web 2.0

Friday, June 25, 2010

සිලුත් ගත්තා කියමුකෝ....

අදත් කියන්න යන්නේ ටිකක් ආතල් කතාවක්.අපේ 11 වසරේ සැට් එකට මේ පාර පොසොන් එකට සිල් ගන්න කිව්වා ඉස්කෝලෙන්.කොහොම හරි වැඩේට සෙට් උනේ 24 වෙනිදා.උදේ 7 ට තමයි එන්න කිව්වේ.සරම් කොටත් ගහගෙන.(එපා වෙනව.)
                                                                    චතුර                              මනුජ
මමනම් හිතාගෙන හිටියේ දසුන්,මනුජ,පසිඳු ලා එක්ක චතුර(PPGK[පිං පොං හන්දියේ ගොඩේ කොල්ලා])ල ඉන්න තැනින් වාඩි වෙන්න.
කොහොම හරි අපි සිල් සමාදන් වෙන්න යනකොට 7.30ත් පහුයි...හාමුදුරුවෝ දෙපාරක්ම සිල් දුන්නා.ඊට පස්සේ දුන්නා ධර්ම දේශනාවක්."පියවර මනිමින් යන්න.එතකොට රි..... එකේ ගැණු ළමයි ඔයාලව හොඳ ළමයි කියල හිතයි"කිව්වා.ඒ විතරක් නෙවෙයි.මූණටම කිව්වා "මේපාර 11 වසරේ ළමයි ගිය පාර 11 වසර ළමයි තරම් හොඳ නැ"කියලම.හොදි ඕන නැ.
කොහොම හරි පියවර මැන මැන විනාඩි 10 ක් විතර ගිහින් ශාලාවට ගියා.යන ගමන්ම හොඳ හොඳ ඒවා කිය කිය සීලේ උපරිමෙන්ම රැක්කා.
ඊට පස්සේ උදේ දානේ.ඒකත් අපේ උන් ගත්තේ බදාගෙන.වෙනද විදිහටම.ඊට පස්සේ ධර්ම දේශනයක් තිබුනා.දවල් දානේට ලැස්ති වෙලා වාඩි වෙලා ඉන්නකොට මගේ එහා පැත්තේ හිටපු පසිඳුව නැත්නම් දසුන් පටන් ගත්තා ගුටි කෙලි.කෙලි කිව්වට ගුටි පාස්.දැන් මුන් ටික ගුටි පාස් කිය කිය අල්ලපු එකා හමගහනව.
ඒකත් එක කොනකට ගිහින් නැවතුනා.(25ක් 30 විතර තමයි ගුටි කැවේ.)
ඊට පස්සේ බැග් පාස් කරන්න ගත්තා.දසතින්ම බැග්.රතු පාටද,කොල පාටද,කලු පාටද...වයිවර්න බැග්.
දානෙන් පස්සේ එක එකාගේ සරමේ එල්ලෙන්න ගත්තා.(යටට හැම එකාම කලිසම් ගහලා හිටියේ.උන්ට සරම ඇඳලා පුරුදු නැ.)
ඒක ඉවර උනාට පස්සේ භාවනා වැඩසටහනක්.පැයක් විතර කකුල් දෙකත් නවාගෙන ඉන්න වුනා.විනාඩි 10ක් යන්නත් කලින් මටනම් සනීපේ දැනුනා.භාවනාවට අනුව තත්පර 30ක් හුස්ම ගන්නවා.විනාඩියක් අල්ලන් ඉන්නවා.තත්පර 30 පහල හෙළනවා.
ඔය විදිහට විනාඩි 40ක් විතර කලා.(මම නම් ලෝබ නැතුව හුස්ම ගත්තා.)
ඊට පස්සේ සීලේ පවාරනේ.භාවනා කරලා එකෙක් එහෙමම නිදි.අනිත් එවුන් පසඟ පිහිටුවාගෙන වැඳගෙන ඉන්නවා.අපිව නැගිට්ටලා නිදා ගන්න එකාව පෙන්නුවා.පෙන්නල මල් හතේ නෝන්ඩියක් දුන්නා.දීලා ආයි පසඟින් වැඳලා තමයි ඉස්කෝලෙන් ආවේ...හොඳ ගනන්..

2 ප්‍රතිචාර:

Hasitha Gunasinghe said...

පුංචි උපාසක මහත්තුරු ටික යස අගේට සිල් අරන් වගේ :)

පිස්සා පලාමල්ල said...

මම නම් කවදාවත් නැහනේ සිල් අරන්... එක පාරක් අනිවාර්ය කලා.. හික් හික් මේ මම යයි... 8 දිද මන්ද... පස්සෙ ගොඩකන්ද මිස් ( තාම ඉන්නවද මලේ... ) කිව්ව " එහෙම ළමයින්ට බල කරන්න බැහනේ... " අනම් මනම්... සීන් එක ගොඩ.

ඇයි බොල ඔහොමද සිල් ගන්නේ උබල.. යසයි යසයි හික් හික්..

රි.... ළමයිනුත් සිල් ගත්තද ඉතින් ??? හික් හික්

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න