රෝස මලින් ලස්සන වුනු
පොද බිඳු ඇති තණ බිස්සක
වාඩි වෙලා නිසොල්මංව
ආසයි මං බලං ඉන්න
කොළ ගැන්වුණු කඳු යායක
කඩා හැලෙන දිය ඇල්ලක
වලාකුලින් පිරුනු අහස
ආසයි මං බලං ඉන්න
කුරුලු හඬින් දෙකන් පිරෙන
හිරු එළියෙන් පණ නළ දෙන
සීත සුළඟ කතා කරන
හැම උදේම...
ආසයි මං බලං ඉන්න
මුතු කුඩයක් යටට වෙලා
කම්මුල් පෙති රෝස වෙලා
සිනහ පොදින් මුව සරසා
දාංගලෙන් ගුලි වෙනකම්
ආසයි මං බලං ඉන්න.....
෴

1 comment:
පද ටික සරළයි...ලස්සනයි
Post a Comment