web 2.0

Thursday, September 5, 2013

දිල්ලි යමු.[අද ඉන්දිරා ගාන්ධි මෙමෝරියල් සහ බර්ල හවුස්]

දවස් 4,5 ක් ඇවිදින්න එක්කං යන්න බැරි උනාට සමාව ඉල්ලන ගමං,අද මම කට්ටියව එක්කගෙන යන්න හදන්නෙ ඉන්දිරා ගාන්ධි මෙමෝරියල් හෙවත් ඉන්දිරා ගාන්ධි මැතිනිය ජීවත් වුන,ඝාතනය උන ස්ථානයට.මෙතන මේ වෙනකොට ඉන්දිරා ගාන්ධි මෙමෝරියල් විදියට නම් කරල,එතුමිය භාවිතා කල භාණ්ඩ ඇතුලු බොහෝ දේවල් වල එකතුවක් විදියට හදල තියෙනව.


ඔය තියෙන්නෙ නාම පුවරුව.ඔතනින් ඇතුලට ගියාම ඉන්ධිරා ගාන්ධි මැතිනියගෙ විතරක් නෙවෙයි,රජීව් ගාන්ධි මහත්මයාගෙත් මතක සටහන් එකතුවක් බලාගන්න පුලුවන්...











ඔය තියෙන්නෙ ඉන්දිරා ගාන්ධි මෙමෝරියල් එකේදි ගනිපු පින්තූර.මම පහලින් දාන රූප තියෙන්නෙ ඉන්දිරා ගාන්ධි මැතිනියට වෙඩි තියපු තැන දැන් තියෙන තත්වය.



මෙච්චර විතර කිව්ව එකේ ඕක බලන්න ගිය අපේ සෙට් එකේ පින්තූරෙකුත් දාලම,බර්ල හවුස් බලන්න යමුකෝ...


දැන් යමු බර්ල හවුස්...

මොකක්ද මේ බර්ල හවුස් කියන්නෙ?ම්ම්...ඇත්තටම බර්ල හවුස් කියල කියන ගෙදර තමයි මහත්මා ගාන්ධි තුමා තමන්ගෙ අන්තිම දවස් 144 ගත කරල තියෙන්නෙ.ඒ ගෙදර අයිති වෙලා තිබිල තියෙන්නෙ ප්‍රභූ කෙනෙක්ට.එයාගෙ ආරාධනාවකට අනුව තමයි මහත්මා ගාන්ධු තුමා ඉඳල තියෙන්නෙ.
කවුරුත් අහල ඇතිනෙ මහත්මා ගාන්ධි තුමා තමන්ගෙ ඇඳුම් තමන්ම හදාගත්ත කියල.අන්න ඒ වගේම අදටත් ඒ කපු කටින යන්ත්‍ර එහෙමත් එහේ තියෙනව.
ඒ ගෙදර උඩ තට්ටුවෙ එක එක විදුලි උපකරණ,අනන් මනන් හදල තියෙනව.ඒ ඔක්කොගෙම නිරූපනය වෙන්නෙ ලෝකෙ සාමය පතුරුවන්න ඕනෙ කියල එකක්.පින්තූර බලමුකෝ..


















ඕන්න ඔහොමයි ඉන්දිරා ගාන්ධි මෙමෝරියල් සහ බර්ල හවුස් එකට යන්නෙ..එහෙනම්,ආයි වතාවක් රවුමක් දාමුකො ඉක්මනින්ම...

0 ප්‍රතිචාර:

Post a Comment

ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...

පස්සෙන් එන්න