web 2.0

Friday, August 28, 2009

"හොඳම ආදරය" තෝරන්න ඔබට අවස්ථාවක්

මේකත් ඉතින් අස්ලම් අයියා එවපු ඊමේල් එකක උපුටාගැනීමක් කිව්වොත් හරි.රූප ටිකක් වුනත් ලොකු පණිවිඩයක් කියවෙන බවයි මගේ හැඟීම.ඔයාලම බලන්නකො.බලලා අදහසක් උදහසක් දාලා යන්න අමතක කරන්න එපා.













අලුත් නිපැයුම

දාන්න මෙලෝ දෙයක් නැතුව වේලි වේලි ඉඳිද්දී අපේ ඉස්කෝලෙ ප්‍රිෆෙට් අස්ලම් අයියා එවපු ඊමේල් එකක තියෙන නිපැයුමක් ගැන කතා කරන්නයි සූදානම.[කස්ටියට එප වෙයිද මන්ද?]


කට්ටිය ඉතින් නිවුස් බලනව ඇතිනේ?ඒ අතරේ දකින්න ඇති උඩින් යන්නත් පුලුවන්,බිමින් යන්නත් පුලුවන් රථය ගැන.අන්න ඒක ගැන පේළි දෙකක විස්තරයකුයි,රූප ටිකකුයි මෙන්න.


විස්තරනම් දන්නේ මෙච්චරයි.ඒ වුනත් ඒ ටිකත් කස්ටියත් එක්ක බෙදා ගමුකො.
ඉන්ධන ලීටරයකට කිලෝමීටර් 20 ක් යන්න පුලුවන් කියලයි කියල තියෙන්නේ.අත්තටු අකුලන්න තත්පර 30ක්ලු යන්නේ.
දැනට දන්නේ එච්චරයි.[යනගමන් පහත රූප ටිකත් බලාගෙන යන්න.]


ස්තුතිය_ඊමේල් එක එවපු අස්ලම් අයියාට

















Tuesday, August 25, 2009

ඇයිද පර කළේ හෙට පිපෙන මැයි මල.....

වජිර අයියා ගාල්ල රිච්මන්ඩ් විද්යාවලේ ආදි ශිෂ්යැයෙක්.2004 වර්ෂයේ අ.පො.ස [සා.පෙ] විභාගයෙන් ඒ සාමාර්ථ 8 ක් සමග සමත්වුන දක්ෂයෙක්.2008 වර්ෂයේ අ.පො.ස [උ.පෙ]සඳහා ජීව විද්යාම අංශයෙන් විභාගය ලියලා නැවතත් 2009 වර්ෂයේ ලියන්නයි හිටියේ.තාත්තගේ අඩිපාරේ ගිහිල්ලා වයිද්යවවරයෙක් වෙන්නයි හිටියේ.


2009 වර්ෂයේ විභාගය සඳහා අමතර පන්තියකට ගිහින් එද්දි නොසිතූ නොපැතූ දෙයකට තමයි වජිර අයියාට මුහුණ දෙන්න සිදු වුනේ.
එදා දවස වුනේ මැයි මාසේ 26 වෙනිදා.සිදුවූයේ පෝද්දල දී.සිදුවුන වේලාව වුනේ රාත්රීක 8.30 ට පමණ.


දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ පාළමක් කඩාවැටීමෙන් පස් අතර සැඟවුනේ මේ වජිර අයියා.වටිනා ජීවිතයක් ලක් මවට නැතිවුනේ මෙහෙමයි.
[පහත වීඩියෝ ක්ලිප් බලන්න]


.





වජිර අයිය ගැන එයාගේ යාළුවන්ගේ නගුණු කඳුලු බිංදු කිව්වේ මෙහෙමයි.


[නි]හඬ මැයි මස
වජිර මිතුරේ
සිනාසෙනු බෑ පුරුදු ලෙස
හදවතේ එන නිහඬ හඬ
බොඳ කරයි නෙත් කෙවිනි විගසින්
ඇයිද පර කළේ
හෙට පිපෙන මැයි මල.....


වජිර අයියාගේ මතක් වෙන්න හදපු මුහුණු පොතේ පිටුවට යන්න, මේ මත ක්ලික් කරන්න.


මේ මස 26 වන දිනට වජිර අයියා අප අතරින් වෙන්වී මාස 3 ක් පෙරීම නිමිත්තෙනි.


යළිත් මෙවන් වැරදි අඩුපාඩු සිදු නොවීමට මග බලාගැනීම අප සැමගේ යුතුකමයි

Saturday, August 22, 2009

මතේ රඟේ........

මට ඊයේ හොඳ වැඩක් සෙට් වුනා.අතේ ෆෝන් එක තිබුන නිසා වීඩියෝ කරගත්ත.මෙහෙමයි සීන් එක.

ඊයේ අපේ අයියා කෙනෙක්ගෙ මගුල් ගෙදරක් තිබුනා.හෝටලේක තමයි තිබුනෙ.කොහොමින් කොහොම හරි කට්ටියක් බීලා ගත්ත කාළකණ්නි ආතල් තමයි මේ.






මේ ලිපිය එක දාන්න හදද්ම මූණු පොතෙත් හොඳ රූප වගයක් දාල තිබුනා.ඒකත් ඔන්න.





මම මේ අරක්කු සහ සිගරට් බීම ගැන හිතන්නේ මෙහෙමයි.

කවුරු හරි බීලා බීලා ලෙඩ වෙනව.අතේ තියෙන පිච්චිය බොන්න වියදම් කරලා අතේ කීයක්වත් නෑ.අන්තිමට ඒ පුද්ගලයා ලෙඩ වුනහම දුක් විඳින්න වෙන්නේ ඒ මනුස්සයගේ බිරිඳට සහ ළමයින්ට.ඉතින් මේ වගේ කාළකණ්නි බීමක් නිසා වෙන්නේ අන්තිමට පවුලම නැත්තටම නැති වෙන එක.

අනිත් එක තමයි ඔය බීම නිසා ඒ ඒ පුද්ගලයන්ගේ දරුවන්ට විඳින වෙන ලැජ්ජාව.පොඩ්ඩක් හිතන්න.

"ඔය ළමයගේ තාත්ත නේද අර ඊයේ බීලා බීලා කාණුවෙ වැටිලා හිටියේ?"
"ඔය මනුස්සය නම් බොන එක විතරමයි කරන්නේ"





කියලා ඒ ළමයට ඇහෙන කොට ඒ ළමයට විඳින්න වෙන මානසික කලකිරීම.

ඉතින් ඒ ගැන හිතලාවත් අරක්කු බීම නවත්තන්න කියල මම මේ බ්ලොග් එකට එන සියල්ලන්ගෙන් ඉල්ලා සිටිනවා.ඒක ඔබටත්,ඔබේ පවුලටත්,රටටත් ලොකු පිනක් වෙයි.ඒ තත්වයට ඔබ එන්න සමත් වුනොත් මම දාන මේ ලිපියටත් වටිනාකමක් වෙයි.



මේ ලිපිය නිසා යමෙකුට අපහාසයක් වේ නම් සමාව ඉල්ලා සිටින අතර,මත්පැන් වලට මාගේ ඇති දැඩි අප්‍රසාදය නිසා නොගැලපෙන වචන භාවිතා වූයේ නම් සමාවන්න.

Thursday, August 20, 2009

මගේ බ්ලොග් එකෙන් මම දැක්ක වින්ඩෝස් වැටිල්ල........

අපරාදේ කියන්න බෑ ඊයේ මම දාපු ආටිකල් එකට කමෙන්ස් ගොඩක් තිබුන.අමුත්තො එහෙමත් ඇවිල්ල තිබුන.ඉතින් මම ඒක දැන ගත්තේ මම මගේ බ්ලොග් එකේ දාල තියෙන කවුන්ටර්ස් වලින්.HISTATS එකෙන් දාපු කවුන්ටරේ හොඳට කවුන්ටින් විස්තර දෙන නිසා මම ඉතින් ආසාවට HISTATS ලොග් වෙලා බැලුව කොහොමද ආපු කට්ටියගේ විස්තර කියල.අමුත්තො ගැන විස්තර බැලුව Visitors ටැබ් එකට ගිහිල්ල ඒකේ browsers / os / lang මගින්.
__________________________________________________________


මම අහල තිබුන VISTA සහ INTERNET EXPLORER භාවිතය අඩු වෙනව කියල.ටිකක් දැනුනට මට එච්චර ගානක් වුනේ නෑ.


__________________________________________________________


අප්පට සිරි!මම ඔය උඩ කියපු විදිහට විස්තර බැලුවහමනේ වැඩේ හරියට සෙට් වුනේ.Web Browse වලින් INTERNET EXPLORER ට හම්බෙලා තිබුනේ 3 වෙනි තැන.පිළිවෙල මෙහෙමයි.


1.FIREFOX 3.0 [65.7%]
2.CHROME [15.9%]
3.INTERNET EXPLORER 7.0 [4.3%]
4.INTERNET EXPLORER 6.0 [4.3%]
5.INTERNET EXPLORER [3.9%]
6.FIREFOX 2.0 [3.4%]
7.OPERA [1.4%]
8.FIREFOX 1.5 [0.5%]
9.SAFARI [0.5]


වැඩේ කියන්නේ ඊයේ පෙරේද ආපු CHROME එකෙනුත් INTERNET EXPLORER බූට් එක කාල. ;)


දැන් කියන්නම් MICROSOFT WINDOWS VISTA මෙහෙයුම් පද්ධතියට වෙලා තියෙන වැඩේ.MICROSOFT WINDOWS VISTA භාවිතා කරන අය ගොඩක් අඩුයි.ඒ කියන්නේ VISTA ට බැරිවෙලා තියෙනව පරිගණක ටික අල්ල ගන්න.මෙහෙමයි තත්වෙ.


1.WINDOWS XP [71.6%]
2.VISTA [12.0%]
3.WINDOWS [8.7%]
4.LINUX [7.2%]
5.MAC OS X [0.5%]


මම කියන්නේ බොරු කියල හිතෙනවනම් බලන්නකො වැඩේ.


Wednesday, August 19, 2009

පරණ කොම්පියුටරේ

අප්පා අදනම් එපාම කරපු දවසක්.එපාම කරපු දවසක් කිව්වට අවුලකුත් නෑ.කොහොමින් කොහොමින් හරි මම අද මේ මගේ පරණ කොම්පියුටරේ නිසා කන කටු ටික ගැන කියන්නම්.මදි නොකියන්න රෑ 10.00 වෙනකනුත් කොම්පියුටර් දෙකක් ඉස්සරහ.මෙහෙමයි සීන් එක.


මගේ පරණ කොම්පියුටරේ [AMD SEMPRON 2200+,256 MB,32 MB,40 GB] අවුරුදු 4ක් විතර එක දිගට වැඩ කලා.කිසි ලෙඩක් නෑ.කොහොමහරි ඒක ලෙඩ වුනා.මැෂින් එක ඔන් කලාම ඔන් වෙනව රූප නෑ.මොනව කරන්නද බැන බැන ගලව ගලව හදනව.හැමදාම!මේකත් කරගෙන යන්තම් වැඩ ටික කරගෙන යනකොට ටිකදවසකින් ඒ බෙහෙත අල්ලන්නෙත් නෑ.මොනව කරන්නද?මම දන්න ඔක්කොම වැඩ කෑලි දැම්ම.මොකද මගේ කොම්පියුටරේ නෑ කියන්නේ මට අත් දෙක නෑ වගේ.හරියන්නෙම නැතිකොට අයියා කෙනෙක්ට පෙන්නුව.VGA කාඩ් එකේ PORT එක ලූස් කනෙක්ෂන්.රැම් ස්ලොට් වලත් අවුලක්.හදන එකනම් ෂුවර් නෑ.බෝඩ් එකට කෙළියක් කරගත්තොත් මොනව කරන්නද?මොකද බෝඩ් මම හදන්නයැ?හරියන්නේම නෑ.අන්තිමට තව අයියා කෙනෙක්ට දුන්න කරන්න පුලුවන් දෙයක් කරන්න කියල.හරි යන්නේ නෑ කියල තමයි කිව්වේ.පස්සෙ එහේ ගිහින් මැෂින් එක ගෙදර ගෙනාව.[හාඩ් එකයි පවර් සප්ලයි එකයි නැතුව]තිබුනත් මට වැඩක්යැ?


කොහොමහරි ඉස්කෝලෙ IT වලට ඕන නිසා තව එකක් ගත්ත.[Intel CORE QUAD 2.83 Ghz,4GB,1GB,500 GB] ඒ අතරේ පොඩි අදහසක් ආව ආයි පාරක් පරණ මැෂින් එක ගොඩ දාන්න ට්‍රයි එකක් දාන්න.[අදහසට ගොඩක් කල්]කොහොම හරි අද ගිහිල්ල පවර් සප්ලයි එකයි ගාඩ් එකයි ගෙනල්ල හයි කලා.ස්ටාර්ට් වෙනව රූප නෑ.නොදෝකින් කියල ආයි ගලවල VGA Card එකේ Port එක සුද්ද කරල ගැහුව.හරියන්නේ නෑ.Card වැඩද කියලා ෂුවර් නැති නිසා ගලවගෙන ගියා කඩේකට.


"අයියෙ VGA Card එක චෙක් කරගන්න ඕන"
"පොඩ්ඩක් ඉන්න මල්ලි"


හිටිය විනාඩි 10ක් විතර.මිනිහ යාලුවෙක් එක්ක කතාවක්.මොනව කරන්නද බලන් හිටිය.


"මල්ලි අපි ගාව PCI Express Board නෑ.මල්ලි මැෂින් එක ගේනවද?"
"හා,හවසට ගේන්නම්"


හවස ගෙනිච්ච.ටිකක් ඉන්න කිව්වා.RAM චෙක් කරල VGA කේස් එක බැලුව.
"මල්ලී මේකෙ VGA Port එක ලූස් කනෙක්ෂන්.මම හදන්නම්"
කියල ඇණයක් දැම්ම.වැඩේ හරි.අන්තිමට CMOS බැටරියත් දැම්ම.
දාල XP දාන්න හදන කොට මම කිව්ව "ඕක මම කරගන්නම්.කොහොමද ගාන?" කියල
"තුන්සිය පණහයි මල්ලි" :O
මොනව කරන්නද?අනාගත්තනම් කටේ තියාගන්න කියල මමත් ගෙවල ගෙදර ගෙනාව.[මටත් හොඳ වැඩ තමයි වෙන්නෙ]
දැන් මැසිම වැඩ Keyboard එක ගහල XP දැම්ම.චිකේ!පරණ Mouse එක වැඩ නෑ.අලුත් කොම්පියුටරේ Mouse එක ගලවලා යන්තම් ෂෙප් වුනා.ඊට පස්සෙ තව දාන්න Software තියෙනවනෙ ඒව කොහොමද ගන්නෙ?Setup Fileතියෙන්නෙ මගේ අලුත් කොම්පියුටරේ.මාර ගේමක් දුන්න.අන්තිමට කොම්පියුටර් දෙකට කරන්ට් ගන්න බෑ.


තාත්තට TV බලන්න ඕන නිසා Monitor එකට ගහපු වයර් එක ගලවල TV බලන්න දුන්න.දැන් තමයි TV බලල ඉවර වුනේ.මොනව කරන්නද ඇදපන් ගොනෝ ඇදපන් කියල එක Mouse එකෙන් මැෂින් දෙකේම වැඩ.


අනේ! මේ වගේ වැඩක් නම් කෙල්ලෙකුටවත් වෙන්න එපා.අපොයි!

Saturday, August 8, 2009

රණ විරුවාට ගැයෙන ගීතය






































ළය මඬල විදාරා
රිධිරයෙන් තෙත්බරිව
යුධ පිටියේ මිය ඇදුණු
ඔබට මොන කිංකිණිද?


උදහසින් මොරනගන තුවක්කුවේ හඬ පමණි.
වික්කල් ගමන රයිෆල් හඬ 'කට කට' ව
ඔරසර බවට පත්වේ එය ඔබ සතු ය
රැවටිලි ඔබට නැත,කිංකිණි හඬ ද නැත
කර්කශ උන්මාද වෙඩි උණ්ඩය සැපද?


බියුගල් හඬක් ඔබ වෙනුවෙන් නො ඇසෙන්නේ
ඉටිපන්දම් දැල්ල ඔබ ගැන නැහැ දන්නේ


එහෙත්....
ඔබ ප්රිය යුවතියගේ නෙත් යුග
තාරුණ්යයේ චන්ද්රාලෝකයෙන් දිදුලනු ඇත
ඇගේ සුදුමැලි ඇස්බැම
ඔබ දෙණ වසනු ඇත


මුදු මල් කැකුළු ඇගේ ඉවසන මනස තුළ
නිති පුදකෙරුනු ඇත, සැනසෙනු සගය ඔබ !


මිනිසත් බවට අවමානය ගෙනෙන ලද
'ගොම්මන්' තිරය ඔබ වෙනුවෙන් වැසෙනු ඇත.


උපුටා ගත්තේ පියදාස රිල්ලගොඩ මහතාගේ ලිපියකිනි.

පස්සෙන් එන්න