web 2.0

Sunday, June 27, 2010

පොසොන් එකට අපේ වැඩ...(ආතල්+හැමදේම....)

පොසොන් එකට සිල් ගත්ත හැටි මම එදා කිව්වනේ.කොහොම හරි මගේ කාලේ හොඳ වැඩි වෙලාද මන්දා 24 වෙනිදා රෑ මහ වැස්සත් එක්ක හුළඟට අපේ ගේ ළඟින්ම ගහක අත්තක් වැට්ටා.අපරාදේ කියන්න බෑ.ඒ වැඩෙන් අපේ ගෙදර විතරක් කට්ට කලුවරේ.මම වෙලාවට එදා දවල් පෝං එක චාර්ජ් කර ගත්ත නිසා මටනම් එච්චර අවුලක් දැනුනේ නෑ.(නොදැනුනේමත් නැත.)

ඊට පස්සෙන්දා උදේම ලංකා විදුලිබල මණ්ඩලේට කිව්වා.ඒ හින්දමද මන්දා 25 වෙනිදත් රෑ කළුවරේ.

යන්තම් පොසොන් එක දවසේ හවස ලයිට් හදලා තිබුනා.එදා තමයි ඔය සිල් ගත්ත හැටි ලිව්වේ.ලිව්ව විතරයි ඒකට ආපු කොමෙන්ටු බලන්නවත් වුනේ නෑ ශ්‍රී ලංකා ටෙලිකොම් අල.අපේ ගෙදරටම විතරද මන්දා.තාමත් ටෙලිකොම් නම් හැදුවේ නෑ.

ඒකෙන් මේකෙන් කියන්න ගිය කතාවත් අමතක වුනා.

පොසොන් එකට දහම් පාසලේ සිල් ගන්න එක තමයි දිගටම කරගෙන ආවේ.මේ පාර ඒ වෙනුවට දන්සැලක් කරන්න තමයි කටයුතු කලේ.

පොසොන් දවසේ මම කරපු වැඩ ටික කිව්වනම් දන්සැලේ වැඩයි අනිත් ඒවයි ඔක්කොම කවර්.ඒ නිසා එහෙමම දාන්නම්.

පොසොන් එකට පස්සෙ දවසේ භක්ති ගීත ගායනයකට අපේ දහම් පාසලට ආරාධනයක් ලැබිලා තිබුනා.ඉතින් ගිය සතියේම ඒ වැඩ වලට හවස 5.30 විතර ඉඳන් පන්සලේ.පෝය දවසටත් ප්‍රැක්ටිස් කරමු කියලා එන්න කිව්වා උදේ 9.30 ට.

ඉතින් මම උදේ 9.30 ට ගියා.මොන?කොල්ලො දෙන්නෙක් විතරයි හිටියේ.මමත් ඉතින් පොර වගේ මිස් කෙනෙකුට කෝල් කලා.මිස් දැන් එනවා කිව්වා.ටිකකින් පණිවිඩේ ආවා පහළ පන්තියකට එන්න කියලා.ගිහින් බැලින්නම් ලයිට් නෑ.එපාර සර් ගියා සහන් කියලා යාලුවෙක්ලහ.ගිහින් ගෙනාවා බැටරි වලින් දුවන ඕගන් එකක්.ගෙනත් කට්ටිය එනකම් ඉන්නව ඉන්නව.නෑ.ටිකකින් කෙල්ලෝ තුන් හතර දෙනෙක් ආවා.

ඒ අතරේ සර් කිව්වා මල් ගොටු හදන්න.(හවසට මල් දන්සැලක් සහ බෙලිමල් + හකුරු දන්සැලක් වෙනුවෙන්.)

හද හද ඉන්නකොට ලයිටුත් ආවා.එපාර පහළ පන්තියේ ලයිට් නෑ.(තාම වයරින් කරනව.)එපාර ගියා උඩ තට්ටුවට.එතන ඉඳන් ප්‍රැක්ටිස් කලා.11 ගෙදර එන්නම් කියලා මම තාත්තට කිව්වේ.පන්සලෙන් එනකොට 12.15 විතර වෙලා.එහෙමම ගියා දසුන්ලහ.

දන්සැලේ වැඩ වලට 2.30 ට විතර එන්න කිව්වා හාමුදුරුවො.ඒ නිසා ගෙදර ඇවිල්ලා ටග් ගාලා නා ගත්තා.දැන් වෙලාව 2.00 විතර වෙලා.ඊට පස්සේ අම්මා කිව්වා හොස්පිට්ල් එකේ වැඩ කරන ඇන්ටි කෙනෙක් නෙළුම් මල් වගයක් ගෙනල්ල තිබුනා.මමත් ඉල්ලගත්තා දන්සැලට දෙන්න.අමතක වෙලා හොස්පිට්ල් එකේ දාලා ඇවිල්ලා කියල.යනගමන් අරන් යන්න කිව්වා.

ඒකත් අරගෙන යනකොට 2.45 විතර වෙලා.හාමුදුරුවෝ හිටියේ එළියේම.සේප් වෙන්නත් එක්ක හාමුදුරුවන්ගේ අතටම දුන්නා මල් ටික.දීලා මම බයිසිකොලේ දාලා ආවා.ඇවිල්ලා වැඩ කලා.(වැඩ කිව්වට වැඩම නෙවෙයි.)

අපේ 11 වසරේ කොල්ලෝ එකෙක්වත් හිටියේ නෑ.මොකද උන්ට සරම ඇඳගෙන එන්න කිව්වා.භක්ති ගීත වලට ඉන්න නිසා අපට චාන්ස් එකක් හම්බ වුනා.මම දන්නවනේ අපේ උන්ගේ හැටි.මම හවස ගිහිපු වෙලේ කිව්වා සර් එක්ක සර් මටත් තනියම ඉන්න බෑ.අපේ කොල්ලෝ ටික ගෙන්න ගන්නද කියලා.සර් කිව්වා හා කියලා.මම එහෙමම කෝල් එකක් දුන්නා හසිතයට.පැය භාගයක් යද්දී අපේ කොල්ලෝ ටික එතන.

පස්සේ දන්සැල පටන් ගත්තා.පාරට පැන පැන වාහන නැවැත්තුවේ.කොහොම හරි මමත් 300-400 කට ඇල්ලුවා.මම වැඩිපුරම මම අල්ලලා තියෙන්නේ ලෑන්ඩ්මාස්ටර් වලට.ඒක නෝට් කරගෙන පාරමී,චතු,නිකිණි,සඳු කස්ටිය එක්ක අපේ උගන්නන අක්කලාට(මිස්ලට.)කියලා.

එයාලත් දිලංක අන්න තව ලෑන්ඩ්මාස්ටරයක් එනවා කිය කිය වස නෝන්ඩියක් දුන්නා.එපාරනම් එපා වෙලා හිටියේ.

ඒ මදිවට හැමෝටම බෙලිමල් හම්බෙනවද බලන්න කියලත් මට කිව්වා.තව ටිකකින් දිලංක අල්ලන කෝප්ප ආයි හම්බෙනවද බලන්නත්.තවත් ටිකකින් දිලංක හකුරු ගානට දෙනවද බලන්න කියලත්.

ඔය ටික කරන අතරේ මටත් මහන්සියට පැත්තකට වෙලා බෙලිමල් එකක් ගැහුවා.

ඒකට මෝල් වෙලා ආයි වාහන නවත්තන්න පාරට බැහැපු ගමන් මම කෑගැහුවේ බෙලිමල් කාල හකුරු බීල යන්න එන්න කියල.අපේ කෙල්ලෝ සෙට් එකම කට අල්ලන් හිනා වෙනව.අපෝ එහෙම නෝන්ඩියක්. ඔය අතරේ හාමුදුරුවෝ කතා කරලා කිව්වා දිලංක අපි දැනටමත් 2000+ බෙලිමල් සංග්‍රහ කරලා කියලා,මටත් ඉතින් ෆුල් හැපි.අපි ලෑස්ති වුනේ 1000 කට.පාරට බැහැලා පැය එකහමාරක් යන්නත් කළින් 2000+ සංග්‍රහ කරලා.

ඊට පස්සේ මම ගිහින් පාරමී ගේ තාත්තගෙන් ඇහුවා අංකල් කොහොමද දැන් නවත්තනවද?තව පුලුවන්ද කියලා.අංකල් කිව්වා අවුලක් නෑ තව දෙන්න පුලුවන් කියලා.ඉතින් දිගටම වැඩේ ගියා.

මට ආයි හිතුනා අර 2000+ එකට ආයි පාරක් සම්මාදම් වෙන්න.ගිහින් ගත්තා බෙලිමල් එකක්.පාරමීගේ තාත්තා තමයි වක් කලේ.මමත් ඉතින් ගිහින් ගත්තා.අපරාදේ කියන්න බෑ ඉස්සෙල්ලා එක වගේ නෙවෙයි.කටේ තියන්න බෑ රස්නෙයි.මොනව කරන්නද පැත්තකට වෙලා බොන්න ගත්තා.

ඔය අතරේ අර මම උඩින් කිව්වේ කෙල්ලෝ සෙට් එක මම කට පුච්චගන්න දඟලන හැටි බලාගෙන හිනා වෙනවා.මොනව කරන්නද?මම හෙමීට බිව්වා.ටිකකින් චතූ කෑ ගහනව පාරමී අන්න අරය වීඩියෝ කරගන්න කියලා.සීකේ.පාරමීගේ අතට කැමරා පෝං එකක් දීලා වීඩියෝ කරගන්න.මමත් හැංගි හැංගි ගස් අස්සේ රිංගගෙන බිව්වා බීලා ඉවර වෙනකොට දිවත් පිච්චුනා. (කොහොම හරි පාරමී මාව වීඩියෝ එකට අල්ල ගත්ත කියල අද චතූ කිව්වා.)පැයක් විතර දිව එළියට දාගෙන තමයි වාහන නැවැත්තුවේ.

පස්සේ දැන්සැල ඉවරයි.

ඇඟ අලෙන්න දාඩියයි.මම අම්මට කෝල් කලා පන්සල් එනවද අහන්න.එනව කිව්වා.මම කිව්වා මම එනකම් ඉන්න කියලා.(එක හේතුවක් ඇඟ හෝද ගන්න.අනික කාර් එක අතට ගන්න.)කොහොම හරි ගෙදර ගිහින් ඇඟත් හෝදන් කාර් එකේම පන්සල් ගියා.අපේ උන් ටික දිගටම පන්සලේ හිටියේ.උන් ටික වඳින්නෙත් නැති නිසා පිටත් කලා දන්සැලේ පෝළිමට.යවලා මම කාර් එකේ හිටියා අම්මල එනකම්.ඊට පස්සේ අර භක්ති ගීත වැඩසටහනට යන වෙලාවත් අහගෙන ආවා.ඇවිල්ලා කාර් එක දාලා පුටාර් එකෙන් දන්සැල් වැඳලා එනකොට රෑ 10.00 ත් පහුයි.පාඩම් වැඩ ටිකකුත් කරලා නිදාගන්නකොට 12.00 පහුයි.

සෙනසුරාදා(ඊයේ.)තමයි භක්ති ගීත වැඩසටහන තිබුනේ.එදා ප්‍රැක්ටිස් නෑ හැමෝටම පන්ති නිසා.හවස 4.30 ට පන්සලට ගියා.ගිහින් කට්ටියත් එක්ක පිටත් වෙනකොට 5.00 ත් පහුයි.

ඒ වැඩසටහනේ අපේ චාන්ස් එක එනකම් ඉන්න ගමන් චතූ අහනව මතකද මීට අවුරුදු දෙකකට කලින් මෙහෙමම කස්ටිය සෙට් උනා කියලා.(ඒ දවස් වල පාරමී එහෙම ගොඩාක් ලඟින් හිටියනේ.දැන් ඉතින් එහෙම නැති නිසා මතක් වෙද්දී මගේ ඇස් අගට කඳුලක් නාවාම නෙවෙයි.)

ඔය අතරෙදී මම ඇහුවා මතකද පොල් කටු සීන් එක කියලා.

චතූ අහනව ඒ කතාව තාම මතකද කියලා.(මම පොල් කටු සීන් එක අගටම දාන්නම්.)

එපාර ටිකෙන් ටික අපේ චාන්ස් එක හම්බ උනා.මම කිව්වා අපේ කොල්ලොන්ට සරම් වස සිප් එක වහගෙන එහෙම වරෙල්ලා යන්න කියලා.කොහොම හරි සෙට් එක අරන් ගියා.ගිහින් භක්ති ගීතය ගායනා කලා.(මගේ පෝන් එකෙන් වීඩියෝ කරපු එක ඔය පහලින් ඇති.)



ගීතෙත් ගායනා කරලා කස්ටියම විසිර ගියා.තාම මුකුත් හරිහමන් ප්‍රතිචාර නෑ.බලමුකෝ.


පොල් කටු සීන් එක~~~

මම කිව්වනේ අවුරුදු දෙකකට කලිනුත් මේ පාර වගේම භක්ති ගීත වැඩසටහනකට ගියා කියලා.එදා තිබුනා මොකක්ද කෝල්මක්.කෝලම් වල ඉතින් ගෑනුන්ට ඇඳලා ඉන්නෙත් පිරිමි නේ.මම කෙල්ලොන්ගෙන් ඇහුවා කොච්චර ගේමක් දෙන්න ඇතිද හරියට පොල් ගෙඩිය පලාගන්න කියලා.අන්න ඒක තමයි පොල් කටු සීන් එක.

(ඒ කතාවේ තේරුම තේරුම් ගන්න බැරි බබාලා නෑ නේ.හැබැයි තේරුම් ගන්න අමාරුනම් මම බෝල්ට් කරලා තියෙන ටික ගැන අවධානය යොමු කරලා පොඩ්ඩක් හිතන්නකෝඅ.)අදට ඕනවටත් වැඩියි වගේ.


හිතට දැනෙන දෙයක් යටින් ලියලා යන්නකෝ...

3 ප්‍රතිචාර:

Anonymous said...

he he ela bro thawa thawa oya wage siddi daanna :D

පසන් said...

පට්ට කතාව

පන්සල් හංදිය said...

කෙටියෙන් ලියනවා නම් එල .......

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න