කොහොමින් හරි මේ කේස් එක උනේ සාපේ ලියන්න ඔන්න මෙන්න කියල දවසක.
පන්ති නවත්තන්න අන්තිම දවසක් සෙටාර් උනේ.අඟහරුවාද දවසක් උනොත් කොල්ලො කෙල්ලො ටික ඉස්කෝල වල යන්නේ නැති නිසා සර් කිව්වා මමත් කොහොම හරි පන්තියට පැනල එන්නම් උඹල වරෙල්ල කියල.අපිත් ඉතින් ගියා.පන්තියේ අන්තිම දවසනේ.
උදේ හොඳහැටි අව්ව පායල තිබ්බ නිසා කුඩ ගෙනිච්චේ නැ.පොත් දෙකක් බැග් මල්ලේ දාගෙන පන්ති ගියා.පන්තියේ අන්තිම දවස නිසා සර් අපට වෙනසකටත් එක්ක පාරේ යන වඳුරො නවන එක්කෙනෙක් ගෙන්නවලා වඳුරවවත් නටවල පෙන්නුව.(ඒක බලන්න ඕන එවුන්ට තමයි පහතින් ඔය වීඩියෝ එක දැම්මේ.කොලිටි නම් චා හොඳේ.)
ඔන්න ඔහොමයි වඳුරා නැටුවේ.ඊට පස්සේ ආයෙත් පන්තියට ගොහින් සර් ඉගැන්නුවා.12 වෙනකොට පන්තිය නවත්තන්න ඕන උන නිසා නැවැත්තුව.ඒ වෙලාව වෙනකොට සූ ගාල වහිනව.මං හිතන්නේ වැස්ස වලාහක දෙයියන්ට ඇඬෙන්නම බූට් එකක් වැදිච්ච දවසක්.හික්z.
මොනව කරන්නද ඉතින්?අපි කුඩ ගෙනියනවාය කියලය?කෙල්ලො නම් ගෙනාපු කුඩත් ඉහලගෙන ගෙවල් බලා (වෙන්න ඇති.)හියා.අන්තිමට අපි 4 දෙනෙක් කුඩත් නැතුව පන්තිය ලඟ ඉතුරු වුනා.තෙමි තෙමි එනව වගේය විභාග අස්සේ ලෙඩක් හදාගත්තොත්.අනික වැස්සට තෙමෙන්න එපා කිව්වනේ විකිරණ ප්‍රශ්නේ නිසා.(ජෝක් එකක් හොඳේ.මට කැලැන්ඩර් මාරු උනේ නැ.)
බැලුව වෙලාව 12.10යි.ම්හු.පායන පාටක් නැ.12.20ටත් ඒ ටිකමයි.හවස ඒ මදිවට කොමර්ස් පන්තියේ අන්තිම දවස නිසා යන්නම ඕන.යන්තම් වැඳලා වැඳලා ටියුසොං කඩේ කාඩ් මාර්ක් කරන අයියගෙන් කුඩ දෙකක් ඉල්ල ගත්ත.දැන් මට කුඩයක් නැ.කාල වරෙන්කෝ.මොකැ කරන්නේ බලල බැරිම තැන ගැහුව කෙලි පැටික්කියෙක්ගේ ගෙදරට ඇස් ඇම් ඇස් එකක්.
"මට කුඩයක් දෙනවද?"
"මම ගෙදරනේ හලෝ"
"මම ගෙවල් ගාවට එන්නද?"
"එපා.ඔහොම ඉන්න.කුඩේකුත් අර අපේ අම්ම ඔතෙන්ට එයි."
ගිණි විජ්ජුම්බරයයි....
එහෙම හිතුන නේද?අපෝ එහෙම නැ ඕයි.ඒ ඇන්ටි මාව දන්නව.අප්පච්චියේ මගේ කාඩ් එක කිසි අවුලක් නැ.හරියට මම තාම කිරිසප්පය වගේ.(වගේ කිව්වට එහෙම තමයි හරිය?.)
ඇන්ටි එනකොටම ඉස්සරහට පැනල ගිහින් කුඩේ ඉල්ල ගත්ත.
"තෙමෙන්න එපා පුතේ."
"හා ඇන්ටි තැන්කිව්.මම හවසට පැටික්කිට කුඩේ දෙන්නම්."
"හා"
ඔහොම කියලා කුඩෙත් ඉහලගෙන ගෙදර එන්න පිටත් උනා.අපරාදේ කියන්න බැ ඔය වෙනකොට 12.30ත් පහුයි.එන්න පිටත් වෙලා මීටර් 100ක් යන්න උනේ නැ වැස්ස පැව්ව.අනේ ඉතින් මගේ කට.
කමක් නැ කියල කුඩේ අරන් ගෙදර ආව.එපාර තාත්ත ප්‍රශ්න කෝටියයි.
"කුඩේ කොහෙන්ද?"
දීපල්ලකෝ උත්තර.
"තාත්තේ අර අක්ක ගේ අම්ම බැඳපු අන්කල්ගේ නෝනගේ මල්ලි බැඳපු ඇන්ටි හම්බුනා එයාගෙන් ඉල්ල ගත්ත."
ඒකත් සේප්.කුඩේ හවස හෙනිහුං දෙනව කිව්වට කෙලි පැටික්කිට දෙනව කිව්වේ නැ.එපාර හදිස්සියේ තාත්ත කිව්වොත් "තෝ යන්න ඕන නැ.මම ගෙනිහුං දෙන්නං"කියල.ඔක්කොම ඉවරනේ.(අපේ අප්පොච්ච එහෙම කියන්නේ නැ හොඳේ.හරී හොඳයි.සිරාවටම මෙච්චර කාලෙකට මට කවදාවත් ගහලා නැ.වරදකට තියෙන්නේ ඉතින් මේ දවස් වල වැඩක් නැතුව ගෙදර හිටිය කියල නැ හිමිදිරි පාන්දර 10-10.30 පහුවෙනකොට ලවුඩ්ස්පීකරේ තමා.)
කොහොමින් හරි ඔහොම ගෙදරට පැනගත්ත කියමුකො.දවල් ට කාල ගියා කොමස් පන්ති.ඇන්ටිගෙන් ඉල්ල ගත්ත කුඩෙත් අරගෙනම.ගිහින් බැලුව පැටික්කි ඉන්නවද කියල.ම්හු නැ.ඒ මදිවට කුඩ දෙකක්ම අතේ.
ඒ කියන්නේ අද මෙයා එන්නේ නැ.ඊට පස්සේ සර් අන්තිම දවසනේ කියල නිකන් උඩින් පල්ලෙන් අපට මතක් කරා අමතක වෙන දේවල්.ඊට පස්සේ සින්දු කියන්න ඉඩ දුන්න.
මොන?එකෙක්වත් යන්නේ නැ.සර් ආව මගේ ළඟට"මොකෝ ගුරා සින්දුවක්වත් කියන්නේ නැද්ද?
"සර් ස්ත්‍රී පාර්සවේ වැඩි නිසා එයාල කිව්වොත් අපි කියනව.නැත්නම් නැහ්"
කියල කට ගන්න උනේ නැ.කෙල්ලෙක් ගියා ඉස්සරහට.කිව්ව සින්දුවක්.දැන් ඉතින් කාල වරෙන්කො."ගුරා කෝ සින්දු?"
අපේ එකෙක්වත් යන පාටක් නැ.මමනම් සින්දු කියල්ල ලැස්ති වෙලා ගියේ.කොලේක දෙපැත්තේ සින්දු දෙකක්ම ලියාගෙන.කපුව කියල එකෙක්ගෙන් ඇහුව මොකක්ද කියන්නේ කියල.මේක කියපං කිව්ව.ඕන්න සින්දුව කිව්ව හැටි බලාගන්නකෝ.
හොඳය මගේ සිඟින්ග්?ආහ් කියන්න අමතක උනේනේ.කරුමෙට ඔය සින්දුවේ තැනක තියෙනවනේ "ඇතාම නැ" කියල කැල්ලක්.අන්න ඒක කියද්දි නම් සර් ඇර අනිත් ඔක්කොම මට බුදු සපෝර්ට් එකක් දුන්න.ඔක්කොම එවුන් මට එපා වෙනකම්ම හිනා වුනා ඒ කැල්ලට.මොකෝ අර පැටික්කිත් එදා පන්තියට ආවේ නැ නේ.
ආයි කුඩෙත් උස්සන් ගෙදර යන්න බැරි නිසා සේප් එකේ පැටික්කිගේ ගෙවල් පාමුලට ගිහින් ඇන්ටි ගෙන්න ගෙන කුඩේ දුන්නා.එපාට ඇන්ටි එක්ක චැට් එකක් එහෙම දාලා ආව කියමුකෝ.
හොඳම වැඩේ උනේ ඊට දවස් දෙක තුනකට පස්සේ.පෝස්ට් එක දිග වැඩි උනත් ලියල දාන්නම්කෝ.
මම ඉස්සෙල්ලත් කිව්වනේ සාපේට ඔන්න මෙන්න කියලා අර වැඩේ උනේ කියලා.ඉතින් ඒ ළඟ දවසකම අපට ටවුන් හෝල් එකේ සම්මන්ත්‍රණයක් තිබ්බා.වැඩේ කියන්නේ උදේ ඉඳන්ම වහිනවා.ඒ මදිවට ටවුන් හෝල් එකත් තෙමෙනවා.මොනව කරන්නද කියල තෙමි තෙමිම ගොහින් වාඩි උනා.
එතනින් එහා පැත්තේ අර පැටික්කිගේ අම්ම හිටිය.(ඔව් ඔව් කුඩේ දුන්න ඇන්ටි තමා හරිය?)ඉතින් මම වතුරගොඩේ ඉන්නව දැකල ඇන්ටි හස්ත මුද්‍රාවෙන් කට හොල්ලල කිව්ව "වෙන තැනකට යන්න පුතේ ඔතන තෙමෙනව" කියල.
මමත් කිරිසප්පයට ඕක ඔච්චර තේරුනේ නැ.
වැඩේ හරියන්නෙම නැති තැන ඇන්ටි අර කොල්ලො කෙල්ලො 500 ක් විතර වාඩි වෙලා හිටි හෝල් එකේ (වාඩි වෙලා හිටියෙ හැමෝම.මම ඉස්සරහම පේලියේ.)මං ඉන්න තැනටම ඇවිල්ල "පුතේ ඔතන තෙමෙනව.වෙන තැනකට යන්න.මේ දවස් වල තෙමෙන්න එපා"කියල කිව්ව නෙව.
වැඩේ කියන්නේ ඒ 500 දෙනාගෙන් අඩුම ගානේ 450 ක් වත් මාවයි අර පැටික්කිවයි දන්නවා.උදේ උන ඒ සිද්දියෙන් අපරාදේ කියන්න බැ දවසම හැමෝගෙන්ම වගේ ප්‍රතිචාර හම්බුනා.
හ්ම් දැන් ඇති වගේ.එච්චරම රහක් නැ වගේ නේද?අනේ මන්ද.මට පුලුවං හැටියට ලිව්වේ.කොමෙන්ට් එකක් එහෙම දාන්නකෝ.
අර කුඩේ ඉල්ල ගත්ත පැටික්කියෙක් ගැන කිව්වේ.ඒ තමයි පාරමී.(බොලොගේ ඇවිස්සුවොත් කවුද කියලා හොයාගන්න පුලුවන් වෙයි.හිකිz ය.
මේක කියවන එවුන් මේ කතාව කාටවත් අපහසයක්වත්,හිත රිදවන්නවත් දැම්ම එකක් නෙවේය කියල දැනගන්න.හොඳේ.මේ කිරිසප්පයට ඒ වගේ වැඩ කරන එක පුරුදු නම් නැ.
13 ප්‍රතිචාර:
කොල්ල හොදයි ඈ :)
ඇට් ඉෂාර-අපි කොහොමත් හොඳයි මචෝ... :)
අඩෝ පට්ටනේ බං උඹෙ නැන්දම්මා පට්ට හොදය් නේ......සිස් ඩවසක් මගේ කෙලීගෙ අම්මත් මට කතා කොලා නොවැ.......
නැන්දම්ම?හික්z.උඹට පිස්සුද?
"රත්තරං කොලුව" කිවුවෙ උඹටද මලේ . . . ???
මේක පුදුම වැස්සක් නේ :)
ඇට් ඕනයා අයියේ-කියන්න දෙයක් නැ බං.මම රත්තරන් කොලුව තමා.
ඇට් නිම්ශා අක්කේ-ඔය එක එකා කියන වැහි ගනන් ගන්න එපා.
මේ පැත්තේ ආවට දෙන්නටම ස්තුතියි.
උබට පට්ටෙට සිංදු කියන්න පුළුවන්නේ
ඇටි බීටා-මොන සින්දුද බං?අර සර් දාපු බාල්දියේ පල විපාක තමයි ඔය.
අර කට්ටිය ඉස්සරහ නැන්දම්මා තෙමෙන්න එපා කිව්වාම කොහොමද කොල්ලගෙ ආඩම්බරේ.
ඇට් පිණිබිඳු-පොළොව පලන් යන්න හිතුන ඒ වෙලාවෙ නම්...අපෙ අප්පෝ.මතක් වෙනකොටත් මයිල් කෙලින් වෙනවා.
මෙවන් බෑනලා ලද නැන්දම්මලා නිබඳවම නිවුනෝයැ.
ඔය කිව්වේ නවම්මාවත හොඳ කතාවක්,හිකිz ය.අනේ මම දැන් ඒ වැඩේ නවත්තලා ය.දැන්නම් මාරම සැහැල්ලුවෙන් ඉන්නේ ය.
Post a Comment
ආපු එකේ කොමෙන්ට් එකක් දාලම යන්නකෝ...