web 2.0

Saturday, August 21, 2010

මැසිමක් හදන්න දෙනවනම්???

අදනම් කියන්න යන්නේ ගාල්ලේ ප්‍රධානතම කොම්පියුටර් හදන තැනකින් කරපු වැඩක් ගැන.සිද්ධිය මෙහෙමයි.
අපේ අම්මගේ යාලුවෙක්ගේ දුවෙක් නොහොත් අක්කා කෙනෙක්(මෙතන අක්කා නොදැම්මනම් අපේ උන් කරන ඒව මම දන්නවනෙ.)මට කෝල් එකක් දීලා කිව්වා
"මල්ලී අපේ කම්පියුටරේ වීඩියෝ එන්නේ නැතුව හදන්න දුන්නා.(දීපු තැන ඔය මම උඩින් කියපු ප්‍රධානතම එක තමයි.)එයාල බලලා කිව්වා මදර්බෝඩ් එක,රැම්,ප්‍රොසෙසර් අලුතෙන්ම දාලා හදන්න වෙනවා.අපි රු.20,000 කට විතර හදන්නම් කියලා.ඉතින් මොකක්ද කරන්නේ?මල්ලි පොඩ්ඩක් බලනවද ඊට අඩුවෙන් හදන්න?"

ඉතින් මම පහුගිය ඉරිදා දවසෙ(08)වෙනිදා උදේ එහේ ගියා.මොනිටරේට ගහලා බැලුව.වීඩියෝ අවුට් එකක් නෑ.අක්කගෙන් අහුව
"අද මැශින් එකක් එසෙම්බල් කරනවද?"
කියල.
"ඔව්"
කිව්ව නිසා පරණ බෝඩ් එක ගලවලා කේසින් එක ටිකක් සුද්ද කරලා වෑන් එකට දාගෙන කොම්පියුටර් හදන තැනකට ගෙනිච්චා.(ප්‍රසිද්ධ තැනට නෙවෙයි.)ගිහින් අයියේ "මැශින් එකක් එසෙම්බල් කරනව.මෙන්න මේ පාර්ට්ස් වල ලාස්ට් ප්‍රයිසස් දෙන්න"කියලා කියල මම දැන් එකෙන් එක කියනව.

"ෆොක්ස්කොන් ජී 31?"
"රු.5850.00"
"කින්ග්ස්ටන් ගිගා බයිට් 1 රැම්?"
"රු.3300.00"
"ගිගා හර්ට්ස් 2.6 ඉන්ටෙල් ඩුවල් කෝර්?"
"රු.3400.00යි.අවුරුදු 5ක් වොරන්ටි"

දැන් මේ අයියා එකෙන් එකේ ගණන් කියන කියන සැරේට මම බිම බලනව.අයියට තේරුනා මොකක් හරි අවුලක් තියෙනව කියල.
"මොකද මල්ලි මොකක් හරි කම්පෙයාර් කරනවද?"
"අයියේ මම ඊයේ අනිත් ශොප් එකෙන් මේවට ගනන් ගත්තා.ප්‍රොසෙසරෙයි,බෝඩ් එකෙයි රු.100 ගානේ අඩුවට ඔයාලගේ අනිත් ශොප් එකෙන් ප්‍රයිසස් දුන්නා."
"ආහ් මල්ලි කියන්න එපාය.මට කිව්ව වෙනම කොලේක ලියල දුන්න,ඔයා ආවොත් ඒ ගනන් වලට දෙන්න කියල"

කොහොමින් කොහොමින් හරි මැසිමට තව ඩී.වී.ඩී රයිටරේකුත් එක්ක රු.20450.00 ක් එකතු කරල කැල් එකේ ගාන මට පෙන්නුව.
"අපෝ ඒකෙන් 450 ක් අඩු කරල 20000ට කරන්න පුලුවන් නේ?"
"අපෝ මල්ලි මේ නෝර්මල් ගානටත් වඩා අඩු කරල තියෙන්නෙ.තවනම් බෑ."

එපාර මම අක්කට ගාන පෙන්නුව.අවුලක් නෑ.
"අයියේ මම මැසිම එසෙම්බල් කරන තැනට ගියාට අවුලක් නෑ නේ?
"අපෝ ප්‍රශ්නයක් නෑ.අයියේ යන්න..."

එපාර අක්කගේ තාත්තා,අන්කල් කිව්වා
"මෙයා තාම ඕලෙවල් කරලවත් නෑ"කියල.
"එහෙනම් ශුවර් එකට අයියා තමයි"
කියලා කොහොමින් හරි මැසිම එසෙම්බල් කරන් ගෙදර ගෙනාවා.

ඊට පස්සේ මම පරණ කෑලි ටික චැක් කලා.
මෙන්න බොලේ.බිලේ තියෙන බෝඩ් මොඩ්ල් එකයි දාල තියෙන එකයි දෙකක්.
පස්සේ මම අන්කල්ටයි,අක්කටයි කිව්වා.
තවත් එක එක සැක හිතෙන වැඩ ටිකක් දාල තිබුන නිසා මම අර කියපු ප්‍රසිද්ධ තැනට කතා කරලා අහුවා.
"සර්,මට ඕකට හරි උත්තරයක් අද දෙන්න බැහැ.හෙට මම උත්තරයක් දෙන්නම්"
ඊට පස්සෙන්දා මම එහේ යන්නත් කලින් අර හදන කොම්පැනියෙන් ගෙදරටම ඇවිල්ලා.බෝල ගානක් බස්සලා.අක්කයි,අන්කලුයි මේව ගැන එච්චර දන්නේ නැති නිසා
"පුතා ආවහම එන්නම් කියල"
තිබුනා.
පස්සේ මමත් ගියා.ගිහින් කතා කරහම කියනව
"ඔයාල අපට 2008 දී කියල තියෙනව බෝඩ් එක මාරු කරල එම්.එස්.අයි බෝඩ් එකක් දාන්න කියල.ඒ නිසා මාරු කලා"
කියල.
තව ටිකක් වෙලා කතා කරහම කියනව
"බෝඩ් එකේ මොකක් හරි ඩැමේජ් එකක් නිසා වොරන්ටි පීරියඩ් එකේ මාරු කරල තියෙනව"
කියල.
මමත් කට වහගෙන හිටිය.
පස්සේ කිව්ව
"තව දවස් දෙකකින් වොරන්ටි යවපු එකට හේතුවත් එක්ක ඔක්කොම පෙන්නන්නම්"
කියල.මමත් ආව ඉතින්.ඕක මගේම එකක් උනානම් මම ලේසියෙන් අත අරින්නේ නෑ.නමුත් මෙතනදි මට පුලුවන් උපරිමෙන්ම මම අත දැම්මා.
ඔක්කොමට වඩා අවුල කියන්නේ මේකයි.

ගත්ත දවසේ ඉඳලා ගෙදරටම ඇවිල්ලා සර්විස් කරවපු අය,ආපු වෙලේ ඉඳන් යනකම්ම මැසිම ලඟට වෙලා ඉන්නවනම් අච්චර තඩි බෝඩ් එකක් ගලවල මාරු කරන හැටි ගෙදර කවුරුවත් නොදැන ඉන්න එකයි.

ඒ නිසා මම නම් තාමත් හිතන්නේ වීඩියෝ එන්නේ නෑ කියලා චෙක්කරවන්න දීපු වෙලේ අර ප්‍රසිද්ධ අය බෝඩ් එක මාරු කලා.
ඉතින් මේ වගේ තව අයියලා ඉන්නවනේ.ඔයාලත් මැසිමක් හදන්න දෙනවනම් විස්වාසවන්ත තැනකට දෙන්න.

අදට ඇති.

5 ප්‍රතිචාර:

දුකා said...

මේ අපි වගේ පහුගිය ජෙනරේෂන් එක අයිති පොරවලුත් බ්ලොග් අවකාශේ ඉන්න නිසා මැෂිමක් කිව්ව ගමන් මතක් වෙන්නේ ගෙදර තියෙන මහන මැෂිම . . .හික් හික් හික්

අනික මේ කොම්පූටර් භාශාවෙන් කෙටි කරලා ලියපුවා හරි වචන දාල ලියන්න පුලුවන් නම් ඒකත් හොඳයි. . .

බෝඩ් එක කිව්වේ මදර් බෝඩ් එක වෙන්ටැ

පිස්සා පලාමල්ල said...

ඔය වගේ දේකදි තැනේ නම දානවනම් හොඳයි නේද මලේ....

Unknown said...

හ්ම්..බලාගෙන ගියාම හැම තැන ම හොරු...
ජයවේවා!!!

Isuru Wijesinghe said...

@ Sampath හොරුන්ටද ජයවේවා කිව්වෙ... :P :P

@ දුකා අයියෝ

දැන් අයියා ගොඩක් වයස වෙන්ටැ. මොකෝ ගොක් කොල වැල් හෙම රෑට රෑට පෙනවැයි

ක්සැන්ඩරයා said...

හ්ම්ම්.. ෂුවර් එකට PC House වෙන්න ඇති. මොකද උන් මගේ VGA එකට පල් වැඩක් කරා. මම දවසක් මගේ Gigabyte Nvida 256 VGA එක ( PC House මහනුවර එකෙන් ගත්ත එකක් ) Heat වෙලා VGA එකේ කලර් අප්සෙට් උනා. මම මේක ගෙනිහින් දුන්නා වොරන්ටි තිබ්බ හින්ද. අනතිමට උන් මේක කොළබ යවල කිව්වා. සති දෙක තුනක් ගිය. වැඩේ වෙන්නේ නෑ. මම ගිය මගේ යාලුවෙකුත් එක්ක මේකේ හෙඩ් ඔෆිස් එකට. එතනින් මම අන්තිමට හොයාගත්තා මගේ කාර්ඩ් එක නැති වෙලා කියල. හොද වෙලාවට මගේ ලග තිබ්බ මම කාර්ඩ් එක දීපු වෙලාවේ ගත්ත ලියකියවිලි ටික. ටිකක් බර බාරයක් ඇදල කොහොම හරි මම MSI එකක් ගත්ත 512 මෙමරි එක්ක. හැබැයි අතින් 300 ගෙවල.

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න