web 2.0

Thursday, June 9, 2011

මලක් නම් මා...


මලක් වි පිපී
පරවෙන්නට වේ නම්
අද හෙට
කුමට පිපෙන්නේ මං
නුඹ නැති ලෝකයක...

එහෙව් ලෝකයක
තනිවී
ඉකි බිදිනා සිතට
සැනසුම
කවුරු කවදා ගෙනේවිද.....

නුඹ සිටියා නම්
සැනසෙම මම
යන්න නුඹ
නමුත්
ආයෙත් එන්න
නුඹට අවැසි දිනක...


11 ප්‍රතිචාර:

රත්ගමයා said...

අඩෝ.....උඹ බීලද???

Dilanka Madhawa said...

මගෙන්ද ඇහුවෙ?

Dilanka Madhawa said...

ආදරේ හැටි නේද අක්කෙ?අපි ආදරේ කරන අය අපි ළඟට එනකම් අපි කොච්චර ඉවසනවද?

නදී said...

අනේ අර කෝපි එක දුම්දානව,බොන්න හිතෙනව

මාතලන් said...

මලක් නම් නුඹ
කුමට තැවෙනුද..
ඇතේ ඹමරුන් දස දෙසේ.....

රොන් පුදන්නට
පහස විඳිනට
සුවඳ පතුරනු නිසි ලෙසේ....

Bindi said...

රත්ගමයාගේ කමෙන්ට් ඒක දැක්කම මුකුත් ලියන්න බෑ. මටත් එකම අහන්න හිතෙනවා. හික්

පන්සල් හංදිය said...

මොකද බොලේ මේ ......

Dilanka Madhawa said...

ලිව්වේ නෙත්පානි අක්ක බව සලකන්න........මම නොවේ

හා පැටික්කි (MS) said...

ලස්සනයි........... :)

අපරාජිතයා :::: Aparajithaya said...

අපෝ බං මමත් මේ අවුලෙන් ඉන්න ටිකේ තවත් විරහා ගී දැක්කාම එපා වෙනවා බොල..

Unknown said...

:)

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න