web 2.0

Thursday, June 3, 2010

කෙල්ලො එක්කන් යන්න එන තාත්තලා කෙල්ලොත් එක්කම ඇවිල්ලා "මොකද පුතා?ප්‍රශ්නයක් නෑ නේද?"



කස්ටිය කොහොමද?මමනම් සුපුරුදු පුරුදු පරිදි ඉස්කූලිං තමා.අදනම් බකට් සහ ආතල් පිරුණු එළ දවසක්....


මුළින්ම කියන්නම්කෝඅ ආතල් එක ගැන.
මේ දවස් වල අඹ තියෙනවනේ.ඉතින් අපේ එකෙක් අපි හැමෝටම(හැමෝටම කිව්වට 30 කට විතර.) අඹ ගෙනල්ලා.ඒක දිග ඇරියේ ඉන්ටර්වල් එකෙන් පස්සේ.කොහොම හරි අපේ පේළියට අඹගෙඩි 4ක් හම්බ වුනා.මටත් එකක්.
අපි අද පිටිපස්සේම පේළියේ නිසා අවුලක් නෑ.තිබුනෙත් කොමන් ලිට්‍රිජ පීරියඩ් එක.(කොහොමත් ඒ පීරියඩ් එකේ වැඩක් කරන්න බෑ.අපේ උන් එච්චරම මිස්ට ගවුරව කරනව.මිස් මුස්ලිම් නිසා හැමදාම අපේ උන් "ආයුබෝවන්"කියලා තමයි වැඩ පට්ටාන් ගන්නේ.)

කොහොම හරි මිස් අද උගන්නනවා.පන්තියේම උන් අඹ කනවා.මොනව කරන්නද?හිනාකකා හිටිය කොහොම හරි.අන්තිමට මිස්ට තරහ ගිහිල්ලා සර් කෙනෙකුටත් කිව්ව.ලෙඩක් නම් නෑ.කොහොම වුනත් ඒ වෙලාවේ ගිය චූන් එකනම් මෙහෙම ලියලා ඉවර කරන්න බෑ.


බකටුත් වැට්ටනේ.මේ එහෙම එකක්...

හෙට අපේ 9,10 සහ 11 සෙක්ශන් වල පේරන්ට්ස් මීට්න්.ඉතින් ඕකට එන්න කියලා කොළයක් දෙනවනේ.අද වෙනකොට අපේ පන්තිය ඇර අනිත් පන්ති ඔක්කොටම ඔය කොළ දීලා.හරියන්නේ නැති නිසා අන්තිමට මනුජ ගිහිලා ඇහුව සර් ගෙන් සර් හෙට දෙමාපිය රැස්වීම නේද කියලා.එපාර කොහොමින් කොහොමින් හරි කොළ දුන්නා.දැන් ඉතින් හෙට දෙමාපිය රැස්වීම.
ඒ මදිවට අපේ උන් හිතන් ඉන්නේ මමයි මනුජයි තමයි වැඩේ ඇවිස්සුවේ කියල.අද අපි දෙන්නටම පළු යනකම් බැනුම් අහ අහ තමයි ඉන්න වුනේ.
මොකද අපේ පන්තිය තමයි ලෙඩ වැඩිපුරම දාගෙන ඉන්න පන්තිය.


අද හවස පන්ති දෙකයි.එකක් 8.30 ඉවර වෙන්නේ.යන්නේ බයිසිකොලෙන්.(පුටාර් එකෙන්.)අද ගිහින් එද්දී පොඩි වැඩ කෑල්ලක් දාන්න ගිහින් බයිසිකලේටත් උඩින් ගිහින් පාරේ.(මීටර් 5ක් විතර කූල් එකේ උඩින්ම.)වැටිලා අනිත් පැත්ත බලද්දී බයිසිකොලෙත් ඇවිලා මගේ ඇඟේ වැදිලා බිම වැට්ටේ.මගේ ගොන්කමනේ.මොකක් කරන්නද?ඉස්සරහ රෝදේ තාර කට්ටෙකට වැටිලා ඒකයි අවුල.

කැතම වැඩේ කියන්නේ.අපේ වයසේ කෙල්ලො එක්කන් යන්න එන තාත්තලා කෙල්ලොත් එක්කම ඇවිල්ලා "මොකද පුතා?ප්‍රශ්නයක් නෑ නේද?"හපෝයි මට එපා වුනා.ඇවිල්ලා බලද්දී අත් දෙකේම තුවාල.වෙලාවට ඩෙනිම ගහන් හිටපු නිසා දනහිසට එච්චර අවුලක් නෑ.හැබැයි රිදෙනව. හෙට ඉඳන් කැත නැතුව පන්තිවත් යන්නේ කොහොමද?එපා වෙනවා....

5 ප්‍රතිචාර:

Anonymous said...

හොඳ සවාරියක් නොමිලෙම ගිහින් තියෙන්නෙ.

සහන් සටහන් said...

යකෝ මූ නමත් වෙනස් කරලනේ.....
දැංනේ දන්නේ.
අත් දෙක තුවාල කරගත්තට කමක් නෑ මූන හූරගත්තෙ නැතුව :P

පිස්සා පලාමල්ල said...

කෙල්ලො ඉස්සරහ වැඩ දන්න ගිහින් ඉල්ලන් කාල වගේ හික් හික්

Hasitha Gunasinghe said...

ඔහොම යන් මලයා. ඔය කාලෙට ඔහොම තමා

Xpress (SiS™ ) said...

අපෝ කියල වැඩක් නෑ.ඊයේ පාරේ වැද හොත්තෙමි.අද අඬු රිදෙයි.අම්මා තව තවා බනියි...

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න