web 2.0

Saturday, April 17, 2010

Chinese ෆෝන් කතා වස්තුව


ෆෝන් ෆෝන්...කොල්ලො අපට දැන් නැතුවම බැරි දෙයක්නේ.සින්දුවක් අහන්න,මලක් කඩන්න එහෙම දැන් අපට වටිනම භාණ්ඩෙනේ.

කොහොමින් හරි මමනම් මේ වෙනකොට ෆෝන් 5 ක්(Philips D2,Motorola C168,Nokia 6600,Motorola V3,Sony Ericsson W200i පාවිච්චි කරලා තියෙනවා කියමුකෝ.කොහොමින් හරි මේ ළඟදි මම පාවිච්චි කරන පෝං එක ලෙඩ උනා.(මේ දවස් වල යාලුවෙක්ගේ චයිනීස් එකකට වහ වැටිල හිටියෙ.ඒ වුනාට චයිනීස් පෝං වලට වැඩිපුරම බැන්නෙත් මම.)

අවුරුදු කාලෙ නිසා මගේ අතෙත් පොඩි ගානක් සැට් වෙලා තිබුනේ.පෝං එකත් ලෙඩ වෙච්ච එකේ,චයිනීස් එකකට හිත (කෑල්ලකට නොවේ!)ගිහින් තිබුන එකේ පරණ එක ලෙඩ වුනෙත් හරියටම අවුරුද්ද දවසේ උදේ.

කොහොමින් හරි එකතු කරගනිපු රු.6000 කුත් අරගෙන කොල්ල බැස්ස එළියට පෝං හොයන්න.(මම කළින් Chinese පෝං එකක් බලල තිබුනෙ.)බැලින්නම් කඩේ වහල.ඉවසා වදාරගෙන හිටය ඊට පස්සෙන්දා වෙනකම්.

පස්සෙන්දා දවසේ උදේ 10.30 ට විතර ගියා කඩේට.ගිහින් අර බලපු Chinese පෝං එකක් ගත්ත කියමුකෝ.(අඳුරන කඩේකින් ගත්තේ.)ගෙදර ඇවිලා ටික වෙලාවකින් Touch නෑ.පොඩ්ඩක් අවුස්සල බැලුව Lock  කරගෙනද කියලා.එහෙමමත් නෑ.ඒ මදිවට Warranty ත් නෑ.

කමක් නෑ කියල ගෙනිච්ච.කඩේ අංකලුත් බැලුව.බලල කිව්වා"මේවට Warranty නැතිවුනත් ඔයාටනම් වෙන Phone එකක් නොදී බෑ" කියලා වෙන Phone එකක් දුන්නා.(ඒ Model එකෙන්ම.)ඒකේ Touch හරි.මමත් ඉතින් ගෙනාව.ගෙනල්ලා Call එකක් ගන්න බලද්දී Dial කලාට පස්සේ Network Reset වෙනවා.Calls ගන්න බෑ.SMS(වටිනම දේ.) නම් වැඩ.මොනව කරන්නද?ගෙනියන්නත් මොකක්ද වගේ.


මම ගෙනිච්ච ඕන දෙයක් කියල.(දැන්නම් Chinese පෝං එපාවටම එපා වෙලා.)ගිහින් ඇහුව "මේක වෙනුවට Nokia හරි Sony Ericsson හරි ගන්න පුලුවන්ද?" කියල."මාරු කරල දෙන්නම්" කිව්ව.පස්සේ MPx Camera,Memory Chip,GPRS,MMS තියෙන පෝං එකක් ගන්න ගිහිපු එකා ගත්තේ GPRS,Memory Chip,Camera මුකුත් නැති NOKIA 1209 එකක්.

ආයිනම් Chinese පෝං දිහා ඇහැක් ඇරලා බලන්නේ නෑ.

පස්සෙන් එන්න