web 2.0

Wednesday, June 15, 2011

ඩෙංගු මාරාන්තිකයි.



කාලෙකට පස්සෙ තමා මේ පැත්තෙ ආවෙ.ඔන්න ඉතින් ආපු එකේ මේ දවස් වල වැඩිපුර කතා වෙන දෙයක් ගැන ලියන්න හිතුන.ඒත් ඩෙංගු ගැන දැම්මට ලියන්නෙ ඩෙංගු හැදිල වෙච්ච කරදරයක් ගැන.
මගේ හොඳම යාලුවෙකුටයි උගේ අයියටයි දෙන්නටම ඩෙංගු හැදිල කොළඹ ජාතික රෝහලේ හිටියෙ.ඉතින් ඌ admit කරල දවස් 2ට විතර පස්සෙ මමයි තව කොළඹ එකේ යාලුවෙකුයි තමා දෙන්න ගාව නවතින්න ගියේ.
ඉතින් රෑ ඌ ගාව නවතින්න ආවට අපි දෙන්න පන බයේ තමා හිටියෙ.මොකද මදුරුවෙක් ඇවිල්ල කෙටුව නම් අපිත් ගස් නිසා.ඉතින් අපි එදා ගියේ ලෙඩ්ඩු බලන එකේ තමයි.ඒ වෙලාවෙ තමයි මේ සීන් එක වුනේ.
උන්ගෙ අක්ක කෙනෙක් ඒ නිස මරුවෙන් මරුවට මල්ලිල දෙන්න ගාවට ඇවිල්ල උන් දෙන්නගෙ දුක සැප අහනව.අක්ක ටිකක් බය වෙලා වගේ හිට්යෙ මොකද දෙන්නගෙම රුධිරාණු අඩු වෙච්ච නිසා.
අයියගෙ නම් විසිපන්දාස් ගානක තිබ්බෙ අරූට තිස්දෙදාස් ගානක් තිබ්බෙ.ඉතින් අක්ක දෙන්න ගාවට මාරුවෙන් මාරුවට යන නිසා අක්ක ටිකක් සිහිය නෑ වගේ.
මොකද එක පාරක් පර්ස් එක දාල ගියා.අනෙක් ලෙඩාගෙ මේසෙ උඩ ඔය විදියටම ෆෝන් එකත් අමතක කරල දාල ගිහින්. ඒ ඇඳේ ඉන්න ලෙඩා අපෙන් ඇහුව මේ ෆෝන් එක ඔයාලගෙද කියල.අපි නෑ කිව්ව.ඒත් අපේ යාලුව කිව්ව මචං ඕක අපේ අක්කගෙද දන්නෙ නෑ කියල.
ඔය වෙලාවෙම එතනට ආපු ඩයල් එකක් ආ මේ තියෙන්නෙ මගේ ෆෝන් එක කියල සාක්කුවෙ දාගෙන ගියා.මම ඒ වෙලාවෙම අක්කගෙන් ඇහුව අක්කෙ ඔයාගෙ ෆෝන් එක තියෙයිද කියල පොඩ්ඩක් බලන්න කියල.අක්ක එ වෙලාවෙම බලල කිව්ව අනේ නෑ මල්ලි ඒක නෑනෙ කියල.
එතකොටම අපේ යාලුවට එකක් ගන්න කියල මමයි අනිත් යාලුවයි ගියා අර ඩයල් එක ගාවට.මිනිහ ලෙඩෙක් බලාගන්න දාපු එකෙක්.දැන් ෆෝන් එක රින්ග් වෙන කොට මිනිහ ෆෝන් එක අතට ගත්ත.අපි දෙන්න ටක් ගාල එතනට ගිහින් ඔය ෆෝන් එක ඔයාගෙද ඇහුව.මිනිහ ඔව් කිව්ව.
අපි කිව්ව ඕක ඔයාගෙ නෙවෙයි ඔය දැන් ආපු එක ඔයා දන්නෙ නෑ නේද කියල.මිනිහ අපි දෙන්නගෙ මූණ දිහා බලගෙන හිටිය.අපෙ ලෙඩ වුන යාලුව ආපහු රින්ග් කරා.අක්ක වෙලාවට එතනට ආව.අක්ක කිව්ව මේ බලන්න මං මේ චූටි මල්ලි කියල දාල තියෙන්නෙ මේක මගේ කියල.
එතකොට මිනිහ කියනව ආ එහෙනම් වෙන්න ඇති නෝන මගෙත් ෆෝන් එක නැති වුනා ඒකත් මේ වගේමයි කියල.මිනිහට වැඩේ වැරදුනා කියල තේරුනා.අක්ක කිව්ව මල්ලි ඒ මනුස්සයට බනින්න එපා මේක අතුලෙ බැන ගන්න එපා කියල.ඌ ඊට පස්සෙ ශේප් එකෙ එලියට ගියා.
අපිටත් ලෙඩ්ඩු බලාගන්න ගියාම මාර වැඩ තමා වෙන්නෙ.මේක කියවන ඔයාලට වුනත් කියන්නෙ hospital  එකකට ගියාම බොහොම අවදානයෙන් ඉන්න කියල තමයි.
සමහර අයට මේ වගේ දේවල් වෙලත් ඇති.ආ තව දෙයක් අමතක වුනා.අපි දෙන්න දවස් 2ක් පිට පිට රෑ hospital තමා හිටියෙ.කියන්න කණ්ගාටුයි දවස් දෙකේම හිටියෙ එක nurse කෙනෙක් විතරයි.ඒත් ඒක ලංකාවෙ අංක එකේ ජාතික රෝහල.අව්ලක් නෑ මේක ලංකාව නිසා.

8 ප්‍රතිචාර:

හිස් අහස said...

ලෙඩ්ඩුන්ගෙනුත් හොරකම් කරන්න බලාගෙන ඉන්න උන් අද කාලේ ඕන තරම් . කාලෙකට කලින් මම බයික් එක හප්පගත්තා එදා මම වැටිලා ඉන්නකොට මාව උස්සලා වාහනයට දාපු උන් අතරේ එකෙක් මගේ ෆෝන් එක අරගත්තා . මම ඒක දැක්කත් මට කතා කරලා ඒක කාටවත් කියන්න පනක් තිබුනේ නෑ ..

ඔන්න අපේ මිනිස්සු ..

ගජං මල්ලි said...

අනිව සහෝ...ඒ අතරෙ හොඳ මිනිස්සු ඉන්නෙ බොහොම ටිකයි.

Bindi said...

හොරු නැත්තේ කොහෙද . විශේෂයෙන්ම ඔය වගේ තැන්වල ලේසියි අසරණ මිනිස්සු රවටන්න . හැබැයි ලෙඩ වෙලා ඉන්න අයගෙන් හොරකම් කරන එකාට හොරෙක් කියන එකත් හොරුන්ටත් අවමානයක්

duliponline said...

මගෙ ජංගමේටත් කෙල උනා මහ ඉස්පිරිතාලෙ ඩෙංගු හැදුන යාලුවෙක්ව බලාගන්න නතරවෙලා.

ගජං මල්ලි said...

@Bindi - හොරුන්ට අවමානයක් තියෙයි නම් හොරකම් කරන්නෙ නෑ.

ගජං මල්ලි said...

@ඕනයා - එහෙනම් ඕනයියගෙ සාක්කුවටත් ගේමක් දුන්න..

පන්සල් හංදිය said...

ලංකාවේ ඉන්නෙ වැඩි හරියක් බොර දියේ මාලු බාන එවුන් ....

සරත් ලංකාප්‍රිය said...

ඕනය බොරු කියන්නේ .. ෆෝන් එක අඟර දඟර දාපු නර්ස් කෙනෙකුට දන් දීල..

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න