web 2.0
Showing posts with label මගේ වැඩ. Show all posts
Showing posts with label මගේ වැඩ. Show all posts

Monday, May 19, 2014

හරි වැරැද්ද...

සුභ උදෑසනක් වේවා හැමෝටම....කාලෙකින් ලියන්න යනව උනත්,අද උදේම ලබපු අත්දැකීමක් මේ විදියට අකුරු කරන්න හිතුව..
අපට පුංචිකාලෙ ඉඳන්ම උගන්වන්නෙ පුලුවන්තරම් අනෙත් අයට උදව් උපකාර කරන්න,සමාජයට යහපතක් කරන්න...

 අද,සඳුදාවක්....වෙසක් පොහොයත් එක්කම එක දවසක් නිවාඩු දැම්මම දවස් 5ක නිවාඩුවක අවසානය එහෙමත් නැත්නම්,අපි වගේ පිට පළාත්වල ඉඳන් කොළඹට ඇදෙන ප්‍රමාණය,වෙනත් සඳුදාවකට වඩා වැඩි දවසක්...
අන්න ඒ වගේ බහුතරයක් කොළඹට ඇදෙන්න තෝරගන්නෙ දුම්‍රිය.අපේ වගේ දියුණුවෙන ලෝකෙ රටකට ලාභදායීම ක්‍රමය...
මේ සිදුවීම උනේ හික්කඩුව දුම් රිය පලේදි..ටිකට් එකක් ගන්න පෝළිම වැඩියි අද..මම පෝළිමේ තුන් වැනියට ඉන්නකොට මට පිටිපස්සෙන් තවත් 25-30ක් ඉන්න ඇති.කෝච්චිය අද්දන්න මිනිත්තු 20කටත් වැඩිය තිබුන.අනෙක ඒ වෙලාව වෙනකොටත් ටිකට් දෙමිනුයි තිබුනෙ...
මේ අතරෙ පෙණුමෙන් අවුරුදු 30කට වැඩි ගැහැණු කෙනෙක් පෝලිම ඉස්සර කරගෙන මං හිටපු තැනට ආව..ඇවිත් ටිකට් එකක් අරන් දෙන්න කිව්ව..ඇත්තටම මම මොකක්ද කරන්න ඕනෙ?
බස් එකෙන් බැහැල ටිකට් පෝළිමට පණ කඩාගෙන දුවන මිනිස්සු ටිකක් දැක දැක,ගැහැණු කෙනෙක් පෝළිම ඉස්සර කරන් ඇවිත් ටිකට් එකක් අරන් දෙන්න කිව්ව පළියට ඇත්තටම මට ටිකට් එකක් අරන් දෙන්න හිතුනෙ නැහැ....ඒ කාන්තාව වගේම,මට පිටිපස්සෙන් හිටපු මිනිස්සුත් හිටියෙ සීට් අල්ලන තදියමක...අනෙක ඇති තරම් කෝච්චියට වෙලාව තියෙද්දිත්,අන්තිමට මම ඒ කාන්තාවට පේන්න කිව්ව,"ඒක හරි නෑ නේද?" කියල...
මොකද බබෙක් හම්බෙන්න හදිස්සියකින් යන ගමනක් නොවෙන නිසා.ඒ කාන්තාවට ටිකට් එකක් අරන් දෙන්න විශේශ අවශ්‍යතාවක් නොවුන තැන,අන්තිමට මට බලන්න උනේ ඒ කාන්තාවගෙ මූනෙන් රැවිල්ලක්...
ඒ කාන්තාවට ටිකට් එක අරන් දුන්න නම් මම මට පිටිපස්සෙන් උන්නු හැමෝටමත් ටිකට් අරන් දෙන්න ඕඅනෙ හරි නම්.කොහොම නමුත් අන්තිමට ඒ කාන්තාව මට ඉස්සරහින් හිටපු කෙනෙකුට කියල ටිකට් එකක් ගත්ත...ඒකට මට අවුලක් නෑ....නමුත්......
මට තාමත් ඒ කරපු දේ හරි වැරැද්ද හිතාගන්න බැහැ..ඒ කාන්තාවගෙ පැත්තෙන් මම පුලුවන්කම තියාගෙනම,උදව්වක් නොකරපු කෙනෙක්...අනෙක් පැත්තෙන් මගේ පිටිපස්සෙ හිටපු මිනිස්සුන්ට සාදාරණයක් කල කෙනෙක්..
සුළු සිදුවීමක් වුනත් හිතන්න යමක් ඉතිරි උන තැනක්....ඒ වෙලාවෙ ඉඳන් හිතුවත් මුකුත්ම නොහිතෙන තැන මේ සිදුවීම අකුරු කරන්න හිතුන..
 

Tuesday, November 27, 2012

උසස්පෙළ කේවල ව්‍යාපෘතිය සඳහා දත්ත රැස් කිරීම

කාලෙකින් මේ පැත්තට ගොඩ උනේ බ්ලොග් ලියන,කියවන හැමෝගෙන්ම උදව්වක් බලාපොරොත්තුවෙන්.ඒ තමයි මම උසස් පෙළ කේවල ව්‍යාපෘතියට දත්ත එකතු කරන්න සකස් කරපු පෝරමය පුරවන්න කියන එක.
මම උසස්පෙල ව්‍යාපෘතියට තෝරගත්තෙ "ලංකාවෙ උසස් අධ්‍යාපනය"කියන මාතෘකාව.ඒ නිසා ඔයාල හැමදෙනෙක්ගෙන්ම ඉල්ලා සිටිනව මේ පෝරමය පුරවල මට උදව්වක් දෙන්න කියල.

උපාධි ඇති නැති භේදයක් නැතුව මට මේකට දත්ත ඕන කරනව.ඒ නිසා ඔයාලට උපාධි තියෙනවද නැත්ත කියන එක මේකෙදි විශේශෙන්ම වැදගත් වෙන්නෙ නැහැ.මට ඕඅන සලකා බලන සමාජයේ ජන කොටසකින් අදහස් ගන්නයි.
ඒ වගේම කියන්න ඕන මේ පෝරමය හරහා ඔයාල මට ලබාදෙන දත්ත කිසිම විශියකින් වෙනත් පාර්ශව වලට යන්නෙ නෑ කියලත්.එහෙනම් අදට ගිහින් එන්නම්...

පෝරමය සඳහා ... https://docs.google.com/spreadsheet/viewform?fromEmail=true&formkey=dEtVZUxZRUN3dDl3VmVpV2R2aGo1a1E6MQ

Sunday, April 15, 2012

අවුරුදු සුභපැතුම් විවරණය.

ලැබුවා වූ නව වසර ඔබ සැමටම වාසනාවන්ත සුභ නව වසරක් වේවා ! කියලම එහෙනම් ලියන්න ගමුකෝ...අද මේ පළ කරන්නෙ මට එස් එම් එස් වලින් ලැබුණු සුභ පැතුම් කීපයක විවරණයක්...


සුභපැතුම් විවරණ අංක 01
සුභපැතුම - Labuwa wu sinhala Aluth Avurudda Sahotath paule samatath Dee Kiri, Mee Kiri, Su Kiri, Kal Kiri, Tin Kiri, Piti Kiri, Mudawapu kiri, Itirena Elama Ela Kiri, saubagyamath Suba aluth Avuruddak Wewa......! 
විවරණය-මූ මෑතකදී හරක් පට්ටියක් මිලදී ගෙන ඇත.මේ වනවිට එළදෙනුන්ගෙන් මුගේ බාරියාව කිරි දොවන අතර,ආහ් නෑ නෑ...මූ එළදෙනුන්ගෙන් කිරි දොවන අතර බාරියාව හරකුන්ගේ දත් මදිමින් රැවුල කපනු ලැබේ.ඕනෑම ගව නිශ්පාදනයක් සඳහා අමතන්න...


සුභපැතුම් විවරණ අංක 02
සුභපැතුම - Life is a one way road ,
We can see back,
But we can't go back,
So dont miss anything
Enjoy every moment of ur life..
WISH U N UR FAMILY HAPPY NEW YEAR..
විවරණය- Life is a one way road , මේ නොකියා කියන්නෙ හයිවේ එක ගැන.ලයින් වෙන වෙනම වෙන් කරලනෙ තියෙන්නෙ.
We can see back,කණ්නාඩියෙන් පිටිපස්ස බලන්න පුලුවන් කියල මේ කියන්නෙ.
But we can't go back,මේ පදෙන් කියන්නෙ හයිවේ එකේ රිවස් කරන්න බෑ කියන එක.
So dont miss anything ඒ නිසා ඉන්ටර්චේන්ජ් එක මිස් කරගන්න එපා.
Enjoy every moment of ur life..ඒ දේවල් මතක තියන් හයිවේ එකේ ආතල් එකේ යන්න...
WISH U N UR FAMILY HAPPY NEW YEAR..ඔබ ඇතුලු පවුලේ සැමට සුභ නව වසරක් වේවා!



සුභපැතුම් විවරණ අංක 03
සුභපැතුම - Pahan silak se 'NETHU' dal wewa,
Wasanthayak se 'DIVI' saru wewa,
Pium vilak se 'SUWADA' sadewa,
Me nawa wasare'KIRI' ithirewa...!!!
විවරණය- පහන් දැල්වෙන්න තෙල් දැම්මට කමක් නෑ ඇස් හොඳින් කැරකීම සඳහා තෙල් දමන්න.වසන්ත කාලෙට විතරක් නැතුව හැමදාම හොඳට දත් මදින්න.තුන්වෙනි පදෙන් කියන්නෙ මගේ සෙන්ට් එක මාරු කරන්න කියල.අවසාන පදෙන් කියන්නෙ හොඳට ගින්දර දාල ලිප මොලවන්න කියල..



සුභපැතුම් විවරණ අංක 04
සුභපැතුම - Keep the smile.. Leave the tear..think of joy..forget the fear.. Hold the laugh.. Leave the pain.. Be joyous.. Happy New Year!
විවරණය - ඉස් මයිල්...ආහ් කොන්ඩෙ කොන්ඩෙ..කොණ්ඩෙ කපන්න එපා..ටයර්..ම්ම්ම්....වාහනේ ටයර් මාරු කරන්න.ජෝයි කියන එකා ගැන හිතන්න[අනෙ අම්මප කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියලවත් දන්නෑ ඕං]හිතල බය ගන්න...හිනා වෙන වෙලාවක මීඩියා ප්ලේයරේ බට්න් එක ඔබන්න..පයින්ම යන්න.ජෙලස් වෙන්න.සුභ අලුත් අවුරුද්දක් වේවා!



සුභපැතුම් විවරණ අංක 05
සුභපැතුම -Palasak vilasa yana maga mal athirewa..
Ahasak usata usa pathuman ituwewa..
Dahasak pahan dalvi maga eliwewa..
Aruthak genena SUBA NAWA WASARAK WEWA..~*
Samaya satuta piri kiriyen paniyen ithiruna SUBMA SUBA NAWA WASARAK...
විවරණය - යන එන පාරවල් වල මල් ඇතිරේවා...ම්ම්...මල් කඩපං කියන එක තමා මේ කියන්නෙ.[කඩපං කිව්ව නම් ශැතිය එන්නෙ නැ නේ.]
අහසක් උසට උස පැතුම් ඉටු වේවා...මිටි ඒවට වෙන දෙයක් ගැන අවධානය යොමු කරන්න අමතක වෙලා..පව්..
දහසක් පහන් දැල්වී මග එලි වේවා...කෙසේ වෙතත් මේ කියන්නෙ යන එන පාරවල් වල වීදි ලාම්පු පත්තු වේවා කියන එක.
අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා..මේ කියන්නෙ මේ අවුරුද්දෙවත් තෝ වැඩක් ඇති වැඩක් කරපිය කියන එක.
සාමය සතුට පිරි කිරියෙන් පැණෛයෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක්..ලොකුම වැරැද්ද වාක්‍ය අවසන් කරල නෑ...4 වසර කට් කර ඇත.සාමය ඉතිරෙන්න කියන්නෙ වලි වලට පල ගුටි කන්නෙ නැතුව ගහපිය,සතුට කියන්නෙ කටේ කොන් දෙක කන් විදල ගැටගහගණින් කියන එක,කිරියෙන් පැණියෙන් ඉතිරෙන කියන්නේ.........මට හරක් පට්ටියක් අරං ගොපල්ල වෙන්න කියන එක...



සුභපැතුම් විවරණ අංක 06
සුභපැතුම - Sitha thutin bara wana pathu pathum ituwana subama suba nava vasarak weaaaaa :D:D
විවරණය - සිත තුටින් බර වන-හිතට ස්කන්ධයක් නැ.සතුට කියන්නෙ හැඟීමක් මිස අංශුමය දෙයක් නෙවෙයි.ඉතින් ස්කන්ධයක් නෑ.ඉතින් කොහොමද බර වෙන්නේ?
පැතු පැතුම් ඉටුවන-ආ මේකෙ නම් කිසි වරදක් දකින්නෙ නෑ ඕං.
සුභම සුභ නව වසරක් වේවා!-හා



සුභපැතුම් විවරණ අංක 07
සුභපැතුම - May all the happiness be with you,
May all the blessings be sprinkled on you,
May all the love be gifted to you,
and may this New Year be the happiest to you!!..A Happy and a prosperous new year!!..:)
විවරණය -මාත් එක්ක හැපි නස් කියන එකා මැයි මාසෙම ඉඳීවි.
මැයි මාසෙදි ස්ප්‍රීන් එකක් වගේ පැතුම් මගේ උඩ උඩ පනිවි.[නොකිය කියන්නෙ බඩු මිල වැඩි වෙයි කියන එක.]
මැයි මාසෙදි ලව් එක තෑග්ගක් විදියට හම්බේවි.සහ මේ අවුරුද්ද හැපිය එක්කම ඉන්න හම්බේවි.ඒ නිසා හැපිය සහ බත රොස් නොවෙන අවුරුද්දක් වේවා!



හුදෙක් විනෝදය සඳහා පමණි..~


මේ අලුත් අවුරුද්දෙ ඉස් ඉස්සෙලම පෝස්ට් එකට කමෙන්ට් එකක් දාලම ගියානම්...

Saturday, March 17, 2012

Aපේ අයි.T ඩේ Eක(පාT. 1)

හද්ද කාලෙකට පස්සෙ බ්ලොග් එක පැත්තෙ ආවෙ.දන්නවනෙ ඉතින් අපොයි ඌපේ එක්ක මුකුත් කරන්න වෙලාවක් නැ නෙ.කොහොම උනත් අද මම ලියන්න යන්නෙ මගේ ජීවිතේ ලස්සන මතකසටහනක් ගැන.
වේ මුකුත් නෙවෙයි,අපෙ ඉස්කෝලෙ අයි .ටී. ඩේ එක ගැන.
අවුරුදු ගානක් තිස්සෙ අපි අයි ටී ඩේ එක කරන්න හිත හිටියට එක එක ප්‍රශ්න මත ඇදි ඇදී තිබුන මිසක් කෙරුනෙ නෑ.ඒ නිසා මේ පාර කොහොම හරි ඩේ එක කරන්න ඕන කියල හිතාගෙනම වැඩේට බැස්ස.
මුල්ම දවසෙ අපේ තොරතුරු තාක්ෂණ සමාජෙ නිලතල ටික බෙදා දුන්න එක තමයි උනේ.ඒක කලෙත් නිකන් නෙවෙයි.තොරතුරු තාක්ෂණය ගැන උනන්දුවක් තියෙන 6-13 ශ්‍රේණිවල අයියල සහ මල්ලිලගෙන් අයදුම්පත් ගෙන්නගෙන එයාලගෙ දක්ෂතා සහ ශ්‍රේණි මත වර්ග කරල,කණ්ඩායක් කිරීමෙන් පස්සෙ.ඉහළම අයගෙන් තමයි රැස්වීම අරගෙන තනතුරු පිරෙව්වෙ.
ඕං කොහොම හරි මං තුමාට සභාපතිකම හම්බුනා.ඊටපස්සෙ උප සභාපති උනේ දසුන් සොයුරා.ලේකම් යසස්වී සහ ඉසුරු.බඩගරිකයො උනේ දිනිත්,ලක්ශිත සහ සසික.ඔයිට අමතරව එක එක වැඩ කට්ටියට බෙදල දුන්න මතක් වෙන මතක් වෙන විදියට.මොකෝ ඔතන හිටපු එකෙක්වත් මීට කලින් ඩේ කරල තිබ්බ උන් නෙවෙයි.එහෙමෙයි කියල වැඩේ අත අරින සීන් අපේ නැති නිසා කොහොම හරි වැඩේ කරන්න ඕන කියන හයියෙන් වැඩේට බැස්ස.
ඔය හරිය ගැන විස්තරයක් අපේ බ්ලොග් පෝස්ට් දෙකක දාල තිබ්බ නිසා මේ හරියෙන් පොඩි කට් එකක් දාල මාරු වෙන්නම්කෝ.මෙන්න ඒ පෝස්ට් දෙක.

පෙරළියක ඇරඹුම.......

අපේ සමාජයේ ජ'සිය නිර්මාණය...

 

ඕන්න ඔහොමින් කොහොම හරි ජර්සියත් ප්‍රින්ට් කරන්න දුන්න.ඔය වෙනකොට නම් අපට ඉස්කෝලෙ පන්තිය පැත්ත පලාතක යන්න බැරි තත්වෙකටම ඇවිල්ල තිබ්බෙ.මොකද කිව්වොත් මුල් දවස් වල පන්තියට මූණ පෙන්නල 1 දාල ආවට පහු පහු වෙනකොට ඒකට යන්නවත් වෙලාවක් නැති උනා.ඒත් වැඩේ කරන්න ඕනකම නිසාම අපේ වැඩ බාර දීල තිබ්බ ඔක්කොම අය වගේ පන්ති කට් කරගෙන හරි වැඩේට සෙට් උනා.

ඔක්කොටම කළින් වැඩේට ඕන කරන බජ්ට් ප්ලෑන් එකයි පොජෙක්ට් ප්‍රපෝසල් එකයි හැදුව.ඒ ටික නම් මම කලේ.කරල අපේ විෂය භාර තිලකසිරි සර් එක්ක ගිහින් ප්‍රින්සිපල් සර් හම්බුනා.
සර් එක්ක කතා කලාම සර් යෝජනා කලා "අපිට මේක සමස්ථ ලංකා තරඟයක් විදියට කරන්න පුලුවන් නේද?" කියල.නමුත් ඒ වෙනකොටත් අපේ අය යටින්ම ඩේ එකේ වැඩ කරන්න අරගෙන තිබ්බ නිසාත්,අපට ඒ වෙනකොටත් පීරියඩ් කට් වෙලා වැඩේ සෙට් වෙලා තිබ්බ නිසාත්,ඒ වෙනකොටත් අපේ ප්ලෑන්ස් වගේම අනෙත් වැඩ වලිනුත් සැලකිය යුතු මට්ටමක් කෙරිල තිබ්බ නිසා ඒ අදහස ඉදිරි අවුරුද්දකට කරන්න කල් දැම්මා.

කොහොම හරි ඒ වැඩ ටිකට අවසර අරගෙන එන ගමන්ම අපේ කන්නන්ගර ශාලාවත් වෙන් කරගෙනම ආව.පෙබරවාරි 23 වෙනිදට අපේ ඩේ එක කරන්න.ඊට පස්සෙ ගේම උනේ සල්ලි හොයන එක.අපි වැඩේ ප්ලෑන් කලේ ලක්ශෙකින් කවර් කරන්න උනත් පහු වෙනකොට ඒ ගාන අඩු කරන්න උනා.නමුත් අපේ කොල්ලොන්ගෙ තියෙන මොරාල් එකටම මුන් ගේම දෙන එකනම් බිඳකින්වත් අඩු කලේ නෑ.

ඩේ එකේ වැඩ සහ සොසයිටියේ වැඩ ගැන මුලින්ම කලේ අපි ෆේස්බුක් පෙජ් එකක් හදපු එක.මේ තියෙන්නෙ ඒක.ඩේ එකේ ඉවෙන්ට් එක හැදුවෙ අපේ දිනිත්.

ඩේ එකේ වීඩියෝ ටික හදන්න මල්ලිල ටිකකට උනත් වැඩ පුලුවන් කොල්ලො ටිකකට භාර දුන්න.උන් එකෙක් දෙන්නෙක්ගෙ නම් මට මතක නැති නිසා ලිස්ට් එක වෙන පෝට්ටුවකින් දාන්නම්කෝ.මල්ලිල ටික ඩේ එකේ වීඩියෝ හදන්න අරගෙන "අයියෙ ඩේ එකේ නම?" ගානකොට තමයි නමක් දාන්න මතක් උනේ.අන්තිමට යෝජනා ගානක් අවසානයේ,ස්කයිප් කෝල් පැය 5 කට ආසන්න කාලයක් අවසානයේ අපේ ඩේ එකේ නම ලෙස යෝජනා වුනේ, KNGINE '12 කියන නම.ඔය නමත්,ඊට යටින් පොඩියට For the Next Generation of IT කියලත් දාගෙන වැඩේ කරගෙන ගියා.

 ඔය අතරේ තමා අපේ ජර්සි ටික මුද්‍රණය වෙලා අවසන් උනේ.ඒ ටික ගේන්න යන්න වුන තැන අන්තිමට මම වාහනයක් කතාකරගෙන ගිහින් ගෙනාව කියමුකෝ ඒ ටික.

ඒවත් බෙදල දීල වැඩ කරගෙන යනකොට දිනේට සමගාමීව දැනුම මිනුම තරඟාවලියක් පැවැත්වීමේ අවශ්‍යතාවය ආව.ඉතින් අපි ඒකටත් රෙඩී.ඒ වැඩේ යොදාගත්තෙ පෙබරවාරි 11 වෙනිදට.ආරාධනා කරන්න ලියුම් යවන එක කේස් සහ කල් නොතිබ්බ නිසා[නෑ නෑ වෙන හේතු තිබ්බෙම නෑ අපේ උන්ට.] ලියුම් අපේ සාමාජිකයන් විසින් ගෙනිහින් දෙන්න තීරණය උනා.ඒව දෙන්න ගිහින් වෙච්ච රසබර සිදුවීම් වෙනම ලියමුකෝ ඉඩ ලැබුන විදියට.

පේපර් එක මම,දිනිත්,දසුන්,ප්‍රභාරංග,ඉසුරු යන අයගෙ අතින් හැදුනත් ඒ අයගෙන් කිසිම කෙනෙක් අවසාන පේපර් එක ගැන දැනගෙන හිටියෙ නෑ.මොකද එක එක්කෙනා දෙන ප්‍රශ්න ඉතාමත් රහස්‍ය විදියට තමයි පේපර් එකට ඇතුලත් උනේ.

11 පේපර් එක දෙන්න ඔක්කොම සෙට් කරගෙන ලැස්ති වෙලා ඉන්නකොට මෙන්න අපට ඉන්විටේශන් එකක් ආව නුගේගොඩ අනුලා විද්‍යාලයෙන්.මොකකටවත් නෙවෙයි.එයාලගෙ අයිටී ඩේ එකයි දැනුම මිනුම තරඟාවලියයි 10 වෙනිද තියෙනව,ඒකට එන්න කියල.
මොකද කරන්නෙ කියල කල්පනා කර කර ඉන්නකොට තීරණය කලා කොහොම හරි වැඩ දෙකම කවර් කරනව කියල.තරඟෙ වැඩ ඔක්කොම 9 වෙනිද වෙනකොට සෙට් කලා.10 වෙනිදත් උදේ ඉස්කෝලෙට ගිහින් වැඩ ටික බලල කියල යන්න සෙට් උනා.ගාල්ලෙ ඉඳන් මෙච්චර දුරක් ගෙවාගෙන මේ වගේ වෙලාවක යන එක නිකං යන්න බෑ කොහොම හරි තරඟෙ දිනන්න ඕන කියල හිතාගෙනම තමයි යන්න සෙට් උනේ.
ගියේ මමයි,දසුනුයි,ඉසුරුයි,දිනිත්නුයි තව සචිත් කියල 11 වසරෙ මල්ලි කෙනෙකුයි සෙට් උනා.


දුර ඉඳන්ම ගිහිල්ලත් අපි තමයි මුලින්ම ගියේ.අපට ගාල්ලෙ ඉඳන් ආවට හොඳ පිලිගැනීමක් ලැබුනා.පළවෙනි වටේ තරඟ දෙකක් තිබ්බා.කොහොම හරි ඒකෙන් වැඩිම අරගෙන අපි ෆයිනල්ස් සිලෙක්ට් උනා.අපි එක්ක ෆයිනල්ස් ආවෙ කොළඹ නාලන්දා විද්‍යාලය.අවසන් තරඟෙ ප්‍රශ්න ඔක්කොම මොරටුව විශ්ව විද්‍යාලෙන් තමයි මෙහෙයෙව්වෙ.එතන තරඟෙදි ප්‍රතිඵල එද්දි ඉස්කෝල දෙකම සම ලකුනු අරගෙන.එපාර කණ්ඩායම් දෙකේ නායකයන්ට ආයෙත් එන්න කිව්ව ස්ටේජ් එකට.මං ඉතින් ගියා.ප්‍රශ්න අහල උත්තර දීල කොහොමින් හරි අන්තිමට අපි අපේ ඉල්ලක්කය ජයග්‍රහනය කලා.

ඒ මොරාල් එක පිටම කොටුවට ගිහින් බස් එකේ ගාලු ආවෙ ඊට පස්සෙන්ද අපේ ඩේ එකේ දැනුම මිනුම තරගෙ වැඩ කරන්න.අපි ගාල්ලට එනකොටත් 11 පහුයි.කොහොම උනත් ඉසුරුලහ මම නැවතිලා ඊට පස්සෙන්ද වැඩේ කරන්න මහන්සි වෙලා නිදාගනිද්දි 2 ත් පහුයි මයෙ හිතේ.ආයෙත් 4 ට විතර නැගිටල ඉස්කෝලෙට ගිහින් වැඩේ ලැස්ති කරල දැනුම මිනුම තරඟේ තිව්වා.

තනි ලිපියට ලියන්න ගත්තට වෙලාව මදි වගේ.හෙට ක්ලාස් එකේ වැඩ වගයක් තියෙනව කරන්න.ඒ නිසා ඉතුරු කොටසකින් ලඟදිම ඩේ එක ගැන දාන්නම් හොඳේ.මෙන්න මෙතන මගේ ෆෝන් එකේ සටහන් උන ඩේ එකේ තිරය පිටුපස වැඩකෑලි ටික බලල කමෙන්ට් එකක් දාලම යන්නකෝ.ඩේ එකේ පින්තූර මීලඟ ලිපියට.


KNGINE '12 QUIZ COMPETITION

Wednesday, August 3, 2011

බ්ලොග් ලිවීමෙන් ඇත් වෙමි.

කුරුං විදියට බ්ලොග් ලිව්ව මම තීරනේ කලා බ්ලොග්කරණයෙන් ඇත් වෙන්න.අවුරුදු කිහිපයකට.මේ කෙරුවාවෙන් ඇත් වෙලා ඉන්න එක ගොඩක් අමරු වෙයි.නමුත් මේ ඒකාකාරී බවෙන් මිදෙන්න ඕන කියල හිතට දැනුන.
ඒ නිසා කෝපි කඩේ බ්ලොග් එක ලියන්න තව 4 දෙනෙක්වම දාල මම මේ බ්ලොග් එකේ කර්තෘකමෙන් අයින් වෙනව.
2009 අප්‍රේල් මාසෙ අන්තිම දවස් වල සිංහල බ්ලොග් කලාවට එකතු වෙච්ච මම ගොඩක් කල් බ්ලොග් ලියන්න එකතු උනා.අවුරුදු 2 කුත් මාස 6 ක් විතර.සිංහල බ්ලොග් අවකාශෙ එකසිය ගනන් වල බ්ලොග් අතරට එකතු වෙච්ච මම බ්ලොග් එක්දාස් පන්සීයකටත් වැඩි වෙනකම් ලිව්ව.ඔයාල කියෙව්ව.
බොහොම ස්තුතියි මේ කුරුමා ලියපු ලිපි කියවන්න ආවට.
මේ බ්ලොග් කෙරුවාවෙන් ඇත් වෙන්නෙ මොකද කියල කිව්වොත්,
ඇත්තටම මේ ඒකාකාරී බවෙන් මිදෙන්න.
ඕක කිව්වෙ නැත්නම් අර කුප්ප ම කුප්ප එකා මට මොකක් හරි කියනව.
ඉස්සෙල්ල පෝස්ට් එකක සූටි මැණිකෙ ගැන ලියල,මොකක්ද උනේ කියල බලන්න කෝල් එකක් දාපු අපේ ගෝල් ෆිශ්,ටුවිටරේ මඩ ගහපු රත්ගම අයිය,බනිය,කිඩෝ,ප්‍රමුක,මාරෙ අයිය,අපරාජිතය,ටිමොන්,ගීනාත් අයිය,කතන්දර අයියා,නෙත්පානි අක්ක,පසන්,සුදු මහත්තය,පසිඳු අයිය,චතුර අයිය,දේවා,සඳරු,චතූ,ආගන්තුකය, ඇතුලු නම් කී නොකී හැමෝටම ස්තුතියි සහය දුන්නට.
ඒ වගේම කාලිංග අයිය,ඉන්ද්‍රනාම අයිය,මනුශාන් අයිය ඇතුලු බ්ලොග් අවකාශෙ ලස්සන කරන්න එකතු වුන,එකතු වෙන අයවත් මතක් කරනව මට දුන්න සහයෝගයට.
සින්ඩි හදල සහයෝගය දෙන සියලුම සින්ඩි වල ඇඩ්මින්වරුන්ටත් ස්තුතියි ලාබ බලාපොරොත්තු නොවී සිංහල බ්ලොග්කරණයට අත දීම ගැන.
බ්ලොග් එක ෆලෝ කරල,කමෙන්ට් කරල,අඩුම ගානෙ එකපාරක් හරි බ්ලොග් එක බලන්න ආව නරඹන්නන්ටත් ස්තුතියි.




හැමෝටම සුභපැතුම්.
ඒ වගේම මම මේ බ්ලොග් කෙරුවාව නිසා කාගෙහරි කෙනෙඛෙ හිත රිදුනනම් සමාවෙන්න.

Tuesday, August 2, 2011

බ්ලොග්කරණයේ සාර්ථක වන්නේ සිතීම හා ලිවීම අනුවයි.

බ්ලොග්කරණයේ සාර්ථකත්වය ගැන මම ටිකක් මේ දවස් වල ටැස්ටිං පාරක් දැම්ම.මොකද අපේ ලියන සමහරු කමෙන්ට්ස් නැ,හිට්ස් නැ කියල මේ ගැන කලකිරිල ඉන්න නිසා.
මුලින්ම මේ බ්ලොග් එක ගැන කියන්නම්.කෝපි කඩේ බ්ලොග් එක පටන්ගෙන අදට දවස් 740 ක් වෙනව.ලිපි 251ක් [මේක නැතුව.]හිට්ස් 468XX ක්.සිංහල බ්ලොග් එකක් උනත් සාපේක්ශව බලද්දි අසාර්ථක බ්ලොග් අඩවියක්.
ලිපි 251 න් 230 ක් විතරම මම ලියපු ඒව නිසා මම ලියන දේ මොකක් හරි අවුලක් ද කියල බලන්න මම පටන් ගත්ත කාටවත්ම නොකියා බ්ලොග් එකක්.
"බෙලෙකා" කියන නමින් wordpress වල බ්ලොග් එකක් අටවගෙන, අවුරුදු 26 ක තරුනයෙක්ගෙ චරිතයකට ඇන්ද.
අන්න එතනදි මම සාර්ථක සහ මට මගහැරුණු දේවල් ටිකක් මම ඉගෙනගත්ත.ඒ බ්ලොග් එකේ පෝස්ට් 8 ක් විතර ලියල මම බුකියෙ කීපදෙනෙක්ට මම කවුද කියල කිව්ව.සමහරු විස්වාස කලේ නැහැ එකපාරටම.
බනී,ප්‍රමුක,කිඩෝ ඒ අයගෙන් සමහරු.
එතනින් ඔප්පු වුනා ලියන දේ කියවන කෙනාට දැනෙන්න,හොඳ විදියකට ඉදිරිපත් කලාම එතනට කියවන්නන් ගලාගෙන එනව කියන එක.
ඒ නිසා ඔයාලත් හිට්ස් මදි හෝ කමෙන්ට්ස් මදි කියල හිතන්නෙ නැතුව අලුත් විදියකට ලියන දේ ලියන්න.ඔයාල අනිවාර්යයෙන්ම සාර්තක බ්ලොග්කරුවන් අතරට එක්වේවි.

කුරුමා අවුරුදු 26 ක බෙලෙකා ට ඇඳ හැටි මෙතනින් ගිහින් බලන්න.

Monday, June 13, 2011

මෙහෙමත් ආතල් එකක්

සෑහෙන කාලෙකට පස්සේ කෝපි කඩේට ලිපියක් ලියන්න කියලා ආවා.කස්ටියට මාව අමකත වෙලාද දන්නෙත් නැහ්.බට් ඉතින් කමක් නැහ්.මං කෙලින්ම කතාවට බහින්නම්. මං හිතනව ඔයාලා හැමෝම Austria ගැන දන්නවා ඇති කියල. මෙ අරුම පුදුම රටේ තියන පට්ට ප්ලේස් එකක් ගැන තමා දැන් කියන්න යන්නෙහ්.මාත් මේ තැනට යන්න සෑහෙන්න හීන මව්ව, ඒත් එච්චර ලොකු පිනක් මං ගිය ආත්මෙ කරගෙන නැහ්.
ලංකාවෙත් මේ වගේ තැනක් තිබ්බනම් මුලු ලංකාවෙම ඉන්න පොරවල් එක්කො බයානක අපරාද කාරයො වෙනවා, නැත්තන් දේශපාලකයො වෙනවා. මොකද, ඒ වගෙ අයට තමා මෙ සුපිරි පොට් එක හදල තියෙන්නේ Austria වල,තැන මොකක්ද කියල අන්තිමට කියන්නන් පුලුවන් නම් ඊට කලින් ගෙස් කරගන්න. දැනටමත් ගෙස් කරල ඇති  ඔන්න බලගන්නකොz

































                            

Monday, June 6, 2011

මගේ අලුත් එක්කෙනා.....

ආ...ආව නේද මගේ අලුත් එක්කෙනා බලන්න?එහෙනම් ඔන්න එයාව බලන්න කලින් පහල ටික කියවන්න වෙයි..හොඳම දේ අන්තිමටම දාන්නම් කෝ.
කොට ජීවිතේ අක්කත් ෆෝන් එකක් අරගෙන...හ්ම්ම්...නිකන් නෙවේ නේ..සත 50ක විතර නෝන්ඩියකුත් හම්බෙලා..අපේ අයත් දැන් ටිකක් ටිකක් ෆෝන් ගැන ෆෝම් වෙච්ච වෙලේ මමත් කියන්න හැදුවේ මගේ අලුත් එක්කෙනා ගැන....
අලුත් කෙල්ලෙක් බලන්න ආවනම් ඔන්න හුළං තමා හොඳේ...
මට ෆෝන් උණක් තියෙනවනේ.එහෙව් එක තිබිච්ච ෆෝන් එක විකිණුව.විකුණල ගත්ත නොකිය ටච් එකක්....
මේ තියෙන්නේ ඒ ෆෝන් එකේ මොඩල් එකක්...

කොලුව නම් ඕක ගත්ත කිව්වට ගෙන්න ගත්ත.ඇමෙරිකාවෙ ඉඳන් මගේ පිට් එකක් ආව.පොර අතේ තමා ගෙන්න ගත්තේ.
ෆෝන් එකේ මොඩල් එක නම් නොකියා 5230.5800 එක තරම්ම පැසිලිටීස් නැතත් අවුලක් නැතුව වැඩ කරන්න පුලුවන්.ටච් උනත් අව්ලක් නැ.3.5 මිමි ජැක් පෝට් එකකුත් තියේ.සවුන්ඩ්ස් හොඳයි.ඩිස්ප්ලේ සයිස් එක 360*640 වගේම මිලියන 16ක් වර්ණ තියේ...[ආඩම්බර නැතෙයි නේ? හික් හික්...]
ම්ම්...මම කිව්වනේ ගත්තෙ යූ ඇස් ඒ වලින් කියලා සෝ ඉතින් මටනම් ඒකෙන් වාසි ගානක් සම්බ උනා නෙව...
මගේ ෆෝන් එක හදල තියෙන්නේ මෙක්සිකෝවේ.[සෝ ඉතින් චයිනිස් එක නෙවේ...]
විකුණපු එකාට වැරදිලාද මන්ද ගි.බ.4ක චිප් එකකුත් එවල තිබුන.
ඩේට කේබල් එක හම්බුනා.
ඊට අමතරව කාර් ෆෝන් රඳවනය හම්බ උනා.....
සෝ ඉතින් ලාබයි නේ?





මම මගේ ඉස්සෙල්ල තිබිච්ච ෆෝන් එකක් එක්ක කම්පෙයාර් කරපු වෙලේ ආපු පේජ් එක මෙන්න.කැමතිනම් බලන්න.
එහෙනම් අපි කැපුනා....[ආහ් අමතක උනා..මේක ගන්න ආස අය ඉන්නවනම් මේ කියන්නෙ.මම මෙකේ චයිනීස් එක දැක්කා.ගාල්ලෙ තැනක.ගාන කිව්වෙ නම් 19000කට රු 100 ක් අඩු ගානක්.{ඔව් ඔව් 19000-100= කීයද කියල මම දන්නැ.}]

Wednesday, May 25, 2011

කරලියට වැඩි අලුත්ම රජ කුමරා

කොපි කඩේ අපේ කස්ටිය එක එක මාතෘකා ගැන එක එක සීන් දැම්මනේ.අද මං පොඩ්ඩක් ට්‍රැක් එක පැන්නා.වාහන වලට ආස අයට ඔන්න මේ පෝස්ට් එක ලියන්නේ .අනිත් අයත් කියවන්න සමහර වෙලවට මේක කියෝලා කලන්තෙ එහෙම දායි.


දවස් වල නම් අපේ ලංකාවෙ මිනිස්සුන්ට බඩගින්නට කාර් කාපල්ලා කියලා කාර් වල වැට් ද මොකක්ද එක අයින් කරල තිබ්බනේ. ඉතින් ඔන්න දැන්නම් ආයි ඒකට වැඩේ සරි.ඒත් ඉතින් ඔයාලට පුලුවන් නම් ගන්න.
කාර් ලෝකයේ ඉන්න ආඩම්බරකාරය, ඒ වගේම ඩීසන් ගනංකාරයා තමා මෙයා.ගරු සරු ඇතුව කියනවනන් බෙන්ස් (BENZ)පවුලේ අලුත්ම පුත් රුවන Mercedes-Benz S-Class ගැන පොඩ්ඩක් කියන්නම්. බලන්නකො මෙයාගෙ වැඩ කිඩ.
                                                                                                              ජර්මනියේ ඉපදුන මේ කොල්ලගෙ නමේ තේරුම තමා "විශේෂ පන්තිය" කියන එක.ජර්මන් වලින් කියනවනම් "Sonderklasse". මේ හැඩකාරයගෙ තියන විසේසම ගුය වෙන්නෙ මෙයා අතිසයින්ම පරිසර හිතකාමි රථයක් වීමයි.තේරෙන්න කියනවනම් මේක Eco Friendly වාහනයක්.URO 5 කියන සුවිශේශි තාක්ශණයට නිපදවල තියන මේ කාර් රාජයගෙ පහසුකම් දිහා බැලුවම මේකෙ මොනවද නැත්තෙ කියලා හිතෙන තරම්.ABS බ්‍රේක් පද්ධතිය ,ඉදිරිපස හා පිටුපස වා බැලූන 16 ක් ,අධි ප්‍රබල හැලජන් ලාම්පු,ඝර්ශනය අවම කරවන anti fiction system,රිය පදවන ගමන් රයේ සියලුම කොටස් පාලනය කල හැකි tip tronic system,leather seats with intelligent temp controllers,surround sounds වගේ එකි නොකී මෙකී හැම දෙයක්ම මේකෙ තියනව .




වැට් බද්දෙ ගැස් බැහැපු කාලෙ මෙයාගෙ ගාන මිලියන 35-40ක් විතර උනා.එත් දැන් වැට් වලට පින් සිද්ධ වෙන්න මෙයා මිලියන 55 ක් විතර වෙනවා. ලංකාවෙ ගෙන්වා බෙදාහරින්නේ කොළඹ12 ජේතවන මාවතේ පිහිටි ඩිමෝ ආයතනය විසින්.ඉතින් ඔයාලත් ට්‍රයි කරල බලන්න මෙයාගෙ ගාම්හීර අයිතිකාරයෙක් වෙන්න.

Tuesday, May 24, 2011

ඇස් පනාපිට කෙල්ලෙක් කාඩ් එක කා ගත්තා ය.

කෙල්ලො...හැමදාම ඇහෙන කියවෙන වචනයක්....කෙල්ලොත් හරියට වීදුරු වගේ ලු...ඉක්මනට බිඳෙන සුළුයි....
හ්ම්ම්...ඒක ඇත්ත..ඒ මේ සංස්කෘතිය එක්ක තව තවත් පිම්බිච්ච,සමාජෙ මුල් බැහැගත්ත කතාවක්...
ලංකාවෙ සංස්කෘතියත් එක්ක කෙල්ලෙක්ගෙ, එහෙමත් නැත්නම් ගැණියෙක්ගෙ චරිතය ගොඩාක්ම සොයනව.ඒ හේතුවෙන්ම ඒ කාන්තාවට තමාගේ චරිතය රැකගන්න වෙන එක කියන්න ඕනෙ නැ නේ.
වහින් ඔරෝ නැතුව සිද්ධිය කියන්නම්...
මේක වුනේ අද.මම බස් එකේ එද්දි....අපේ වයසෙම කෙල්ලෙක්..තව යාලුවො එක්ක.ඒ කෙල්ල මම දන්න තරමින් මීටරයක්.චරිතෙත් දන්න තරමින් හොඳයි.කොල්ලෙක් එහෙම ඉන්න බවක් දන්නෙ නැ.
අපේ වයසෙම කොල්ලෙක් ටික වෙලාවකින් ගිහින් ඒ කෙල්ල එක්ක කතා කර කර හිටිය.කෙල්ලත් හිනා වෙවී හිටිය.මොනව කිව්වද කියන්න මම දන්නෙ නැ.කොල්ල ටික දුරකින් බැහැල ගියා.ඊට පස්සෙ බස් එකේ පිටිපස්සෙ කතා වෙච්ච ටික තමා මට මේක ලියන්න හේතු සාධකේ උනේ.
පිටිපස්සෙ කතා උනේ
"අඩේ බං බලපංකෝ බඩුව වගේ.බලහන් හිටපු හැටි.නිකං දාගෙන වගේ නේ" 
වගේ කතා ටිකක්...
ඉතින් ඒ සිද්ධිය නිසා ඒ කෙල්ලගේ චරිතෙට පොඩි හරි මඩක් ගැවුනා කියල මට හිතුන.මොකද කෙල්ලොන්ගෙ චරිතෙ මේ ලංකාව වගේ පරිසරයක් එක්ක ගොඩාක් සොයන බලන නිසා.ඒ වගේම කොල්ලොන්ගෙ චරිතෙ සොයන්නෙ නැති එක ගැනත් එක්ක බැලුවහම අන්තිමට කොල්ලො කරන ඕන වැඩකට විඳවන්න වෙන්නෙ කෙල්ලොන්ට කියලත් හිතෙනව.
මේ වගේ වැඩවලට ඇඟිල්ල දික් කරන්න ඕන කාටද කියන්න මම දන්නෙ නැ.අර කොල්ලටද?කෙල්ලට ද?නැත්නම් අර කතාව කියපු අයට ද?එහෙමත් නැත්නම් සමාජයටම ද?සංස්කෘතියට ද?
හැබැයි මම දකින විදියට කෙල්ලො කොල්ලො කතා කරන්න ඕනෙ.ආශ්‍රය කරන්න ඕනේ.ඒ උනාට සම්බන්ධතා හෝ සාමාන්‍ය ආශ්‍රය කිරීම් නිසා කොච්චර කෙල්ලො [වගේම කොල්ලොත්]චාටර් වෙලා ඇද්ද?කෙල්ලො කී දෙනෙක්ගෙ ජීවිත නැති වෙලා ඇද්ද?
ඒ වගේම කොල්ලෙක් එක්ක කතා කර කර ගියා කියල කෙල්ලො කීදෙනෙක්ට ගෙදරින් සැලකිලි හම්බෙලා ඇත්ද? 
කොල්ලෙක් කෙල්ලෙක් එහෙමත් නැත්නම් කෙල්ලෙක් කොල්ලෙක් ආශ්‍රය කරන එක ඇයි මෙච්චර වැරදි?කොල්ලොන්ට ඉන්න ඕනෙ යාලුවොත් කොල්ලොම විතරද?කෙල්ලොන්ට ඉන්න ඕනෙ යාලුවො කෙල්ලොම විතරද?අපේ සමාජෙට අනුවනම් එහෙමයි.
ඒ කියන්නෙ මගුල් පෝරුවට නගින්නත් ඕනෙ තමන්ගෙ වර්ගෙ එකෙක් එක්කද?අනේ මන්ද...
පිරිමි කරන කැත වැඩ නිසාත් ඒ වගේම ගැණු කී දෙනෙක් අසරණ වෙලා ඇත්ද?අන්තිමට ඇඟිල්ල දික් වෙන්නෙත් ඒ ගැණිටම නේද?
හැබැයි මේ තත්ව වලින් එක හොඳක් තියෙනව කියලත් හිතෙනව.මොකද කිව්වොත් මම දන්න තරමින් ඇමෙරිකාවෙ එහෙම සංස්කෘතිය ඉතාම පහළට වැටිල.ඒ අතින් අපේ රටවල් හොඳයි.ඒ වගේ රටවල් වල සංස්කෘතිය බලු උනාට අපේ රටවල් වල එහෙම නැහැ තවමත්....
අනිත් පැත්තෙන් සංස්කෘතිය හෝ සමාජය නිසා මේ වගේ ප්‍රශ්න කොච්චර ඇති වෙලා ඇත්ද?කෙනෙක්ට තමාගේ විරුද්ධ ලිංගිකයන්ව ආශය[මිතුරන් ලෙස] කරන්න බැරි වීම නිසා හැඟීම් මත කොල්ලො කෙල්ලො කී දෙනෙක් ඒ හැඟීම් කොයි කොයි විදියට ඉශ්ට කරගන්න ඇත්ද?
පටන් ගත්තෙ කොහෙන්ද?අන්තිමට දැන් කොහෙද?ම්ම්ම් දැන් ඇති වගේ...අන්තිමට එක ඉල්ලීමක් කරන්නම්.විශේෂෙන්ම කෙල්ලොංගෙන්.තමන්ගෙ චරිතෙ ගැන හොඩක් හිතන්න.මේ සමාජය ඔයාලගේ පොඩි වැරැද්දත් ලොකු කරගෙන,ඔයාලට හිනාවෙන්න බලාගෙන ඉන්නවා.ඒක එහෙම වෙච්ච එකට මමවත්,ඔයාලවත් වැරදි නැහැ.ඒ වුනත් කොල්ලොන්ට වගේ නෙවේ.[කෙල්ලොන්ට සාපේක්ශව කොල්ලො]කොලන්ගෙ චරිතෙ කෙනෙක් හොයන්නෙම නැති ගානයි කෙල්ලෙක්ගෙ හොයනව වගේ.....කොහොම උනත් ඔයාලගේ චරිතෙ ඔයාල රැකගන්න.විශේශෙන්ම ඔයාල ඇඳුම් අඳිද්දි උනත් ඇඟ පසඟ පේන්න අඳින්නෙ නැතුව සංවරව අඳිනවනම්.අර ඇඳල මැහුවද,මහල ඇඳද වගේ කලිසම් නැතුව කලිසමේ විදියට කලිසම අඳිනවනම් ඔයලට අර "බඩුව" කියන පහත් වචනෙන් ඇමතෙන එක අඩු වේවි.පොඩි දේ ගැනත් හිතන්න.නැත්නම් මේ සමාජය ඔයාලට මොන මොන කතා හදයිද කියන එක කවුරුවත් දන්නේ නැහැ.ඔයාලත් අසරන වෙනකම් දැනෙන එකක් නැහැ....
කොල්ලොන්ටත්,තමං දකින දකින කෙල්ලව "ඇඟ ආතල්-මූණ කචල්"කෝනෙන් බලන්නෙ නැතුව සහෝදරියක් කියන කෝනෙං බලන්න.එතකොට බොහෝදුරට මේ ප්‍රශ්නෙ මග ඇරෙයි....

Monday, May 23, 2011

අපූරු පාඩමක්....

ඔන්න ඉතින් කාලෙකට පස්සෙ මොකක් හරි ලියන්න ඕනෙ කියල හිතුනා. ඒත් අන්තිමට හිත හිතා හිටියා විතරයි, ලියන්න අයිඩියා එකක් එන්නෙම නෑ.අන්තිමට වැඩේ අතාරින්න කියල හදනකොටම අපේ කැලෑසියක ගුරෙක් අපිට කියල දුන්න කතාවක් මතක් උනා.මේකෙ සත්‍ය අසත්‍ය තාවෙ නම් මං දන්නෑ. බට් ඉතින් මට තියන ලොකුම ලොකු ටිකිරි මොලේට ගෝචර වෙන විදියට නම් මේකත් ඇත්ත තමා.....
මම මේ දවස් වල අනං මනං කියවනව වැඩීලු, එ නිසා ඔය පොඩ්ඩක් ඕනෙ නැති මගුල් කියෙව්වට ගනං ගන්න එපා හොදේ. තාම ඉතින් සූටි කොල්ලනෙ.

ඔන්න එහෙනම් දැන් මගුල් කියවන එක නවත්තලා කතාව කියන්න යන්නේ කිව්වට මොකෝ, මේකත් එක විදියක මගුලක් ගැන කතාවක් ම තමා.ඔන්න එහෙනම් ස්ප්‍රයිට් එකක් බීල, අනං මනං නැතුව කෙලින්ම කතාවට බැස්සා.
ඔන්න ඉතින් එකෝමත් එක දවසක මං වගේ හරිම අහිංසක, පෙම් පාට ,සූටි ළමයෙක් එයාගෙ ටීචර් ගෙන් අහනවලු 
"ටීචර් මොකක්ද ආදරය කියන්නෙ?" කියලා.දැන් දීපන්කො උත්තර? ටීචර්ට කට උත්තර නෑලු. මොකක් උනත් මේ ගුරා ටිකක් මොලේ තියන පොරක්. ඉතින් පොර දෙන්නං ජම්බු කියල, ගත් කටටම කිව්වලු 
"ඕකට ඔයාට උත්තරයක් ඕනේ නම් යන්න ඉරිගු හේනකට, ගිහින් ලොකුම ඉරිගු කරල අරන් එන්න."
කියල. එත් එක්කම පොඩි කොන්දේසියකුත් දැම්මා,
"ඔයාට හේන හරහා යන්න පුලුවං එක පාරයි ලොකු කරල ගන්න ආපහු හැරෙන්න බෑ."
[බලපු ගමන් අමු ගොන් පාර්ට් එකක් කියල පෙනව එත් පොඩ්ඩක් කියවගෙන යනවල්ලකො..]
කොල්ලත් බැලුවලු මේවත් වැඩද? කියල. ඌත් කිසි ගින්නක් නැතුව පපුව ඉස්සරහට දාගෙන එන්ටර් උනා වැඩේට, ඉරිඟු හේනට ගිය කොල්ලා දැක්කලු එක යායට වැවිලා තියන ඉරිඟු ගස් කරල් බරවෙලා. මූ දැන් ඩිංග ඩිංග ඉස්සරහට යනකොට යකොට දැක්කා තඩි කරලක්, [මං මුලින්ම ඔයාලට කිව්වනේ මූ මං වගේ පොරක් කියල] ඉතින් එක ඌට ඒක මදි, "ඉස්සරහ තව එව්ව ඇති කියල" හිතලා ගියා ඉස්සරහට. තව කරල් හම්බුනාට මූට එවත් මදි. ඔහොම යනකොට දැන් ලොකු ලොකු කරල් ඉවර වේගෙන යනවලු. කොල්ලට දැන් පට්ට අස්පට්, මූ ඉල්ලගෙනම කෑවනෙ. දැන් ආයිත් හැරෙන්නත් බෑ නෙ. අන්තිමට කොල්ලා කරන්න දෙයක් නැතුව ගෙම්බා වගේ ආවා ගුරා ගාවට. ඇවිත් නොන්ඩි නැතුව සීන් එකත් කිව්වා.ඔන්න එතකොට ගුරා කියනවා,
''ඔන්න ආදරෙත් ඔය වගේ තමා,අපි ආදරෙදිත් හැම වෙලේම හොදම දේ හොයනවා. ඒත් අපි හොයපු නියම කෙනා මගහැරුනා".
කියල.
" තේරෙනකොට අපි පරක්කු වැඩී".
ඔන්න ඔහොම තමා ඒ ගුරා ආදරෙ අර්ථ දක්වල තියෙන්නෙ.දැන අර පොඩි එකා නෝන්ඩිය වහගන්නත් එක්ක මෙහෙම අහනවා
"එතකොට විවාහය කියන්නෙ මොකක්ද?"
කියලා.
එතකොට මාස්ටරයා මූ එක පාරකුත් ඉල්ලන් කෑවා, අයිත් ඕනෙ වෙලා කියල කියනව 
"ඉස්සල්ලා වගේම හේනට ගිහින් ලොකුම කරල අරන් එන්න කොන්දේසි අරවම තමා".
දැන් කොල්ලට ෆුල් හැපී 
"දැන් නම් ගේමක් නැනෙ" 
කියල යනව, ගිහින් අතට අහු උන පලවෙනි තඩි කරල උස්සගෙන දුවගෙන එනව ඇවිත් ගුරාට පූජා කරනවා.
ගුරත් ඉතින් කොල්ලට 2න්ඩ් වෙන්න බැරි නිසා මෙන්න මෙහෙම කියනවා
"ඔන්න ඔය වගෙ තමා විවාහයත්,මෙ කරල අරන් එනවාමයි කියලා ඔයාට ලොකු අධිශ්ඨානයක් තිබ්බා. වෙන කොච්චර සිරා කරල් තිබ්බත් මෙක ඔයාට හම්බුන හොදම දේ කියල විශ්වාස කරල ඔය මේ කරල අරන් ආවා. විවාහයත් ඔන්න ඔය වගේ තමා. කොච්චර දේවල් තිබ්බත් තමං ලබා ගත්ත කෙනා හොදම කෙනා කියලා එයත් එක්ක සතුටින් ඉන්න එක තමා."
මේක කෙතරම් දුරට සත්‍ය ද කියලා නම් මට තේරෙන්නෙ නෑ.එත් ඉතින් බලගෙන ගියාම කතාව ඇත්ත නේද??????


සැ.යු- මෙව්ව කියෙව්වට කමක් නෑ. ඔයාලගෙ ගුරාලගෙන් එහෙම අහනව නෙමේ ඕං. අන්තිමට ක අත ගගා එන්න වෙයි ගෙදර....

අලුත් කෝපි කඩේ

සයිබර් ගමේ හැමෝටම කෝපි කෝප්පයක් බොන්න දාපු කෝපි කඩේ ඔන්න අලුත් කලා.අලුතෙන් කෝපි හදන්නත් කට්ටිය ගත්තා..ඉස්සෙල්ල http://kgdilanka.blogspot.com යන ඇඩ්‍රස් එකෙන් තිබිච්ච කෝපි කඩේට අලුතෙන් ඩොමේන් එකක් අරගෙන අලුතෙන් මූණක් එහෙම දාල ඔන්න හොඳ තත්වෙකට ගත්තා.
මේ වැඩේට උදව් කරන අයටත් තැන්කිව් පාරක් දාන්න ඕනනේ...මුලින්ම ඩොමේන් එක ගන්න තැනේ ඉඳන් බ්ලොග් එකට සෙට් කරනකම්ම සපෝර්ට් එක දීපු,මගේම අයිය කෙනෙක් වගේ ඉන්න පසිඳු අයියා.ඒ වගේම ඔය උඩ තියෙන දුම් දමන්නා වූ කෝපි කෝප්පේ හදන්න සප් එක දීපු,පසිඳු අයියා නිසා අඳුර ගනිපු,මම ෆිට් එකට "ගෙම්බ" කියල කතා කරන චතුර අයියාවත් මතක් කරන්න ඕනේ...


ඒ වගේම මාත් එක්ක කෝපි කඩේ කෝපි හදන ගජං,සුවඳා,කඩේ හාමිනේ වගේම නෙත්පානි අක්කවත් මතක් කරන්න ඕනනේ...
එහෙනම් මේ පෝස්ට් එක අදට ඇති.ආ තව එකක්...ඔයාලා මගේ බ්ලොග් එක බුක් මාර්ක් කරගෙන එහෙම ඉන්නවනම් අලුත් ඩොමේන් එකට අලුතෙන් බුක් මාර්ක් කරගන්න..පරණ එකෙන් ආවත් අලුත් එකට එනවා නම් තමා...

Wednesday, May 18, 2011

කොම්පීටරේද ඇස් දෙකද

කොම්පීටරය දන්න බාසාවෙන් කියනවනන් computer එක අද අපේ දන්න කියන හැමෝම යූස් කරන ගැජමැටික් එකක් වෙලා කියන එක ඔයාල හැමෝම දන්නවනේ. මං ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනෙ ඒක. ඉතින් මෙන්න මේ ගැජට් එක වැරදියට, සිංහලෙන් කියනවනම් සදොස් භාවිතය නිසා අපිට වැටෙන අමු ලෙඩක් ගැන තමා අද කියන්න යන්නෙ.මේ ලෙඩේට කියන්නෙ පරිගණක දෘශ‍ය සහලක්ශණය, තේරෙන්න කියනවනම් (computer vision syndrome)කියලා.
ලෙඩේ ගැන සම්පූරණ කතාවම ලියන්න කියල තමා හිටියෙ බට් කම්මැලී වගේ. ඉතින් ඔන්න කතාව දැම්මා පල්ලෙහයින් රූප උඩ කොටලම කියවන්නකො.අනිව කියවන්න.සැහෙන්න වටින කතාවක්.



                                
කියෙව්වම තේරුනානෙ සීන් එක?ආහ් ඔයාලා ලණු පනිනවා දැකලා තියනවනෙ? මං කිව්වෙ ස්කිපින් පනිනව? කතාව කියවල ඉවර වෙලා මේකත් බලාගෙනම යන්නකො.

http://youtu.be/zoMYU_nOGNg

ඉතින් එහෙනන් කස්ටියම ඇස් පරිස්සන් කරගන්න හොදේ.

Friday, May 13, 2011

ශ්‍රී ලාංකීය සිනමාවේ අද්විතීය කල එලි බැස්ම


කාලය ටිකෙන් ටික ගෙවිලා ගිහින් 2600 වෙනි සම්බුද්ධ ජයන්තියත් ලං වෙල තියෙන්නෙ,ඉතින් මෙ අතිශය වැදගත් වු අවස්ථාවෙදි ශ්‍රීලාංකිකයෙකු ලෙස සතුටුවිය හැකි දෙයක් ගැන කියන්න ඕනෙ කියල හිතුනා.මම එ වගේම මේ ලිපිය කියවන හැමෝම දන්න දෙයක් තමා අපේ රට එහෙම නැත්නම් ලංකාව මහ පුදුමාකාර රටක් කියලා. මං එහෙම කිව්වෙ මොකද, ලංකාව වගෙ රත්තරන් රටක ජීවත් වෙන අපේ බොහෝ දෙනා හිතන, ඒ වගේම කරණ,හරි ලොකු වීරකමක් තමා බටහිරකරණයත් සමග ඇතිවන්නා වු බටහිර සංස්කෘතිය තම ජීවිත වලට උවමනාවට. වඩා ඈදා ගැනීම.මගේ මෙ පුංචි මොලේට ගෝචර උනා මේ කාරණය සමහරු පිලිගන්නෙ නැති වෙන්න පුලුවන්, ඒත් අවුරුදු ගානක් මහන්සි වෙලා ගොඩනගා ගත්ත සංකල්ප බොරුය කියල මට විසිකරන්නත් බැහැ.(ටොපික් එක වෙන අතකට හැරෙන බව තේරුන නිස මං මගේ මාතෘකාවත එන්නම්.)එදා ප්‍රංශයෙන් ගෙන්නපු කැමරාවත්, එංගලන්තයේ සහ ඇමරිකාවේ සුපිරි තාක්ශණය ශ්‍රී ලාංකීය සිනමාවට පට්ට පිකප් එකක් අරන් දුන්නා. නමුත් අවාසනාව උනේ ලාංකීය සමහර සිනමාකරුවන් (80% ලාංකික සිනමා කරුවන් අති විශිශ්ටයි .එක මං හදවතින්ම පිලිගනිමි.)යුරෝපීය තාක්ශණය සමග යුරෝපීය සංස්කෘතියත් සිංහල සමාජය සමග සංඝට්ටනය කරමින් සිනමා නිර්මාන බිහි කිරීමයි.
                                     
 ඒ දේවල් ඒ විදිහට වෙනකොට ශ්‍රී ලාංකීය සංස්කෘතිය ඉතිහාසය මෙන්ම ඉහත කී සුපිරි තාක්ශණයෙහි අද්විතීය නිර්මානය මේ වෙනකොට නිමා වී අවසානයි.2600 වෙනි සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් කල එලි බසින මෙ අපූරු සිනමා නිර්මානය ශ්‍රි ලාංකීය ප්‍රෞඩ ඉතිහාසයේ වැදගත්ම සිදුවීමක් පාදක කරගෙන ගොඩනගා තිබෙනවා.ඒ අන් කිසිවක් නොව ඔබ මා අප සියලු දෙනා දන්නා "මහින්දාගමනයයි" 






හින්දාගමනය ලෙසම නම් තබා ඇති විශිශ්ට සිනමාකරු සනත් අබේසේකරයන් ගේ දැවැන්ත නිර්මානයක් වන, ආදරය, කරුණාව,දයාව පලිගැනීම ආදී වූ එකිනෙක සංඝට්ටනය වන හැගීම් රැසක දැවැන්ත එකතුවක් වන මේ සිනමා නිර්මානය මැයි 18 වනදා සිට දිවයින පුරා තිරගත වීමට නියමිතයි.උදාර ඉතිහාසයකට උරුමකම් කියන ලාංකිකයන් තුල තම දේශාභිමානය ඔප් නංවා ලීමේ පිවිතුරු චේතනවෙන් නිර්මානය කර ඇති මේ සිනමා නිර්මානය මේ ලිපිය කියවන ඔයාල ඔක්කොම කොහොමහරි බලන්න. බටහිරකරනයෙන් මිදී ශ්‍රී ලාංකිකයන් ලෙස එකට අත්වල් බැදගමු කියල හමෝගෙන්ම අහිංසක ඉල්ලීමක් කරල මං අදට මෙ පොස්ට් එක නවත්තනව. අහ් කියන්න බැරිඋනා මේ ගැන මට ලියන්න හිතුනෙ ඊයේ රාත්තිරියෙ එක රූපවාහිනී වැඩසටහනක මේ ගැන කියපු නිසායි.

    ඉතින් මෙන්න මෙ ලින්ක් එක ෆලෝ කරලා මූවි ට්‍රෙලර් එක බලන්න. සිරා කියන්නෙ උපරිමයි.



මේකත් ෆලෝ කරන්න තව විස්තර බලාගත හැකියි.

Monday, May 9, 2011

අලුත් එකාගේ ගම කැම...




කට්ටියට කියන්න අමතක උනාට මොකෝ ඊයෙ පෙරේද ඉඳන් මාත් එක්ක කෝපි කඩේ ලියන්න තව එකෙක් සැට් උනානේ.පොර ගැන කිව්වොත් ඉතින් කොළඹ බුවෙක්.2013 උසස් පෙල.බ්ලොග් එක ලියන අනිත් එකා ගාල්ලේ එකෙක්.අයියා කෙනෙක්..අනිත් එකා මම...කොහොම උනත් මම මේ හදන්නේ ඕකුන් දෙන්නගේ ගම ගන්න..ඒ කියන්නේ පට්ටම් නෝන්ඩි දෙන්න කියලා...අද මඩවන්නේ අලුත්ම එකා...
මේකයි සීන් එක..පොරමයි මාත් එක්ක කිව්වේ.....පොරගේ නම පසිඳු කාරියවසම් කියල හිතන්නකෝ....[ඕක ඇත්ත නම නෙවේ.] ඉතින් කොහොම හරි මුගේ ආදරණීය,අති(ප.)ජාත යාලුවෝ ටික මූව අමතන්නේ නමේ කැලි දෙකේ මුල් අකුරු දෙක කියලලු..හික්z.පව් අප්පා..ලාවට මැඩෙව්වහම ඇති නේ..මීළඟට මඩවන එකා ගැන ලඟදිම කියන්නම්...

ප.ලි-මම බ්ලොග් එක ලියන්න තව දෙන්නෙක් එකතු කරගන්න හිතාගෙන ඉන්නවා.ඒ කියන්නේ ඔක්කොම ලියන ටීම් එක 5 ක් වෙනකම් වැඩි කරන්න.අපේ අනිත් ඇඩ්මින් එක්කත් කතා කරලා දෙන්නම තීරනේ කලේ මේ අවස්ථා දෙක ස්ත්‍රී පාර්සවේ විස්වාසවන්ත දෙන්නෙකුට දෙන්න.කැමති අය ඉන්නවනම් කියන්න.පහල කොන්දේසි යටතේ මේකේ ලියන්න පුලුවන්.

1.කෝපි කඩේ ට අදාල නමක් භාවිතා කල යුතුයි.
2.අසභ්‍ය වචන භාවිතා නොකල යුතුයි.
3.දේශපාලනය පිළිබඳව විවේචන හෝ ඒ සම්බන්ධ දේවල් නො ලිවිය යුතුයි.
4.විස්වාසේ රැකගෙන ටීම් වර්ක් එකක් විදියට ලියන්න සෙට් වෙන්න ඕනේ...

Sunday, May 8, 2011

මේ පාර වෙසක් එකට බල්බ් වැලක් හදාගමු!

අද ඔයාලට යමක් මතක් කරල දෙන්න හදන්නේ.ඕක කියාදෙන්න කිව්ව නම් මම වැරදියි නේ...කොහොම උනත් 2600 වෙනි බුද්ධ ජයන්තිය සමරන මේ වෙසක් එකට ගෙදර සරස ගන්න ඔයාලගෙම අතින් බල්බ් වැලක් හදාගත්තනම් හොඳ නැද්ද?අනික මේකේ මූලික වියදම වැඩි උනාට පාවිච්චි කරන්න පුලුවන් අවුරුදු ගානත් එක්ක ලාබයි...
මමත් මේ පොර වගේ කිව්වට මමත් එකක් හදලා තියෙන්නේ.මමනම් හැදුවෙ බල්බ් 30 ක එකක්.ඒ කියන්නේ හෝල්ඩර් 30 ක් දැම්ම කියන එක.ඉතින් දැන් මේක හදාගන්න හැටි මම කියල දෙන්නම්...

හෝල්ඩර් 30 යි.[මීට වඩා ඔයාලට දාගන්න පුලුවන්.නමුත් උපරිමය 50 ට වඩා වැඩි කරන්න එපා කියලයි මම කියන්නේ.] 
බල්බ් 30[වොට් 5 පාට බල්බ් ගන්න.පාටවල් 5 කින් බල්බ් තියෙනව.රතු,නිල්,කහ,කොළ සහ සුදු.කැමති පාටවල් වලින් ගන්න.]
ඊට පස්සේ වයර්.මේකට ගන්නේ ෆ්ලෙක්සිබල් වයර්.[වයර් ගනිද්දි ලංකාවෙ හදන මහත වයර් එක ගන්න.හීනි එක ලාබ උනාට ගන්න එපා.ඉක්මනට දිරනව.තව එකක්.මම බල්බ් දැම්මේ අඩියෙන් අඩියට.ඔයාලත් හරියට ගාන මැනලා ඕන පරතරේ ඇතිව වයර් ගන්න.ඕන ප්‍රමානෙට වඩා ටිකක් වැඩිපුර ගන්න මතක් වෙලා.]

මුලින්ම වයර් ටික කපාගන්න.ඔයාලට අඩියෙන් [30 cm] අඩියට බල්බ් දාන්න ඕනේ නම් 32cm විතර කැලි වලට කපාගන්න.
දැන් ඒ වයර් කොං සුද්ද කරන්න 1 cm ගානෙ.ඊට වඩා වැඩිය සුද්ද කරන්න එපා.දැන් වයර් කොනේ කම්බි එකට ඔතන්න.ඊට පස්සේ වයර් කැලි දෙකක් එකට තියලා අමුන ගන්න.හොඳට.හෝල්ඩට් වලට දාද්දී ඒ අමුනපු 1cm දිග කම්බිය දෙකට නවලා හයි කරන්න.ඇනේ හොඳට තද කරන්න.කම්බිය හොඳට අමුනන එකෙන් ගොඩාක් වාසි වෙනවා.අනික කොලිටියත් වැඩියි.ගෙදරට හදන එක නේ.
 
ඔහොම හදාගත්තහම එන හැටි පින්තූර ටිකක් දාන්නම්කෝ මම....

ඔන්න ඔහොම හදාගන්න,හෝල්ඩර් එකේ හයි කරන්න තියෙන කැල්ලේ ගානට වඩා කම්බිය සුද්ද කරන්න එපා.
දැන් ඒකත් හරි.පර්ස් එක ගැනත් හිතන්න එපාය.මගේ වියදම් ටික කියන්නම්.දල අදහසක් ගන්නත් එක්ක.

බල්බ් එකක් (චෙක් නොකර රු 37යි.)මම ගත්තේ චෙක් කරලා එකක් රු.40 ගානේ.හැබැයි චෙක් කලාට එකක්වත් ගැහිච්ච හම්බුනේ නැහැ.
වයර් වලට(හොඳ එක.) මීටරේකට රු.17 ක් විතර.
හෝල්ඩර් එකක් රු 20 උනත් 30 ක් ගන්නකොට 17 ගානෙ දුන්න.

ඔන්න ඔහොමයි පර්ස් එකට දැනුනේ.ඒ වුනත් අවුරුද්දකට සැරයක් බල්බ් වැල ගානෙ ගන්නවට වඩා ඕක ලාබටයි.අනික අවුරුදු ගානක් පාවිච්චි කරන්නත් පුලුවන්නේ....
මෙන්න මම බල්බ් වැල හදලා ටැස් කරන්න බල්බ් දාපු වෙලේ ගත්ත පොටෝ එකක්...


බල්බ් තෝරන්නත් පොටෝ එක උදව් වේවි.මමනම් පාට 5න් ම ගත්තා.ආ තව එකක් බල්බ් වැල බ්ලින්ක් වෙන්න [නිවි නිවී පත්තු වෙන එක.]ඕනනම් සර්කිට් කැල්ලක් දාන්න වෙනවා.ඒක රු.190 ක් විතර වෙනව.එහෙනම් ඔයාලත් හදල බලල කියන්නකෝ...

Friday, May 6, 2011

මොකක්ද මේ WWT

ෆේස් බුකියෙ චැටක් දාන්න,එහෙම නැත්නම් පොඩි ගේමක් ගහන්න, ඒත් නැත්තන් නෙට් එකේ සර්ෆින් පාරක් දාන්න කොම්පියුටරේ ඉස්සරහ වාඩි වෙන ඔයාලට දැන් මේ මුලු විශ්මයම අතේ තියාගෙන බලන්න චාන්ස් එකක් හම්බුනොත් එක කොච්චර පට්ට අත්දකීමක් වෙයිද?
      ඉතින් ඒ සිරා අත්දැකීම දැන් ඔයාලටත් ඔයාලගෙ මැසිම ඉස්සරහට වෙලා කෝපි එකක් බොන ගමන්ම විඳගන්න මයික්‍රොසොෆ්ට් සමාගම අපිට චාන්ස් එකක් දීලා තියනවා.WWT එහෙම නැත්තන් World Wide Telescope කියල හදුන්වන මෙම මෘදුකාංගය අපිට මේ අවස්ථාව සලසා දෙනවා.ලොව සුපතල  Google සමාගම විසින් මීට පෙර නිපදවා තිබූ Google Earth ට සමාන කම් දැක්වුවත් මෙය ඊට හාත්පසින්ම වෙනස් මෘදුකාංගයක් වෙනවා.ඒ මොකද ලොව අතිශයින්ම ක්‍රියාකාරී ප්‍රබල දුරේක්ශ වන නාසා හි Spitzer,Chandra ,හබල් සහ වෙනත් අතිප්‍රබල දුරේක්ශ WWT හි දත්ත සැපයුම් මධයස්ථාන වන නිසාවෙන්.Google Earth ට වඩා ඉතා පුලුල් ලෙස විශ්වය පිලිබදව හැදෑරීමට චාන්ස් එකක් අපට ලබාදෙන මෙ මෘදුකාංගය පහතින් දක්වා ඇති ලින්ක් එක මත කෙටීමෙන් ඔබට බාගැනීමේ හැකියවක් ඇත.
                   http://www.worldwidetelescope.org/Home.aspx
මේක බාගන්න අකමැති අයට මෙන්න මෙ ලින්ක් එක ෆලෝ කරල ඔන්ලයින්ම මේකෙන් වැඩ ගන්න පුලුවන්.
                  http://www.worldwidetelescope.org/webclient/






මේක ඔයලගේ මැසිමෙ ඉන්ස්ටෝල් කරල වැඩ ගන්න නම් පොඩි සුදුසු කම් වගයක් තියනවා.බලන්නකො ඔයාලම.

  • PC with Intel Core 2 Duo processor with 2 gigahertz (GHz) or faster, recommended 1 gigabyte (GB) of RAM; 2-GB RAM recommended



  • 3-D accelerated card with 128 megabytes (MB) RAM; discrete graphics card with dedicated 256-MB VRAM recommended for higher performance



  • 1 GB of available hard disk space; 10 GB recommended for off-line features and higher performance browsing



  • Super VGA (1024 x 768) or higher resolution monitor



  • Microsoft Mouse or compatible pointing and scrolling device



  • Microsoft® XP SP2 (minimum) , Windows® Vista® (recommended)



  • Microsoft® DirectX® version 9.0c or later and .NET Framework 2.0 or later





  • ඔයාලා මැක් නම් යූස් කරන්නේ මේ ටික ඕනේ,

  • A version of Microsoft Windows must be installed



  • Macintosh® with an Intel Core 2 Duo (2.2 GHz or faster) processor recommended



  • 1 gigabyte (GB) of RAM; 2-GB RAM recommended



  • NVIDIA GeForce 8600M GT graphics card with 128-MB SDRAM or recommended



  • HFS+ hard disk format (also known as Mac OS® Extended or HFS Plus) and 10 GB of available hard disk space



  • 1440 x 900 or higher-resolution monitor



  • Mouse or compatible pointing device



  • Mac OS® X version 10.2 (Jaguar) and Boot Camp; Mac OS X Leopard is recommended



  • Microsoft DirectX Runtime 9.0c or later and .NET Framework 2.0 or later



  • Required for some features; Internet connection at 56 Kbps or higher through either an Internet service provider (ISP) or a network. Internet access might require a separate fee to an ISP; local or long-distance telephone charges might also apply





  • එක බොත්තමක් එබූ පමණින් මුලු විශ්වයම අතට ගන්න මේ හරහා ඔබට පුලුවන්.ඉතින් තවත් බලාගෙන ඉන්නෙ නැතුව ට්‍රයි එකක් දාලා බලන්න WWT වල වැඩ කිඩ.

    Friday, April 29, 2011

    Sony Ericsson භාවිතා කරන්නන්ට ට්‍රික් එකක්...



    මේ ලියන්නේ සෝනි එරික්සන් ෆෝන් භාවිතා කරන්නන් ගොඩක් අය නොදන්න දෙයක්...මේ ක්‍රමෙන් ඔයාලට ෆෝන් එකේ තත්වේ කොහොමද කියලා බලාගන්න පුලුවන්...මෙන්න ක්‍රමේ....[ඊතල වල රූප දාලා තියෙන්නේ ඇරෝස් දෙන්න ඕනේ ඒවා.]
    මේක කරද්දී ෆෝන් එක අන්ලොක් කරලා නෝමල් ස්ටැන්ඩ්බයි තියන්න.දැන් මේ විදියට බොත්තම් ඔබන්න.

    >  *(STAR) < < *(STAR) < *(STAR)


    දැන් ඒවි මෙනු එකක්,SERVICE කියලා.ඒකේ තියෙන SERVICE TEST ගිහින් ඔයාලට ෆෝන් එකේ ඩිස්ප්ලේ,කැමරා,වයිබ්‍රේට්,චිප් එටේටස්,ටෝට්ල් ටෝක් ටයිම්(මේක රීසෙට් කරන්න අමාරුයි.නෝමල් රීසෙට් කරනකොට කෝල්ස් වල ටෝක් ටයිම් රීසෙට් උනාට මේක රීසෙට් වෙන්නේ නැ.)වගේ තවත් දේවල්...

    ආ තව එකක්...සෝනි එරික්සන් ෆෝන් එක චාර්ජ් කරලා චාජරෙන් කෙලින්ම ඇදලද ගලවන්නේ....නිශ්පාදකයා නම් උපදෙස් දීලා තියෙන්නේ මෙන්න මෙහෙම කරන්න කියලා.



    පේන්නේ නැත්නම් රූපේ උඩ කොටල මම රවුම් කරපු තැන ගැන අවධානය යොමු කරන්නකෝ....
    අදහසක් උදහසක් දාලා යන්න...

    Tuesday, April 26, 2011

    Miss Multi Game


    මිස් ඩබල් ගේම් වලින් අපේ ගජං මලයා කෙල්ලෙක් කොල්ලො දෙන්නෙක්ට ලව් කොරපු සීන් කෝන් එකක් ගන ලිව්වනේ.මේ ලියන්නේ මට ලැබිච්ච ඔය වගේම(කිව්වට ඔයිට ටිකක් දරුණු.)ගේම් එකක්.මේ සීන් කෝන් එක උනේ මම 8 වසරේ නැත්නම් 9 වසරෙදි.ඉතින් ඒකාලේ හිටං මම ගියා ඉංග්‍රිසි පන්තියකට.ළමයි ගොඩක් ඉන්න එකක්.කොහොමිං හරි අපේ සෙටාර් එක වාඩි වුනේ කොල්ලොන්ට තියෙන අන්තිම පේළියේ.(පේළිවල වාඩි උනේ ඉස්සරහින් කොල්ලෝ.ඊට පිටිපස්සෙන් කෙල්ලෝ.)
    කොහොම හරි කොල්ලොන්ගේ අන්තිම පේළියට පිටිපස්සේ පේළිය තමා කෙල්ලොන්ගේ මුල්ම පේලිය.ඒ දවස් වල ඔය පේළි වලටත් කස්ටිය රෙජිස්ටර් වෙලා තිබ්බේ.
    ඔහොම සෙටාර් වෙච්ච පිටිපස්සේ පේළියේ හිටි කෙල්ලොත් කොහොමින් හරි අපිත් එක්ක පිට් උනා.එක කෙල්ලෙක් මටත් පොඩි ඉස්පැසල් ඇට්‍රැක්සොන් එකක් දැක්කුව කියලත් කියමුකෝ.
    ඒකි ඒ දවස් වල තව කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියාය කියලත් කියමුකෝ.ඒ කොල්ලත් අපේම පන්තියේ එකෙක්ය කියලත් කියමුකෝ.තවත් ඕනනම් මේ කෙල්ල මම ඒ දවස් වල ඉඳන්ම පස් මහ බැලුම් දාගෙන,ලයින් පාර දාගෙන හිටපු කෙලි පැටික්ක ගැන දන්නවා කියලත් කියමුකෝ.(කොහොම හරි අපේ වයසේ එකෙක් ජෝඩු දාලා බස් එකේ යනවා දැක්කෙත් මම මුලින්ම උන් දෙන්නව.)
    ඕන් ඔහොම අවුලක් නැතිව කාලේ යනකොට අර කෙල්ල තව තව ඇර්ටැක්සොන් පානව කියමුකෝ.අර පැටික්කිගේ නම කිය කිය නෝන්ඩි දෙනවයි එක විකාරයයි...
    මටත් මොකෝ.මාත් ඉවසා වදාරගෙන හිටියා.අනික ඒකෙත් පොඩි ගතියක් තියෙනවනේ.
    ඔහොමින් යනකොට මේ කෙල්ලයි අර කොල්ලයි අතරේ තිබිච්ච මෙව්ව එක දෙදරලත් ගිහිල්ලලු.ඒ දවස් වලම අයියලා සැට් ගානක් මාව හොයනවත් ලු.
    ඔය හොයන අතරේ මාව අයියලාට අහුවුනාය කියමුකෝ.මෙන්න මෙහෙමයි දෙබස...
    අයියා-මල්ලි උඹ #### කෙල්ලව දන්නවද?
    මම-දන්නව අයියේ.ඇයි? 
    අයියා-උඹ ඒකි එක්ක යාලුද?
    මම-පිස්සුද අයියේ?
    අයියා-එහෙනම් කමක් නැ.ඕකි කොල්ලෝ ගානකට බූට් තියපු එකියක්.අපිත් එක්ක කිව්වේ උබ එක්ක යාලුයි කියලා.ඒකයි හොයන්න ආවේ.
    ඔන්න ඔහොම උනේ....
    කොහොලින් හරි සීන් එක ඔහොම ඇදිලා ගිහින් පන්තියේ සර්ටත් ආරංචි උනා කියමුකෝ.සර් පන්තියේදී ලෙඩේ දාලා පන්තියෙන් අස් කොලා කියල තමයි ආරංචි.
    කාලෙකට පස්සේ ඒ කෙල්ලගේ අයියා හම්බුනා.අඳුර ගත්තා.ඌනම් සිරා ඩයල් එක.මැක්සම බොක්කක් මගේ දැන් ඌ.ඌ දන්නවා මගේ සීන් එක.කෙල්ල තාම තරහයි මාත් එක්ක.දැක්කත් අහක බලාගන්නව.මමනම් ඒකිව ගනන් ගන්නේවත් නැහ්.
    හැබැයි දැන් හිතෙනවා ඒ කරපු වැඩේ හරිය කියල.මොකද මම ඒ උරචක්‍රමාලේ එල්ල ගත්තනම් මෙච්චර හිතෙ ෆිට් එකකුත් නැ.ඒ මදිවට ඔලුව උඩට ලෙඩ ගොඩක්.

    අවසාන නිගමනය-කෙල්ලන් ඇසුරු කරන්නට යාමේදී චරිතය හා හැසිරීම ගැනද සැලකිලිමත් වන්න.

    පස්සෙන් එන්න