web 2.0

Wednesday, May 26, 2010

සුභ වෙසඟක් වේවා!

Sunday, May 23, 2010

මත්පැන් භාවිතා නොකරන්නට තරයේ සිතට ගතිමි.

(මේ මුලින්ම කියන්න ඕන මම කවදාවත් ඔය දහජරාව බීල නෑ හොඳේ.)


මාතෘකාවට අනුව හේතුව...
බීලා බීලා ලෙඩවෙනකොට,මගේ අම්මල තාත්තල හිටියොත් හරි කසාද බැඳලා බිරින්දෑ කෙනෙක් ගත්තහම හරි ළමා ලපටි එකෙක් දෙන්නෙක් හිටියොත් ඒ මිනිස්සුන්ට නේද අපි බීපුවයි වන්දි ගෙනව්ව වෙන්නේ?අපි කරන වැරදි වලට ඒ මිනිස්සු පලි නැහැ නේද?රටට බරක් වෙලා ලෙඩෙක් වෙලා විඳවන්න කැමතිද?

ඔයාලගේ අදහස් ලියල යන්න.අඩුපාඩු කියන්න.

Saturday, May 22, 2010

වෙසක් කාඩ්

ඕං අදත් කැත නැතුව ඉල්ලං කෑව.වෙන කවුරුවත් නෙවෙයි,මම.
කස්ටිය දන්නවනේ මගේ පාරමී* ගැන.ඉතින් එයාටයි,එයාගේ යාලුවන් 3 දෙනාටයි(දෙන්නව සේප් කොරන අය.)වෙසක් කාර්ඩ් එකක්වත් දෙන්න එපාය.
ඊයේ පෙරේද දවසක් මමයි,තව එකෙකුයි ගියා කාඩ් බලන්න.බලල අරගත්තේ නෑ මොකද ගෙදර ගෙනාවහම මාස්ටු වෙනවනේ.
අද කොල්ලා ගාලු පුරවරේ ගිහිපු වෙලේ වෙසක් කාර්ඩ් ගත්ත කියමුකෝ.
තෝරල තෝරල පාරමී*ට එක කාඩ් එකකුයි,අනිත් තුන්දෙනාට අතට අහුවෙච්ච(කවියක් දිහාවත් බැලුවේ නෑ.බුද්ධ රූප තිබුනේ.පාරමී*ගේ එකේ රෝස මලක්.) කාඩ් තුනකුයි.(පාරමී*ගේ කාඩ් එක තෙරුවේ හොඳ කවියක් ඕන නිසා.)
අරගෙන එහෙමම බෑග් එකේ දා හත්ත.
බස් එකේ එන ගමන් කවි ටික බලන්නත් එක්ක බෑග් එකෙන් ඇදල ගත්ත.බැලින්නම් අර අතට අහුවෙච්ච්යින් ගනිපු කාඩ් තුනේම තියෙන්නේ එළ කවි.
"අපි දෙන්නා එකට ගිහින් මල් පුදමු"
 වගේ අර්ථේ තමා.
මට බස් එක කියල මතක නැතුවෙ කෑගැහුනනේ ඒක දැක්ක ගමන්ම.
"යකෝ,මේව කොහොමද කෙල්ලොන්ට දෙන්නේ?"
මගේ වම් අත පැත්තේ හිටපු එකා මූන හංගගෙන.දකුනු පැත්තේ හිටපු එකා මං දිහා බලාගෙන කට අල්ලං හිනා.බස් එකෙන් බාගයක් විතර මං දිහා බලාගෙන.වෙලාවට අඳුරන අය හිටියේ නෑ.
හැබැයි සමහර අක්කලා(අඳුරන්නෙත් නෑ.)
"මල්ලි අපි බහින්නම්"
කියල නෝන්ඩි හතේ හිනාවක් දාගෙන ගියා.එපා වෙනව මෙහෙම වෙනකොටනම්...
ඔන්න තාම වෙසක් කාඩ් ගනිපු නැති අයට කියන්නේ,ආයි වෙසක් කාඩ් ගන්නකොට මතක් වෙලා කවිය කියවලා අර්ථය හොඳට හොයල බලල ගන්න...

Wednesday, May 19, 2010

ඔබත් ප්ලාස්ටික් වතුර බෝතල් භාවිතා කරනවද?මේ ගැන පොඩ්ඩක් හිතල බලන්න...

Tuesday, May 18, 2010

මට පුලුවන් හැටියට,මගේ බ්ලොග් එකෙන් රණවිරුවන්ට කරන්න පුලුවන් උපහාරය...

Monday, May 10, 2010

අනංගයා වෙත,


ඔබට වැඳලා වැඳලා ඉල්ලගත්ත,
අර මල් අමුනපු ඊතලේ,
තුඩ පොඩ්ඩක් මොටයි වගේ...
ඒක උල තියාගන්න,
යන එකත් මල ලෙඩේ...
හොඳට ඇනෙන වෙන එකක්,
බැරිද දීලා යන්න?
හැබැයි මටනම් පුතෝ,
එපා භාවිත කරපු තල...
බ්‍රෑන්ඩ් නිව් ජපානේ එකක්,
තිබුනෝතින් ඇති මට...
අර මඟුල් දුන්නේ,
පවර් එක මදි අනේ,
රබර් බෑන්ඩ් එකක්වත්,
දාලා බලන්නෝන....
ටාගට් එකටම,
හරියටම විදගන්න,
බැරිද පොඩි ට්‍රේනිං,
පාරක් මට දෙන්න...
ඒත් බැරිනම් අනේ???
විදල දීලා යන්න...

Sunday, May 9, 2010



අද පොඩ්ඩක් චරට් (:P) දවසක්.මගේ යාලුවෝ දෙන්නෙක්ම අසනීපයි කියල ආරංචියි.එක්කෙනෙක් මගේ පුංචි පාරමී.අනිත් එක්කෙනා පූර්නිමා කියල ෆේස් බුක් එකේ අඳුරගත්ත යාලුවෙක්.කොහොම උනත් දෙන්නටම ඉක්මනටම සනීප වෙන්න කියල මම පතනව.


Saturday, May 8, 2010

වඳිමු බලන්න මේකටත්???

Wednesday, May 5, 2010

බලාගෙනයි!පරිස්සමෙන්...

මේ දාන්නේ මට අයියා කෙනෙක් එවපු විස්තරයක්.පරිවර්තනේට වඩා ලේසි ඉංගිරිසි නිසා එහෙමම දානවා.තරහ වෙන්න නම් එපා ඕං...

"This plant that we have in our homes and offices is extremely dangerous! This plant is common in Kenya , Rwanda, Uganda in plant nurseries, many offices and  homes. It is a deadly poison, mainly for the children. It can kill a kid in less than a minute and an adult in 15 minutes. It should be uprooted from gardens and taken out of offices. If touched, one should never touch ones eyes; it can cause partial or permanent blindness. Please alert your buddies. "



තෙතබරි



කට්ටිය මේ දවස් වල තෙතබරි වෙලා වගේ නේ?මමනම් හොඳට නෑව.අපරාදේ කියන්න බෑ අද ගජරාමෙට වැස්සනේ.අපේ ස්කූල් බස් එකත් නෑ.එපා වෙලා හිටියේ.අන්තිමට පයින්ම එන්න ගත්තා.ආපු ඒම හොයන්නත් එක්ක මම ගූගල් මැප් එකේ ගිහිපු පාර ලකුණු කලා.බලන්නකෝ වැස්සක් මට දුන්න ආතල් එක.(නිල් පාටින් සාමාන්‍යයෙන් මම බස් එකේ යන පාර.රතු පාටින් අද පයින් ආපු ටික.)

Sunday, May 2, 2010

ඇතුවත් බෑ.නැතුවත් බෑ...

පස්සෙන් එන්න