web 2.0

Saturday, June 25, 2011

කඩේ කට්ටිය BACK 2 SCHOOL



කෝපි කඩේ කට්ටියත් ඉස්කෝලෙ යන සෙට් එකක් [කිව්වට 5 දෙනාගෙන් 3 දෙනෙක්.]එකතු වෙලා කරන එකක් කියල කට්ටිය දන්නව ඇතිනේ?හෝව් හෝව් කට්ටිය කිව්වට 5 දෙනාගෙන් 3 දෙනෙක්ම ඉස්කෝලෙ යන,එකම වයසෙ සෙට් එකක්.ඉතින් කොහොම හරි මේ තුන් දෙනාම 2013 උසස් පෙළ කරන අය.
ඉතින් දැන් දැන් වෙනකොට ඉස්කෝල පටන්ගෙන 3 දෙනාගෙම.
මම ගාල්ල රිච්මන්ඩ් එකේ
එක්කෙනෙක් කොළඹ විශාඛා
අනිත් එක්කෙනා කොළඹ DS එකේ
ඉතින් 3 දෙනාම දැන් බිසී.සෝ ඉතින් ලියන ලිවිල්ල අඩු වේවි.
ඒ උනාට අනිත් දෙන්න ලියාවි උපරිමෙන්ම.
එක්කෙනෙක් ගාල්ලෙ අයිය කෙනෙක්.ගුවන් යානා මෙහෙයුම් ගැන ඉගෙනගන්නව
අනිත් එක්කෙනා අක්ක කෙනෙක්.විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න.
කොහොම උනත් අපි හදන කෝපි බොන්න දිගටම සෙට් වෙන්නකෝ.

16 ප්‍රතිචාර:

පන්සල් හංදිය said...

ඉස්කෝලේ වැඩ නම් අතපසු කර ගන්න එපා ලමයි, බ්ලොග් ලිව්වා කියලා ආත්ම තෘප්තියක් මිසක් වෙන ලාභයක් ලැබෙන්නෙ නැහැ, ඒක නිසා පලවෙනි තැන දෙන්න ඉස්කෝලෙ වැඩ වලට,

ඉඳලා හිටිලා හරි ඒ වුනාට ලිපියක් දෙකක් දාන්න, එහෙනම් සුබ අනාගතයක් ......

Anonymous said...

ඉස්කොලේ වැඩ අතපසු නොකර දිගටම කෝපි කඩේ කරන් යන්නකො....

Anonymous said...
This comment has been removed by the author.
Dilanka Madhawa said...

@ පන්සල් හන්දිය-ඔව් ඔව් අයියේ.ස්තුතී කමෙන්ටුවට

Dilanka Madhawa said...

@ නිම්ශා-කඩේ කරනව කොහොම හරි.කෝපි බොන්න එන්න කෝ.

සාටර් said...

ඔක්කොම කරගෙන යමු එලටම :) අපිත් ඔය වයසෙ තමා :)

www.ceylonlanka.info said...

ඉගෙනීමට පළමු තැන දෙන්න කඩේ ගැන අනිත් share holders ල බලා ගනීවිනේ

Anonymous said...

හා හා ළමයි, ඉස්කෝලෙ වැඩට මුල් තැන දෙන්න. බ්ලොග් නං කොයි කාලෙ කොයි විදියට ලියාගන්නෙ බැරිද. තුන් දෙනාගෙම ඉදිරි අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !

duliponline said...

එල එල මලේ . . . . අනිත්ව කොහොම උනත් ඉස්කෝලෙ වැඩ හොඳට කරල හිටපං . . . . .බ්ලොග් ලිවිල්ලෙන් ලැබෙන්නෙ හිතේ සොමිය විතරයි (වෙලාවකට එහෙමමත් නෑ, බ්ලොග් ලියල ගොඩගිය එවුවොත් ඉන්නව)

Bindi said...

මටත් කියන්න තියෙන්නේ පළමුව ඉගෙනුම. විනෝදෙට මේවා ලිව්වට කමක් නැහැ. සුබ පැතුම්

කිඩෝ said...

දෙකම කරගෙන යමු මචං... බලපන් ඊයෙ පෝස්ට් එකක් දානවයි කියලා ආවට තාම වෙලාවක් ගැබුනෙ නෑ නෙ ඉහි ඉහි...

හිස් අහස said...

අපිට කඩේ කට්ටියව අමතක වෙන එකක් නෑ . විභාගේ ගොඩ දාගෙන ඊටපස්සේ ලියමු නැති මදි නොකියන්න

මකුළු පැංචි (මංචි) said...

කලින්ම ඉගෙනගෙන හිටියොත් තමා හොඳ..නැත්තම් බ්ලොග් ලිවිල්ලත් පැත්තක තියෙද්දි රස්සා හොය යන්නයි වෙන්නෙ... :P

අපරාජිතයා :::: Aparajithaya said...

මම චැට් එකේඩි උඹට කියන්න ඔනා එව්වා හැමදාම කියනවනේ.... එලටම කරපන් කොල්ලෝ වැඩ ටික...

සරත් ලංකාප්‍රිය said...

ඔන්න මමත් ආව.. අපි වාගේ වැඩිහිටියන් ඉන්න ඕනනේ මේ ගොල්ලන්ගේ වැඩ ටිකක් පරීක්ෂා කරන්න ..හික් !

rachi said...

ආ මේ පොඩි මල්ලිලා සෙට් එකක් නේ. ම්ම හිතාගෙන හිටියෙ ටිකක් ලොකු අය කියලා. මොනවා උනත් එල වැඩක් කරන්නේ. ම්ම නම් ඉඩක් ලබුනොත් කෝපි එකක් බොන්න එනවා මයි. මගේ බ්ලොග් එකට good idea කියල නම දැම්මෙත් කෝපි එකක් බොන්න කියපු ගුඩ් අයිඩිය එක හින්දා. මොනවා උනත් ඔයලාගේ පාසල් වැඩ කටයුතු සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.gud luck

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න