අදත් ලිපියක් දාන්න කියලා හිතුනා.මේ දවස් වල දේශගුනේ ද කොහෙට චේන්ජ් වෙලා හෙන කූල් මෙයා.ඉතින් ඒක නිසා පට්ට කම්මැලිත් එක්ක.අදනම් කියන්න යන්නේ අපි ඉස්කෝලේ සර් කෙනෙකුට කරපු පුංචි පහේ වැඩක් ගැන.
දැන් මෙහෙමයි ස්ටෝරිය පටන් ගන්නේ...
දෙසැම්බර් මාසේ ඉතින් අපට ප්‍රමුඛතාවයනේ.ඉතින් අපේ ඉංග්‍රිසි සාහිත්‍ය කරන කොල්ලෝ ටිකට වැඩමුළු ටිකක් තිබුනා.ටිකක් කිව්වට ගණිතමය වශයෙන් 2යි.එකක් තිබ්බේ අපේ ඉස්කෝලෙට උඩ ඉස්කෝලේ.ඒකට මම ගියේ නෑ.
අනිත් එක තිබ්බේ අඹකොලේ ඉස්කෝලේ.ඒකට ගියා.ඒක තිබුනේ දෙසැම්බර් මාසේ 02 වෙනිද්ද කොහෙද.උදේ ඉඳන් වහිනවා.අපේ අයත් විභාගෙට ඇඩ්මිසන් හම්බෙච්ච නිසා කම්මැලිකමේ තමයි ගෑටුවේ.කොහොම හරි චාටර් කාලා සර්වත් හොයාගෙන අර ඉහත දෙවනුව කී ඉස්කෝලේට යන්න බස් එකකට නැග්ගා.
"මචන්,ආතල් එකටත් එක්ක කොන්දා සල්ලි ඉල්ලුවහම සර් දේවි කියමු."
ඔන්න අපේ කොල්ලොන්ගේ ආතල් එක.
කිව්වත් වගේ අපිත් කොලා.(අපි නැග්ගේ බස් එකේ පිටිපස්සෙන්.සර් නැග්ගේ ඉස්සරහින්.)
කොන්දත් ගිහිල්ලා සර්ගෙන් සල්ලි ඉල්ලපි.
"
ළමයි, සල්ලි දීලා යන්න
."
අපට දැන් ඉස්සරහින් ඇහෙනවා.කොහොමින් හරි මාර දුරකතරක් ගෙවාගෙන අන්තිමට සල්ලිත් නොදී ආවා.ගුටිත් නොකා.
හික්z.