මේ සිතුවිල්ල දාන මං කෝපි කඩේට අලුත් සාමාජිකයෙක්.ඇත්තටම කෝපි කඩේට විතරක් නෙමෙයි. මේ blog මාතෘකාවටත් මං අලුත්. මගේ මුල්ම ලිවීම පටන්ගත්තෙ හරියටම මේ සදුදා. එ කියන්නෙ 2011/05/16. එ මගෙ "පුංචි පුංචි සිතුවිලි" හරහා.
ඉතිං මේ කෝපි කඩේට තේකක් හදලදෙන්න කියල කුරුං ගුරුං මල්ලි මගෙන් ඊයෙ ඇහුවා. පොඩි චකිතයක් හිතේ තිබුනත් මාත් හා කියුවා. ඉතිං උදේ පාන්දරම මාත් පුංචි ලිපියක් දාන්නම්. මේ කෝපි කඩේ ගැන මට හිතුන් දේ. වැරදි අඩුපාඩු එහෙම තියෙනවනම් පෙන්වල දෙන එක ඔයගොල්ලන්නට බාරයි.
Assignment වලින්
Practical වලින්
Exam වලින්
හෙම්බත් වූ අපේ ජිවිතවලට
පුංචි හෝ සිසිලසක් එක්කර ගැනීමට
කෝපි කඩෙන් කෝපි කෝප්පයක් බොන්න
යන එන අය බොහෝ ය.
කෝපි වැඩි වුනත්
සීනි මදි වුනත්
විහිළුවෙන් තහලුවෙන් එය බෙදාගන්නේ
නොහදුනනා හදුනනා මිතුරන් සමග
ජීවිතයේ දුක සැප මිහිරි අමිහිරි
අත්දැකීම් බෙදාහදාගන්නේ
කිසිම මුදලකට මිලදීගන්න බැරි
ජීවිතයට රන් මෙන් වටින
සිතේ කොනක ඇතිවන පුංචි සතුටක් සදහා නේද.......
අර අයියගෙ මේ මල්ලිගෙ
ආදර කතා
කුණුහරුප කතා
දේශපාලන කතා
දහසක් වැඩ තියෙන අපිට
අදාල නැති වුනත්
ඒවා බෙදාහදාගෙන කියවා රසවිද
මුවගට සිනහවක් ද කැන්දා
Like එකක් Comment එකක් දාන්නේ
ඇත්තටම මේ සැමගේ අත්දැකීම්
අපේ ජිවිතේටත් යම් දුරකට හෝ
එකතුකරගන්න පුළුවන් නිසා නේද......
හිතේ කොනක හිරකරන් ඉන්න
දුක සතුට ආදරය විරහව
අනිත් අයත් සමග බෙදාගැනීමෙන්
ඇතිවන හැගීම පුංචිම වුනත්
ඒ සිතුවිල්ල අපිට හරිම වටිනව නේද....
ම්ම්ම්.....ඔන්න මට හිතුන දේ. මං දන්නෑ කොයිතරම් දුරට මං හරිද වැරදි ද කියන්න.
ආ... මට අමතකවුනානේ. මට ස්තුති කරන්න තව එක්කෙනෙක් ඉන්නව. එ තමා ගජං මල්ලී. එ මල්ලී තම මට මේ ගැන විස්තර කියුවෙ. මට අලුත් මාවතක් පෙන්වාදිම ගැන මං මල්ලිට ස්තුතිකරනවා.
