web 2.0

Saturday, June 12, 2010

මවකගෙ උණුසුම නොලබා සැපට නිදන පුතේ.....

අද දාන්නේ මට ලස්සනයි කියලා හිතුන සිංදුවක්.සිංදුවනම් ලස්සනයි.අපේ පන්තියේ ශෙහාන් සොහොයුරා ලස්සනට ගායනා කරනව ඇහිලා තමයි මටත් ආස හිතුනේ.ඔයාලත් අහලා බලන්න.ඔරිජිනල් සින්දුවේ ලින්ක් එකක් පහතින් දාලා ඇති.ශෙනාන් ගායනා කරන එක රෙකොර්ඩ් කර ගනිපු කාලෙක දෙන්නම්කෝ...

මවකගේ උණුසුම නොලබා සැපට නිදන පුතේ...
ඔබටත් මට මෙන් තනිකම් දැනෙනවාද පුතේ...
ඔබෙන් සිඟිති පුතේ...මගෙ පාළුව මැකේ...
ඔබෙන් සිඟිති පුතේ...මගෙ පාළුව මැකේ... 

හිතේ තියෙන පාළු ගතිය මගහරින්න පුතේ...
සුරකුමරුන් සමගින් ඔබ හිනහෙනවද පුතේ...
අප දෙන්නා අඳුරු ලොවක තනිකරදා පුතේ...
නුඹෙ අම්මා දිවිය ලෝකෙ ගියා චූටි පුතේ...

මාහටදී ඔයා...ඈ සුරලොව ගියා... 
සුරවිමනට වැඩී...මගෙ රන්කඳ නිදී...//
තාමත් කිරි සුවඳ දැනේ ඔබේ සිඟිති කටේ...
ඔබ නැතිනම් මම ද නැතත් මැරී ඇතැයි සිතේ...
පුතුගෙ උපත මවගෙ විපත සිදුවුනෙ එක දිනේ...
කොහොමද මම සිහි කරන්නේ පුතුගෙ උපන් දිනේ...

මාහටදී ඔයා...ඈ සුරලොව ගියා...
මාහටදී ඔයා...ඈ සුරලොව ගියා...

ලොකු උනාම අම්ම ගැන අහන්නෙපා පුතේ...
එතකොට මගෙ දෙනේත් වලට කඳුළු උනයි පුතේ...

සුරවිමනට වැඩී...මගෙ රන්කඳ නිදී...
සුරවිමනට වැඩී...මගෙ රන්කඳ නිදී...


මෙන්න ඩවුන්ලෝඩ් ලින්ක් එක....
http://www.mediafire.com/?xymyiiwgqzz

5 ප්‍රතිචාර:

Unknown said...

ඇත්තටම ලස්සන සින්දුවක්

Unknown said...

@තිසර ප්‍රියංකර

http://thisaraps.blogspot.com/2010/03/blog-post_19.html

දුකා said...

මේක හරිම දුක්බර ගීතයක් . . .

රවා said...

කාලෙකින් දැක්කෙ ලස්සන සිංදුවක් දිලංක

පිස්සා පලාමල්ල said...

පපුවට වැදෙන ලස්සන සින්දුවක් මල්ලි.... පුලුවන් නම් දාපන් උබේ යාලුව කියන එකත්....

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න