණ - අපෙ අම්මගෙ යාලුවෙක්ගෙ දූ.[පල පල.අක්ක කෙනෙක් ඩෝ.] අද වෙනකොට නම් පෝස්ට් දෙකයි ලියල තියෙන්නෙ.මේකටත් ගිහින් බලන්න.

එහෙනම් ආයි දවසක ලියන්න එන්නම්කෝ.

10 ප්‍රතිචාර:

සරත් ලංකාප්‍රිය said...

මේ කුරුං ගුරුං ඕකට නම් මන් වයස වැඩියි..අර සරම් දෙකක් අඳින්නේ ඇයි ? මගේ පොඩි එකා ඕක හැමදාම අහනවා.. අර සීය සරම් දෙකක් අඳින්නේ ඇයි කියල.. ඔය නම හරියන්නේ සීය කෙනෙකුටනේ !!

Deeps said...

SL2C එකත් එක්ක වැඩ කරන්න හිතාගෙන ඉන්නේ මාත්..කොහොමද එයාල තිබ්බ වැඩසටහන?

පන්සල් හංදිය said...

ඔන්න මම ගියා ඔයාගේ යාළුවන්ගේ ලින්ක් වලට ..

Anonymous said...

ඔත්තුවට ස්තූතියි, ඉස්සෙල්ලම වැඩේට මං පරක්කු වැඩියි නෙව. ඒත් ඉතිං අර පහලින් කියාපු අලුත් බ්ලොග් දෙකනම් අගෙයි.

Dilanka Madhawa said...

@ සරත් ලංකාප්‍රිය-ආ ඔව් නේ.මට දැන්නේ මතක් උනේ සරම් දෙකක් ඇඳන් ඉන්නව කියල.සුවර් එකට ඊළඟ දවසෙ එක සරමක් අඳින්නම්.ආයේ දෙකක් නැ.ආයි බාලගිරි දෝසෙ වගේ වැඩේ දෙන්නම් එළටම..

Dilanka Madhawa said...

@ ඩීප්ස්-වැඩසටහන නම් හොඳයි අක්කේ.අලුත් කොල්ලො කෙල්ලොන්ට ගොඩයන්න පාරක් පෙන්නන එක රටට කරන සේවයක්.

Dilanka Madhawa said...

@ පන්සල් හන්දිය-ස්තුතී සහෝ

Dilanka Madhawa said...

@ නවම් මාවත-ස්තුතී අයියේ ඒ බ්ලොග් පැත්තෙ ගියාට.ඊළඟ පාරවත් ට්‍රයි එකක් දාන්න සප් එකක් ගන්න

Janitha said...

අපේ බ්ලොග් ගැන කිව්වාට ස්තුතියි.. මේ මම මීටරයක් නෙමෙයි හොදේ. මූට පිස්සු.. වැඩ බැරි උනත් ගම ගාල්ලේ ටයිප් කොල්ලෙක්.. හි හි.. හොද ලමයා ගේ බ්ලොග් එක නම් අගෙයි

Dilani said...

@කුරුං ගුරුං බොහොම ස්තුති සහෝ ;)ගැමදාම සප් 1 දෙයි කියල හිතනවා

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න